කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් – 2 .3 – Metering Modes

එක එක කැමරා වල එක එක විදිහෙ Metering Modes තියෙනව.  

මොකද්ද මේ Metering Modes?
මේකෙදි කරන්නෙ, ඡායාරූපයට අසුවන ප්‍රදේශයෙන් කොටසක් තෝරාගෙන එම ප්‍රදේශයේ ආලෝක තත්වයට අනුව අනාවරණ මට්ටම (Exposure Level) තේරීමයි. මේය ප්‍රධාන ආකාර 2කට හෝ 4කට බෙදනු ලබනවා.




Matrix, multi-segment, multi-zone, or evaluative metering
මේකෙදි සම්පූර්ණ ඡායාරූපයම සළකල තමයි කැමරාව, අවශ්‍ය නිරාවරණය තෝරන්නෙ. පසුබිමේ ආලොඅක තත්වය, වස්තූන්ගෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය වගේ සියළු දේවල්ම මෙහිදී කැමරාව සළකනවා.
Spot, or partial, metering
මේකෙදි කැමරාව මුළු ඡායාරූපයේම මැද ප්‍රදේශයේ 9 – 10% වගේ ප්‍රමාණයක් සළකල, එම ස්ථානයේ ඇති ආලෝක තත්වයන්ට අනුව නිරාවරණ මට්ටම තෝරා ගන්නව. මේක, වස්තුවට වඩා පසුබිම ආලෝකමත් අවස්ථා වලට හුඟාක්ම උචිතයි.
Center-weighted metering
රාමුවේ මැද ප්‍රදේශයේ ඇති ආලෝක තත්වය ගැන වඩිපුර හිතල, වටේ ගැනත් ටිකක් හිතන mode එකක් මේක. මැද සිට ඉවතට යන විට රාමුව තුළ ඇති ආලෝක මට්ටම් වල සාමාන්‍යය සළකල සම්පූර්ණ රාමුවට ගැළපෙන විදිහට නිරාවරණ මට්ටම් තෝරනව. 
සංකීර්ණ ආලෝක තත්ව ඇති දසුනකට මේක හොඳින්ම ගැළපෙනව.

4 Comments

  1. මචං පොඩි යෝජනාවක් තියෙනවා. උඹට පුලුවන්නම් මේක PDF කරපන්කො දවසක. බ්ලොග් එකේ තියෙන විස්තර හුඟක් ආධුනිකයන්ට වැදගත්.

    තේජාන්

  2. අදහස හොඳයි. බලමු. අන්තිමට එහෙම කරල පොතක් හදල කොහෙට හරි අප්ලෝඩ් කරන්න බැරියෑ නේද.

  3. මාධව මල්ලි බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවට..!

  4. බොහොම වැදගත් ලිපියක්,මම ඉස්සර හැමවෙලේම Spot metering දාගෙන ඡායාරූප ගන්නෙ 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *