වන ජීවී ඡායාරූපකරණය

වන ජීවී ඡායාරූපකරණයට පෙර සූදානම් වන්නේ කෙසේද….

වන ජීවී  ඡායාරූපකරණය හුදෙක් සල්ලිකාරයන්ගේ විනෝදාංශයක්ව පැවති වකවානුවක් තිබුනි. ඩිජිටල් තාක්ෂණය බිහිවීමට කලින් ස්ලයිඩ් හෝ ෆිල්ම් භාවිතයෙන් කරනු ලැබූ ඡායාරූපකරණය අතිශය මිල වැය වන විනෝදාංශයක් විය.  කාලයත් සමඟ ඩිජිටල් තාක්ෂණය මෙලොවට බිහිවීමත් සමග මේ තත්වය කෙමෙන් වෙනස් වී බොහෝ දෙනා ඡායාරූපකරණයට අවතීර්ණ වීමට පටන් ගෙන ඇත්තේ එදා තරම් මුදලක් අද වැය කල යුතු නැති නිසාමය.  එහෙත් කණගාටුවට කාරණය නම් දැන් හතු පිපෙන්නාක් මෙන් ඡායාරූපශිල්පීන් යැයි කියන කැමරා කාරයින් බිහිවීමයි.  දන්න ඉලවුවක් නැති වුනත් ෆොටෝ ගැසිය හැකි නිසා ඔවුන් පොරවල් යයි සිතාගෙන සිටී.  එහෙත් ඒ සියල්ලම කරන්නේ කැමරාවය. බොත්තම ඔබනවාට වඩා යමක් බොහෝ දෙනා දන්නේ නැත.  මාසයක් දෙකක් ෆොටෝ ගැසුවාට පසු ඔවුන් මහා ආචාර්ය වරුන් සේය.  ඡායාරූපශිල්පියේ හිනි පෙත්තටම ආ සහ, ඡායාරූපකරණය නගා සිටුවීමට දර දිය ඇදපු අයට වඩා දෙයක් කල සේ කතාවය.  මේ සියල්ල අතර අවංකවම ඡායාරූපශිල්පය හැදෑරීමේ ආසාවෙන් පෙලෙන පිරිසක්ද වේ.  මේ භූමිකාව ඒ අවංක උන් උදෙසාය.

වන ජීවී ඡායාරූපකරණය අන් ඡායාරූපකරණයන්ට වඩා වෙහෙස මහන්සි වී කළ යුතු වූවකි.  එයට පෙර සූදානමක් සහ මනා හික්මීමක් තිබිය යුතුය.  පරිසරය හා පාරිසරික වෙනස්කම් ගැන මනා වැටහීමක් ලබා ගත යුතුය.  වන ජීවීන් හා උන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කළ යුතුය.  විවිධ පාරිසරික තත්ව යටතේ ඊට ආවේණික ලෙස වන ජීවීන් හැසිරෙති. උන්ගේ වාස භූමි ඒ අනුව තෝරා ගනිති.  යාල වනෝද්‍යානයේ  සිටින තරමක් දිවියන් අපිට සිංහරාජයෙන් වාර්තා නොවේ.  දිවියන් ඡායාරූපයට නැගීමට නම් යා යුතු වඩාත්ම සුදුසු තැන වන්නේ යාලය.  ලංකාවේ විශාලම වනෝද්‍යානය විල්පත්තුය. එහෙත් පසුගිය කාලයේ පැවති දරුණු යුද්ධයත් සමග මෙහි සිටි බොහෝ වන ජීවීන් විල්පත්තුව මග හැර සිටියේය. මේ හේතුව නිසා විල්පත්තුවට වඩා යාල දිවි ගහනය වැඩිය. සංඛ්‍යා ලේඛන අනුව යාල එක් වර්ග කිලෝමීටරයකට එක දිවියෙක් දැක ගත හැකිය. මේ ආකාරයට විවිධ වන සතුන්ට විශේෂ වූ වාස භූමි උන් තමන්ගේ නිජබිම් කරගෙන වාසය කරයි.  අලින්ගේ ඡායාරූප ගැනීමට යාල යාමට වඩා උඩවළවට යාම වටී. ඊට හේතුව යාලට වඩා අලි ගහනය උඩවලව වනෝද්‍යානයේ වැඩිවීමයි.  මින්නේරියද අලින්ගේ එකතු වීම් වලට ප්‍රසිද්ධය.  මීට පාරිසරික හේතු බලපායි.  අගෝස්තු හා සැප්තැම්බර් යන මාස වල කුඩා වැව් වල ජලය හිඳී යන අතර බොහෝවිට වතුර ඉතුරු වන්නේ මින්නේරිය ජලාශය පමණි. මේ හේතුවෙන් අනෙක් වනෝද්‍යාන වල වාසය කරන අලින් මින්නේරිය ජලාශය වටා එකතු වේ.  මෙකී පාරිසරික තත්ව ගැන අවබෝධයෙන් සිටීම වනජීවී ඡායාරූප ශිල්පියෙකුට ඉතා වැදගත් වේ. 

මේ ලෙසටම වන ජීවීන්ගේ හැසිරීම් රටා ගැනද යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වටී.  ඉන් ගුණාත්මක භාවයකින් හා වටිනාකමින් වැඩි ඡායාරූපයක් ගැනීමට මඟ පාදා ගත හැකිය.  බොහෝවිට පිහාටු පුම්බා ඇඟ ගස්සා කුරුල්ලෙක් හැසිරෙන්නේ වසුරු හෙලීමටය.  එමෙන්ම බොහෝ කුරුල්ලන් පියාඹා ගොස් නැවත වහන්නේ උන් නිතර වාහන අතු ඉති වලය.  Common King Fisher නැතහොත් සිංහලෙන් අපි මල් පිළිහුඩුවා ලෙස හඳුන්වන පිළිහුඩුවා බොහෝවිට පියාඹා විත් වහන්නේ උන් නිතරම වහන අතු වලය.  හිරු පායන විට රාත්‍රී ලැගුම් ගත් තැනින් එලියට එන මේ සුන්දර කුරුල්ලා ඉගිලී විත් උදේ පාන්දරම වහන්නේ ඌට හුරු පුරුදු එකම තැනය.  මෙවැනි හැසිරීම් රටා පෙර අද්‍යනය කර තිබීම ගුණාත්මක වනජීවී ඡායාරූපයක් ගැනීමට ඉතාමත් ඉවහල් වේ.

Name : Crested Serpent Eagle
Scientific Name :Spilornis cheela spilogaster
In Sinhala : සර්ප රාජාලියා

ඉහත රූපයේ දක්වා ඇත්තේ මවිසින් 2009 මයි මස 22වන දින කාර්යාලයට යන අතර තුරේදී අහම්බෙන් දැක අතුරුගිරියේ වානේ සංස්ථාව ඉදිරියේදී ඡායාරූපයට නගා ගත් සර්ප රාජාලියාය.  කැමරාව මානාගෙන විමසිල්ලෙන් බලා සිටිද්දී මේකා පිහාටු පුම්බා හරිබැරි ගැසෙන විට මම කැමරාව සූදානම් කරගෙන එක දිගට ඡායාරූප කීපයක් අරගත්තෙමි.  මෙම ඡායාරූපයේ මේකා වසුරු හෙලන ආකාරය හොඳින් සටහන් වී තිබුනි.  කලින් මේ හැසිරීම් රටාව ගැන දැනුවත් වී තිබීම මට මෙම ඡායාරූපය රූප ගතකරගැනීමට මහඟු පිටිවහලක් විය.

පරිසරය හා වනජීවින් පිලිබඳ අධ්‍යනයන්ට අමතරව තමාගේ කැමරා මෙවලම් භාවිතා කිරීම හා ඡායාරූපයක් ගැනීම ගැනද හොඳ වැටහීමක් ලබා ගතයුතුය.  ඊට අපි ඡායාරූප ශිල්ප ඥානය යැයි කියමු.  මෙම ශිල්ප ඥානය ප්‍රගුණ නොකළ කෙනෙකුට ගුණාත්මක ඡායාරූපයක් ගැනීම අපහසු විය හැක.  නවීන කැමරා වල තියෙන නූතන තාක්ෂණික හැකියාවන් සමග ඡායාරූපයක් ගන්නට හැකි වුවද සමහර අවස්ථාවලදී මෙම දනුම තිබිය යුතුම වන්නේය.  ගොම්මන් වේලාව කිට්ටුවීගෙන එන වෙලාවක ඉගිලෙන කුරුල්ලෙකුගේ ඡායාරූපයක් ගැනීම මදක් අපහසුය.  කැමරාව ස්වයංක්‍රීය කර ඡායාරූපය ගත්තද බොහෝවිට බොඳවූ ඡයාරූපයක් ප්‍රතිඵලය විය හැක.  එවැනි අවස්ථාවක අපට Manual Override එකක් ගැනීමට සිදුවේ.  ISO අගය ඉහළ දැමිය යුතුය, ෂටර් හා ඇපචර් අංකනයන් අදාල අකාරයට වෙනස් කර ගත යුතුය.  මෙසේ කිරීමට තම මෙවලම ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතුය.  එසේ නොවුනහොත් ඊට අදාල වෙනස් කම් කිරීමට මෙනුව පරීක්ෂා කරන අතර තුර කුරුල්ලා ඉගිලී ගොස් හමාර වීම නොඅනුමානය.

වනජීවී ඡායාරූප ශිල්පියෙකුට පරිසරයට අනුගත විය යුත්තේ කෙසේද කියන දේ ගැනද මනා වැටහීමත් තිබිය යුතුය.  එහිදී තමුන් ඡායාරූප අරගන්නේ කුමන පාරිසරික තත්වයන් යටතේද යන්න සිතා බැලිය යුතුය.  එම පරිසරයට අනුගත විය හැකි වර්ණයන්ගෙන් යුත් ඇඳුමක් ඇඳීම අනිවාර්ය වේ.  බොහෝවිට කොළ පාට වර්ණයන්ගෙන් යුත් ඇඳුම් ඇඳීම ඉතා යහපති.  එහෙත් ගස් කොළන් නැති දුඹුරු පැහැ පරිසර පද්ධතියක් නම් එම පරිසරයේ වර්ණයන්ට වඩාත්ම ගැළපෙන ඇඳුමක් ඇඳීම වඩා සුදුසුය.  එසේ පරිසර පැහයට සමාන ඇඳුමකින් සැරසීම මගින් සත්වයින්ට ආගන්තුකත්වයක් නොදැනීම නිසා ඡායාරූප ගැනීමට පහසුවක් ඇතිවේ.  ඊට අමතරම අවදානමක් ඇති භයානක සතෙකු නොවේනම් සත්වයාට නොදැනී ඌට බොහෝ සේ කිට්ටුවී ඡායාරූපය ගැනීමට අපිට යම් පහසුවක් ඇතිවේ.

මේ සියළු කරුණු කාරණා වලට අමතරව වනජීවී ඡායාරූප ශිල්පියා ඉවසීම ප්‍රගුණ කර තිබිය යුතුය.  ඉවසීම නැති ඡායාරූප ශිල්පියෙකුට වනජීවී ඡායාරූපකරණය කල නොහැක.  ඉවසීම ඇති කර ගැනීමට මනා හික්මීමක් හා ශික්ෂණයක් තිබිය යුතුය.  හුදෙක් මෙය භාවනාවක් වැන්න.  මෙකී භාවනාවට අනුගත වීමට මේ සියළු දෑ ප්‍රගුණ කර තිබීම වනජීවී ඡායාරූප ශිල්පියෙකුට දිගු ගමනක් යාමට මග පාදනු ඇත.

Prasad Hapuarachchi

That sneered vivaciously that thus hey porpoise uncritical gosh and much and this haughtily broadcast goodness ponderous squid darn in sheepish yet the slapped mildly and adventurously sincere less dalmatian assentingly wherever left ethereal the underneath oh lustily arduously that a groggily some vexedly broadcast sheepish. That sneered vivaciously that thus hey porpoise uncritical gosh and much and this haughtily broadcast goodness ponderous squid darn in sheepish yet the slapped mildly and adventurously sincere less dalmatian assentingly wherever left ethereal the underneath oh lustily arduously that a groggily some vexedly broadcast sheepish. That sneered vivaciously that thus hey porpoise uncritical gosh and much and this haughtily broadcast goodness ponderous squid darn in sheepish yet the slapped mildly and adventurously sincere less dalmatian assentingly wherever left ethereal the underneath oh lustily arduously that a groggily some vexedly broadcast sheepish.

15 thoughts on “වන ජීවී ඡායාරූපකරණය

  • May 16, 2012 at 8:25 am
    Permalink

    හොඳ ලිපියක්.. අවට පරිසරය ගැන විමසිලිමත් වීමත් හොද පින්තූර ගන්න පිටිවහලක් නේද?

    Reply
  • May 16, 2012 at 7:15 pm
    Permalink

    ඉතාම ලස්සනට, හරවත්ව, සිත් ඇදගන්නා විදිහට ලිපිය ලියල තියෙනව. බොහොමත්ම ස්තුතියි. මේ වගේ රසවත් හරවත් ලිපි තවත් බලාපොරොත්තු වෙනවා.

    Reply
  • May 16, 2012 at 7:45 pm
    Permalink

    බොහොම වැදගත් ලිපියක් 😀
    දිගටම ලියන්න !

    Reply
  • May 16, 2012 at 8:10 pm
    Permalink

    වටිනාකම කියල නිමකරන්න බැරි පුද්ගලයකුගේ දැනුමෙන් වටිනාකියන කොටසක්. ජයවේවා!

    Reply
  • May 17, 2012 at 1:13 pm
    Permalink

    ක්ෂේත්‍රයට පිය නගන කෙනෙකු අනිවාර්යෙන්මදැන සිටිය යුතුම කරුනු සම්පිණ්ඩනයක්…බොහෝම ස්තූතියි හැමෝටම!!

    Reply
  • May 19, 2012 at 1:09 am
    Permalink

    Prasad Hapuarachchi, mama dakapau wisheshtama puthgalayek.. thawath watina mewan lipi api balaporoththu wenawa..

    Reply
  • August 3, 2012 at 10:51 am
    Permalink

    නියමයි. හොද උපදෙස් ටිකක් . දිගටම කරගෙන යන්න ………….

    Reply
  • January 21, 2014 at 5:47 pm
    Permalink

    ඉතාමත් වටිනා ලිපියක්. ඡායාරූපකරණය මෙන්ම ලිවීමටද ඔබ දක්ෂයෙකි. වනජීවි හා මැක්රෝ ඡායාරූපකරණ පිළිබද ඔබගේ අත්දැකීම් අලලා ග්‍රන්ථයක් සම්පාදනය කරන මෙන් ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    Reply
  • June 8, 2014 at 5:28 pm
    Permalink

    බොහොම වටිනා ලිපියක්. අවාසනාවට මට මේක කියවන්න ලැබුනේ ලිපිය ලියල වසර 2 කට පසුවයි. වචනයේ පරිසමාප්ත අරුතෙන් ම මේක සිත නිවන භාවනාවක්. භාවනාව යනු ගුරු ඇඳුරන් ගෙන් ලද ශිල්පය මනාව ප්‍රගුණ කිරීමක්.

    Reply
  • June 9, 2014 at 9:56 am
    Permalink

    I really appriciate if you could write a detailed document about ISO and. Shutter speed of medern cameras and also how to use them.
    Thank u.

    Don

    Reply
  • June 9, 2014 at 10:10 am
    Permalink

    ඇත්තටම වටිනවා සර්…:)

    Reply
  • June 9, 2014 at 11:18 am
    Permalink

    නියමයි. හොද උපදෙස් ටිකක්……!

    Reply
  • August 7, 2015 at 11:10 am
    Permalink

    aththatama hoda upades godak…niyamai….mama potograpy welata asai eath danimak naha …meken yamkisi danumak gannawa ….godak sthuthi…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *