ඔබගේ ගැටළු වලට විසඳුම් හොයන්න

මුලින් අදහසක් තිබුන ඡායාරූපකරණය සම්බන්ධව ෆෝරම් එකක් හෝ ගූගල් සමූහයක් ඇති කරන්න. නමුත් ඒවා අමතක කරල දැන් මුහුණු පොත තුළ සමූහයක් ඇති වෙලා තිබෙනවා “Photography ඉගෙනගනිමු” කියල. ඡායාරූපකරණය සම්බන්ධ ප්‍රශ්න අහන්න ඒ ගැටළු වලට පිළිතුරු හොයන්න, සාකච්ඡා කරන්න තමයි මේක හදල තිබෙන්නෙ.  මෙම සමූහය ඇති කිරීමේ ගෞරවය හිමි වන්නේ, Amal Prasad Samaraweera මිත්‍රයාට.

ඡායාරූපකරණය ගැන න්‍යායාත්මක දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තමයි මූලිකව මෙහි සිදු කෙරෙන්නේ.

ඉතින් ආධුනික ඔබට ආරාධනා කරනවා Photography ඉගෙන ගනිමු සමූහයට එක්ක එකතු වෙන්න කියල, ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබා ගන්න. ඒත් එක්කම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ටත් ආරාධනා කරනවා ඔබගේ සහය මේ ආධුනිකයින්ටත් ලබාදෙන්න අපිත් එක්ක එකතු වන ලෙස.

මීට අමතරව තවත් සමූහ ඇති වෙලා තිබෙනවා, ඒවාටත් ගිහිල්ල බලන්න ආරාධනා කරනවා.

PHOTO-TALK [සේයා-රූ කතා බහ] (ඔබගේ ඡායාරූප මෙහි පල කරල අදහස් විමසන්නට පුළුවන්)

NATURE EYE (Photography society) (මෙය කෙලින්ම ඔන්ලයින් සමාජයක්. පරිසරය සම්බන්ධ ඡායාරූප මෙහි පල කරන්නට ඔබට පුළුවන්.)

CAMERA DOCTOR (කැමරා සම්බන්ධ ගැටළු මෙහි විමසන්නට පුළුවන්. eg: Hardware related)

WEDDING PHOTO TALK ( අඩුපාඩු කථා කරමු ) (විවාහ ඡායාරූපකරණයට අදාල ගැටළු මෙහි විමසන්නට පුළුවන්.)

PHOTOSHOP ෂොටෝෂොප් කරමු (Photoshop සම්බන්ධ ගැටළු මෙහි විමසන්නට පුළුවන්)

සැ. යු. මෙම ලිපිය වෙළඳ දැන්වීමක් නොවේ. 

3 thoughts on “ඔබගේ ගැටළු වලට විසඳුම් හොයන්න

  • September 16, 2012 at 1:50 pm
    Permalink

    photo – talk walata photo danne kohomada

    Reply
    • September 16, 2012 at 1:53 pm
      Permalink

      ඉතා පහසුයි. ගෲප් එකේ වෝල් එකට ගිහිල්ල Add Photo/Video කියන ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සෙ Browse බොත්තම ක්ලික් කරල ඕනෙ කරන ෆොටෝ එක සිලෙක්ට් කරල අප්ලෝඩ් කරන්න.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *