ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද? – 2 කොටස

පසුගිය ලිපියට >>

Digital ද, Film ද?


“තාම ෆිල්ම් කැමරා හදනවද????………………….. “

අපෝයි ඔව්. ඒක නම් තව වසර ගණනාවකට නවතින එකක් නෑ. බොහොමයක් ලොකු ලොකු ඡායාරූප ශිල්පීන් ඉදිරියෙදිත් කළුවර කාමර වලට වෙලා ඡායාරූප නිරාවරණය කරාවි. සමහරෙක් කියාවි ඔවුන් ජීවිතයට ඩිජිටල් කැමරාවක් පාවිච්චි කරල නෑ කියල.මොකද එහෙම වෙන්න හේතුව? ෆිල්ම් කැමරාවකින් කරන්න පුළුවන් විදිහෙ දේවල් හැම එකක්ම කරන්න පුළුවන් ඩිජිටල් කැමරාවක් තාම හැදිල නෑ මම හිතන විදිහට. ෆිල්ම් කැමරාවකින් ගන්න ඡායරූපයක තිබෙන තත්වය (Quality) දැන් තිබෙන කිසිම ඩිජිටල් කැමරාවකින් ගන්න බෑ.ඉතින් මම ඔබට කියන්නෙ නෑ ෆිල්ම් කැමරාවක් ගන්න කියල. නමුත් එහි තිබෙන හොඳ ගැනයි කියන්න ඕනෙ කළේ.

මොකද්ද Brand එක?

ඔන්න, හැමෝටම තිබෙන ලොකුම ප්‍රශ්නය………………………

හැබැයි මේකට කිසිම කෙනෙක්ගෙන් හරි උත්තරයක් කියල එකක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවොත් ඔවුන් අනිවාර්යයෙන්ම කියන්නෙ තමුන් භාවිතා කරන කැමරාවෙ වර්ගය. (ඒකෙ අවුලක් නැත්තම්). අවුලක් තිබ්බත් සමහරු ඒක ගැන හිතන්නෙ නෑ. සමාව දෙනවා. තමුන් වැරදි තේරීමක් කළේ කියල සමහරෙක් පිළිගන්නෙ නෑ. සමහරෙක් මගෙන් අහල තිබෙනව මොකද්ද හොඳ brand එක කියල. මම ඉතින් කියල තිබෙනව කැමරා වල තිබෙන එක එක හැකියාවන් අනුව බැලුවම මෙන්න මේ පැත්තෙන් මේක හොඳයි වශයෙන්. නමුත් කිසිම වෙලාවක කියන්න බෑ අපිට, සමස්ථයක් වශයෙන් බැලුවම කොයිකද හොඳ කියල.දැන් වෙළඳපළේ තිබෙන brands බැලුවම, Japanese – Canon, Nikon, Olympus, Pentax, Minolta සහ German – Contax, Leica කියන සමාගම් හොඳම ෆිල්ම්/ඩිජිටල් කැමරා හදනවා කියල කියන්න පුළුවන්. Sony කැමරාත් ඉතා හොඳයි කියන්න පුළුවන්. Samsung ඩිජිටල් කැමරාත් දැන් වේගයෙන් Compact Digital Camera වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා.

පික්සල් කීයද?

දැන් ඩිජිටල් කැමරාවක් ගත්තම මෙගා පික්සල් 10, 15 ඡායාරූප ගන්න පුළුවන් ඒව තියෙන්නෙ. ඉස්සර නම් ඩිජිටල් කැමරාවක හැකියාව බලන්නෙ පික්සල් කීයද කියල. දැන් නම් වෙන වෙන දේවලුත් බලන්න වෙනවනෙ. ඇත්තටම බැලුවොත් ඡායාරූපයක පික්සල් ගණන සළකන්න වෙන්නෙ ඔබ ගන්නා ඡායාරූපය කොපමණ විශාලත්වයකට මුද්‍රණය කරන්න ඕනෙද කියන එක මතයි.

ඔබ ගන්නා ඡායාරූප මුද්‍රණය කරන්නෙ පෝස්ට් කාඩ්, නැතිනම් A5 ප්‍රමාණයේ නම් 6 MP හොඳටම ප්‍රමාණවත්. A4 එකකට උනත් ඒක ප්‍රමාණවත් කියල කියන්න පුළුවන්.

යම් ප්‍රමාණයක පික්සල් ගණනක් අවශ්‍ය උනත්, ඡායාරූපයක තත්වය රඳාපවතින්නෙ, කැමරාවේ කාච මත හා Image Sensor + Processor එකේ හැකියාව මතයි. ඉතින් ලොකු ලොකු මෙගා පික්සල් ගණං වලට යද්දි මේක ගැනත් හිතන්න.ගොඩාක් ඉහළ මෙගා පික්සල් ගණනක් තිබෙනව කියන්නෙ ඒකෙ Image Sensor එක තව තවත් සංකීර්ණ වෙනවා හා ඒත් එක්කම මිලත් ඉහළ යනවා. හැබැයි දැන් නම් විශාල  මෙගා පික්සල් ගණං වල කැමරාත් අඩු මිලට තිබෙනවා. මේවායේ තත්වය ගැන නම් අපිට ස්ථිරව කියන්න බෑ.  මට නම් හිතෙන විදිහට 8 – 10 MP කැමරාවක් බොහොමයක් වැඩ වලට ඉහටත් උඩින් ප්‍රමාණවත්. (Professional Photography වල සමහරක් පැති වලට  ඇරුනම.) DSLR එකක් නම් හොඳ ලෙන්ස් කිට් එකක් එක්ක මේ ප්‍රමාණයේ මෙගාපික්සල් ප්‍රමාණයකින් හොඳින් වැඩ කටයුතු කරගන්න පුළුවන්.

(ඉහළම quality එක ඕනෙ නම්, ගන්න 35mm ෆිල්ම් කැමරා එකක්. 🙂 )

අවසන් නිගමනය

ඩිජිටල්ද ? ෆිල්ම් ද?

දැන් ඉතින් බොහොමයක් දෙනා ෆිල්ම් කැමරා ගන්නෙ නෑ, ඒ නිසා කෙලින්ම ඩිජිටල්.

ඡායාරූප ගන්නෙ මොකටද?

රැකියාව වශයෙන් – DSLR එකකට යන්න. ෆිල්ම් කැමරාවත් ඉතාම හොඳයි. (නමුත් දැන් ෆිල්ම් කැමරා උනත් වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරනව අඩුයි.)

විනෝදාංශයට, ලොකු ආසාවක් තියෙනව ඡායාරූපකරණය පැත්තෙන් දෙයක් ඉගෙන ගන්න – Prosumer එකකට යන්න. වැඩි දෙයක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්` ගන්න. 

එහෙ මෙහෙ යන ගමන්, නිකං ඉන්න ගමන්, විනෝදාංශයට – Compact Digital එකක් ගන්න. (Ultra Compact Digital)

SLR ද Compact ද?

උඩ එකත් එක්කම හිතන්න.

කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු  වෙනවාද?

මොකුත්ම නෑ, ඔනෙ වෙලාවක ෆොටෝ එකක් ගන්නයි ඕනෙ – Ultra Compact Digital එකක් ගන්න.

ටිකක් ඉගෙන ගන්න ඕනෙ. ඒත් ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ. – Ultra Compact Digital එකක් ගන්න, ටිකක් ඉස්සරහට යන්න ආස නම් Prosumer එකකුත් නරක නෑ.

ඉගෙනගන්න ඕනෙ, නමුත් සල්ලි හොයන්න නෙමෙයි – Prosumer එකක් ගන්න. සංකීරණ දේවල් ටිකක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්.

මොනව හරි කරල සල්ලි හොයන්න ඕනෙ, ඡායාරූපකරණය රැකියාවක් කරගන්න ඕනෙ – DSLR එකකට යන්න.

Mega Pixel කීයද?

ප්‍රින්ට් කරන්න ඉන්න විශාලත්වය කොහොමද?

A5-A4 = 6 – 8MP හොඳටම ඇති.

A3 = 10MP වගේ.

ලොකු පෝස්ටර් ගහන්න = 14MP හෝ ඉහළ

අන්තිමට, Brand එක මොකද්ද?

මේකට නම් උත්තරයක් දෙන්න ගිහිල්ල වලි දාගන්න බෑ. මම නම් කැනොන්. පෞද්ගලිකව Canon, Nikon, Sony Compact Digital වලට මම කැමතියි, Pentax, Olympus, Canon, Nikon DSLR වලට කැමතියි. මේක කිව්වෙ ඔබට තෝරාගන්න නෙමෙයි. මේ තමයි මගේ කැමැත්ත.

ඔබේ කැමැත්ත ගැන හිතල  බලන්න. හැම එකකම හොඳ නරක, හැකියාවන් ගැන හොයල බලන්න.

මේ ලිපියේ තිබෙන්නේ මගේ අදහස, ඔබගේ අදහස හා ඔබ මේ ප්‍රශ්න විවරණය කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන්. ඒක ඔබගේ තීරණය, ඔබගේ දර්ශනය.

12 thoughts on “ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද? – 2 කොටස

  • May 29, 2012 at 10:50 pm
    Permalink

    Good explanation. But few essential things are missing.
    What are the entry level cams,view finder,what’s the different between compact cams and entry level cams.How to compare chamaras..( eg: use Cnet.com )

    Check this link to know about what are the entry level,professional… Canon cams:http://en.wikipedia.org/wiki/Template:Canon_DSLR_cameras.

    You are doing a great job buddy.. Jaya wewa!

    Reply
    • May 29, 2012 at 10:57 pm
      Permalink

      ස්තුතියි අදහස් හා උපදෙස් වලට. ඔබ කිව් හැම දෙයක්ම සැළකිල්ලට ගන්නම්.

      Reply
  • May 30, 2012 at 2:28 pm
    Permalink

    ලිපිය හොදයි කැමරා කිහිපයක් උදාහර්ණ අරගෙන සන්සන්දනයක යෙදුණොත් මම කැමතියී

    Reply
  • June 1, 2012 at 6:51 pm
    Permalink

    මට තෙරුම් ගන්න බැරි එක තමයි ගන්න ඔනි කැමරා එකේ කාචරේ ප්‍රමාණය. ඒ කියන්නේ අර 30mm-125mm වගෙ සදහන් වෙන්නේ.
    DSLR කැමරාවක් ගන්න කොට එකේ අවශ්‍ය කාචයේ ප්‍රමාණය තිරණය කරනෙනි කොහොමද?

    Reply
    • June 25, 2014 at 12:39 pm
      Permalink

      Eka randapawathinne oyage purpose ekath ekka.. Oya wildlife photography karanna Nam cam eka ganne, oya select karaganna one focal length eka wedi, e kiwwe 70-250, 400,600.. E wage ewa.. Eth ithin ehema special purpose ekak naththam, normal widiyata ND wildlife dekama karanna wage hithan innawanam.. Man hithanawa oyata 18-135mm wage lens ekak sudusui kiyala.. (18-135 lens is for crop sensor cameras[aps-c].. So u can select a lens according to ur camera ND purpose)

      Reply
  • June 21, 2012 at 1:53 pm
    Permalink

    niyamai….godak vatinava…best of luck

    Reply
  • August 16, 2013 at 6:34 pm
    Permalink

    Niyamai. CAMERA price gena thava akak liyanna.

    Reply
  • January 31, 2014 at 8:08 am
    Permalink

    monawada me entry level DSLR kiyanne……????

    Reply
    • February 23, 2014 at 1:43 pm
      Permalink

      ඒ කියන්නෙ functions සහ හැකියාවන් අඩු DSLR වලට.

      Reply
  • November 27, 2014 at 1:18 pm
    Permalink

    aththatama math godak asai me field ekata.mta camera ekak na thama.eth ganna hithan innawa nikon d3100.mata zooming lens ekak ganna uwamanawakuth thiyenawa.godak ihala mattame ewa newei.job ekak widihata newei vinodanshayk wage thamai karanne mama.mona wage lens ekak da honda kiyala denaganna one.www.photographylk igena ganna godak dewal thiyenawa.api wage adunikayanta loku athwelak meka.thank you very much. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *