අඩවි සහය

නිතර ඇසෙන ප්‍රශ්න

අඩවි‍යේ සාමාජිකත්වය ලබාගන්නේ කෙසේද?

අඩවියේ දකුණු පස පැති තීරුවේ ඇති Register පැනලය හරහා ඔබට මෙම අඩවියේ සාමාජිකත්වය ලබාගත හැකිය. ඒ සඳහා ඔබගේ මුහුණු පොතේ ගිණුම භාවිතා කිරීමද සිදුකළ හැකිය. අඩවියේ සාමාජිකත්වය ලබාගැනීම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවන්නකි.

Profile Image එක වෙනස් කරන්නෙ කෙසේද?

ඒ සඳහා ඔබ www.gravatar.com අඩවිය වෙත ගොස්, ඔබ මෙහි ලියාපදිංචි වූ ඊ මේල් ලිපිනයෙන් එහිද ලියාපදිංචිව එහි වෙනස්කම් සිදු කරන්න. (මෙම Gravatar ඉමේජය, සියළුම වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලදීද ස්වයංක්‍රීයව හඳුනා ගනු ලැබේ. gravatar.com අඩවියෙන් ඔබට කිසිවිටෙක ඊමේල් එවනු නොලැබේ. එය, මෙම ප්‍රොෆයිල් ඉමේජය සෑදීම පමණක් ඉන් සිදු කරයි.)

අඩවිය තුළ ලිපි ලියන්නේ කෙසේද?

ඔබ අඩවිය තුළ ඡායාරූපකරණය සම්බන්ධ ලිපි ලියන්නට කැමතිද? එසේ නම් මෙම පිටුවෙන් ඒ පිළිබඳ විස්තරත්, මේ පිටුවෙන් ලිපි ලියනාකාරයත් දැනගත හැකිය.

අඩවියේ සමහර කොටස් වලට ඇතුළුවිය නොහැක්කේ ඇයි?

අඩවිය තුළ ඇති යම් යම් කොටස් වලට ඇතුළු වීමට හැක්කේ සාමාජිකයින්ට පමණකි. සාමාජිකත්වය ගැනීමෙන් පසු ඔබට එම කොටස් වලට ඇතුළු වීමේ හැකියාව ලැබේ.

PhotographyLK මගින් එවනු ලබන ඊ ලිපි මට නොලැබෙන්නේ ඇයි?

බොහෝවිට එම ලිපි ඔබගේ ස්පෑම් ෆෝල්ඩරයට තල්ලු වී ඇතුවාට නිසැකයි. කරුණාකර ස්පෑම් ෆෝල්ඩරය පරික්ෂා කරන්න. ඉන්පසු [email protected], [email protected] [email protected] යන ඊ මේල් ලිපින, ඔබගේ ඊ ල්ඉපින ලැයිස්තුවට එකතු කරන්න.

අඩවියේ ඊ-පුවත්ලිපිය මට නොලැබෙන්නේ ඇයි?

අඩවියේ ඊ-පුවත්ලිපියට එකතු වීමට සාමාජිකත්වය අනිවාර්ය නොවේ. අඩවියේ මුල් පිටුවේ දකුණුපස ඇති Subscribe for the Newsletter ස්ථානයේ ඔබගේ ඊ-මේල් ලිපිනය ඇතුළු කර, ඔබට ලැබෙන ස්ථිර කිරීමේ ලිපියේ ඇති සබැඳියට යාම ප්‍රමාණවත්ය. අඩවියේ සාමාජිකයින් ස්වයංක්‍රීයවම අඩවි ඊ-පුවත්ලිපියට Subscribe කරනු ලැබෙන අතර, සාමාජිකත්වය තහවුරු කිරීමෙන් පසුව පුවත්ලිපිය ඔබ වෙත ලැබීම ඇරඹෙනු ඇත.
යම් අවස්ථා වල අඩවි පුවත්ලිපිය ඔබගේ Spam එකතුවට එක් විය හැකි නිසා, Spam ෆෝල්ඩරයද පරික්ෂා කරන්න. [email protected] ලිපිනය ඔබගේ ඊ-මේල් ගිණුමේ Contacts වලට එකතු කරන්න.

අඩවියේ ඇති විඩියෝ භාගත කරගනේ කෙසේද?

මෙම අඩවිය තුළ ආකාර කිහිපයකට ලබාදෙන විඩියෝ පට ඇත. සෘජු සබැඳි මගින්, File sharing අඩවි වලට උඩුගත කරන ලද ඒවායේ සබැඳි හා youtube මත පළ කරන ලද විඩියෝ දර්ශන. Youtube විඩියෝ භාගත කරනාකාරය දැනගැනීමට මෙම සබැඳියට පිවිසෙන්න.

අඩවියේ දැන්වීම් පළ කරන්නේ කෙසේද?

මේ පිළිබඳ සියළුම විස්තර දැනගැනීමට මෙම සබැඳියට පිවිසෙන්න.

දැන්වීම් වල මිල ගණන් කෙසේද?

ඉහත සබැඳිය හරහා ගොස් දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් ඉල්ලුම් කිරීමෙන් පසුව දැන්වීම් පිළිබඳ මිල ගණන් ඔබ වෙත ලැබෙනු ඇත.

අඩවියේ ව්‍යාපාර නාමාවලියට මාගේ ව්‍යාපාරය ඇතුළු කරන්නේ කෙසේද? 

මෙම සබැඳිය හරහා ගොස් ලැබෙන පෝරමය පුරවා එවීමෙන් පසුව ඉදිරි පියවර සඳහා ඔබව යොමු කෙරෙනු ඇත. මේ සඳහා ඔබ අඩවිය තුළ ලියාපදිංචිව සිටිය යුතුය.

අඩවියේ ලුහුඬු දැන්වීම් පළ කරන්නේ කෙසේද?

ලුහුඬු දැන්වීම් පිටුවට ගොස් Add Ad හරහා ඔබගේ දැන්වීම් එකතු කළ හැකිය. දැන්වීම් එක් කිරීමට ඔබ අඩවිය තුළ ලියාපදිංචි වී සිටිය යුතුය. දැන්වීම පළ කිරීමෙන් පසුව ඇඩ්මින්වරයෙකු එය පරික්ෂා කර, අඩවි නීති රීති වලට හා අවශ්‍යතා සපුරන්නේ නම් දැන්වීම පළ කෙරෙනු ඇත. මසක කාලයකදී ස්වයංක්‍රීයවම දැන්වීම ඉවත් වනු ඇත.

වෙනත් ගැටළු ඇත්නම් කරුණාකර Contact Us පිටුවේ ඇති පෝරමය පුරවා අප වෙත එවන්න.