ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි

මම මීට පෙර ලිපි කිහිපයකදී ඔයාලට කියල දුන්න කලාත්මක, ඉස්තරම් ඡායාරූපයක් ගන්න හැටි, හැබැයි බොහොම කෙටියෙන්. මෙතන ඉදල ටිකක් විස්තරාත්මකව ඒ ගැන කියන්න හිතුව.
කලාත්මක ඡායාරූපයක් ගන්න, හොඳ කැමරාවක්, හොඳ පරිසරයක්, ඒ සම්බන්ධව පොඩි තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යයි. ඊට අමතරව තව දේවල් තිබෙනව.

  • වස්තූන් අවශ්‍ය පරිදි සංකලනය කරගැනීමට ඇති හැකියාව හොඳ ඡායාරූපයකට අත්‍යවශ්‍ය සාධකයක්. මේකෙ මතක තියාගන්න මහ ලොකු දේවල් නෑ, ටික ටික පුරුදු වෙන්න, කාලයක් යනකොට, ඡායාරූප ගොඩක් ගන්නකොට ඔයාටම තේරෙයි, ඔයාගෙ හැකියාව වර්ධනය වෙනව කියල.
  • දෙවැන්න, “වාසනාව”. හරි තැන හරි වෙලවට හිටියොත් ඔයාට මේ ලෝකෙ තියෙන හොඳම ඡායාරූප ගන්න පුළුවන්. 🙂

අපි ඊලඟ ලිපි වලින් මෙන්න මේව ගැන බලමු. සමහර ඒව නම් මම මීට ඉස්සෙල්ලත් කියල තියෙනව.

  • නාභි ගත කළ යුත්තේ කොහෙටද
  • Rule of Third
  • Leading Lines
  • සංයුක්තයන් වළකන හැටි
  • රාමුගත කිරීම
  • නොසිතන කෝණ වලින් ඡායාරූප ගැනීම
  • දුර පිළිබඳ අවබෝධය
  • පසුබිම පිරිසිදු කිරීම
  • සමබරත්වය
  • අසමානතාවය භාවිතය
  • ආලෝකය සොයා ගැනීම
  • ගැඹුර
  • වර්ණ හා හැඩතල

මේ දේවල් ගැන අඩු වැඩිව ඉදිරි ලිපි වලින් විස්තර කේරේවි. සමහර දේවල් ඉස්සර කියල තියෙන නිසා, වැඩි විස්තර නොලියන්නත් ඉඩ තිබෙනව. (පරණ ලිපියට සබැඳියක් දාන්නම්කො.)


මේ මට ඊ මේල් එකකින් ආපු ඡායාරූප ටිකක්, ඔයාලටත් මේක ඇවිල්ල ඇති සමහරවිට.

පොඩි ඔවදනක්,
ඡායාරූපයක කලාත්මක බව තියෙන්නෙ ඒකෙ තියෙන ලස්සන රූපයකින් විතරක් නෙමෙයි, ඒකෙන් කියවෙන කතාවත් ඉතාම වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *