කාලය අරගෙන කෑම එකක් ලස්සනට arrange කරගන්න. ඒකෙ තියෙන වර්ණ වර්ණ රටා, හැඩ තල, රේඛා ගැන හොදට හිතල බලල සකසා ගැනීම කල යුතු වෙනවා. කාලය තිබෙනවා නම් හා කෑම ටික හොඳ නම් තව අමතර සැකසුම් උනත් නොකර ඉන්න එපා.
සරළ ආහාරයන් සැකසුම් කරන්න. යම් අර්ථයක්, සම්බන්ධයක් එන විදිහට ඒවා සකසා ගන්න. බලන්නකො පහත ඡායාරූපය. හිතන්න ඔබේ සැකැස්මට පණ තිබෙනවා කියල.
ඉක්මනින්ම ඡායාරූපය ගන්න. මොකද කෑම කියන ඒව නරක් වෙනවනෙ. එහෙම ඉක්මනටම නරක් වෙන කෑමක් නම් සෙට් දෙකක් තියාගන්න. එකක් හරියකට සකසාගෙන ආලෝකයන් හරි හැටි සකසා ගන්න භාවිතා කරල,ඒ සැකසුම් වලට අනුව දෙවන්න ඉක්මනින්ම සකසල ඡායාරූපය ගන්න.
ආහාරයට ඉතාම ලන් වෙලා පිඟානෙ මට්ටමෙන් හරි ඊට ඉහළින් හරි ඡායාරූපය ගන්න. එක ක්‍රමයක් තමයි මැක්‍රො ආකාරයට ඡායාරූපය ලබා ගැනීම, පිඟානෙ එක කොටසකට පමණක් නාභි ගත කරල, අනෙකුත් සියල්ලම බොඳව යන ලෙස ඡායාරූපය ලබා ගැනීම. ඔබට මැක්‍රො ලෙන්ස් එකක් නැතිනම් කැමරාවෙ macro/closeup සැකැස්ම තිබෙනවා නම් ඒක භාවිතා කරන්න.
කෑමක් ලස්සනට කන්න ආස හිතෙන විදිහට ඡායාරූපයට නගනකොට විවිධ උපක්‍රම යොදා ගන්නවා, ඒක ආකර්ශනීය කරන්න. උදා: ආහාරය්ට දිලිසෙන පෙනුමක් ලබා දෙන්න ඒ මතුපිට තෙල් තැවරීම, ජල බෝතල් වලට සිසිල් පෙනුමක් ලබා දීමට ඒ මත ජලය ස්ප්‍රේ කිරිම.