ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද? – 1 කොටස

ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක්.


ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තිබෙනව. තමුන්ට ඕනෙ මොන වගේ කැමරාවකද? මොන මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල? ප්‍රශ්න ගොඩායි. තීරණේ කරගන්න බෑ, මම ගන්න ඕනෙ DSLR එකක්ද, Compact Digital Camera එකක්ද, Pocket Camera එකක්ද, නැත්තම් Film Camera එකක්ද කියල. ඉතින් මොකද කරන්නෙ? ගොඩාක් Trade names තියෙනවා, ගොඩාක් Models තියෙනවා, එක එක මිල ගණං වලට තිබෙනවා. කොහොමද තෝරගන්නෙ???

හොඳම ක්‍රමය තමයි අවසානයෙන් පටන් ගන්න එක. මොකද්ද ඔයාට කරන්න ඕනෙ?
ම්ම්ම්ම්…… ඡායාරූප ගන්නනෙ. 🙂

ඒ උනාට මොන වගේ ඡායාරූපද??? ඔයා ඒවායින් මොකද කරන්නෙ??? ඊලඟට තියෙන ප්‍රශ්නෙ, ඔයා කෙතරම් දුරට ඡායාරූපකරණය ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවාද? ඒත් එක්කම, ඔයා කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවාද?

මේකෙ දැනට ටිකක් කියවගෙන ගිහිල්ලනෙ ඔබ ඉන්නෙ. ඒත් එක්කම මෙම අඩවියට ආවෙ ටිකක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙන නිසානෙ. ඒ කියන්නෙ එකක් හරි. ඔබට යම් තරමක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙනවා.ඊළඟට, ඔබට උවමනා වෙන්නෙ, හැම වෙලේම සාක්කුවෙ දාගෙන ඉඳල ගෙදර පොඩි උන්ගෙ ඡායාරූප ගන්නද? ඕනෙම ආලෝක තත්වයක් යටතේ ඡායාරූප ගන්නද? ඕනෙම දුරක ඉඳල ඡායාරූප ගන්නද? ඔබට ඡායාරූපකරණය කරන්න ඉන්නෙ හිතිච්ච හිතිච්ච වෙලාවටද, විනෝදාංශයක් වශයෙන්ද, රැකියාව වශයෙන්ද?

කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?

දැන් තියෙන කැමරා හැම එකකම වගේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය Point and Shoot Mode එකක් තිබෙනවා. හුඟක් ඒවා සැණෙළිය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනවා පවතින ආලෝක තත්වය ප්‍රමාණවත් මදි නම්. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති එහෙම එකක් තියෙද්දි මොකටද මේ Semi Automatic හා Manual Modes??? මේ User Guide එකේ කියල තිබෙන ඒව මේව???උත්තරය තමයි, කැමරාවට හැකි උනත් අවස්ථාවට ගැළපෙන විදිහට යම් යම් වෙනස්කම් කරගන්න (Exposure එක, Aperture එක වගේ දේවල්) ඒව හැම වෙලේම සාර්ථක නෑ, සහ අපිට අවශ්‍ය සැකසුම හැම වෙලේම ලබාගන්න බෑ. ඉතින් අපිට ඕනෙ කරන විදිහෙ ඡායාරූපයක් ලබාගන්න ටිකක් මේ සැකසුම වෙනස් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනෙ.ඔබ කැමරාවක් ගන්නකොට හිතන්න ඕනෙ තව දෙයක්ල් තමයි කැමරාවෙ තිබෙන එක එක සැකසුම්, එක එක බොත්තම්, dials වලින් කෙරෙන දේවල් ඔබ භාවිතා කරනවද, කරන්න හිතන්  ඉන්නවද කියල. මම නම් හැම වෙලේම උත්සාහ කරනව කැමරාවෙ තිබෙන සියළුම සැකසුම් ගැන දැනගෙන ඉන්න. නමුත් ඉතින් ඒව භාවිතා වෙන්නෙ නම් නෑනෙ හැම වෙලේම. ඕනෙ උනාම තමයි ඒක ගැන හරියටම ඉගෙන ගන්නෙ. කැමරාවක තියෙනව නම් අපිටම ඕනෙ සැකසුම් විතරක් තිබෙන කැමරාවක් හදවගන්න අන්න ඒක තමයි ගැළපෙනම වැඩේ, ඒත් එහෙම බෑනෙ. අපිට පුළුවන් තිබෙන ඒවායින් අපිට ගැළපෙන මට්ටමේ එකක් ගන්නනෙ. ඉතින් ඔබ හිතන්න ඕනෙ, ඔබට ඕනෙ සැකසුම් මොනවාදම් මොන මට්ටමකටද කියල. සාමාන්‍යයෙන් බැලුවම DSLR එකක තිබෙන බොත්තම්, dials, menus තිබෙනවා Compact Digital එකකට වඩා. එහෙම තිබෙන්නෙ වැඩිපුර දේවල් කරන්න පුළුවන් වෙන්නනෙ. හැබැයි ඉතින් ඉගෙනගන්න ගියාම ඒවායෙ ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්න.

DSLR ද Compact ද?

වෙළඳපළේහි තිබෙන කැමරා විවිධාකාරයෙන් කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. සරළම සහ වැදගත්ම කාණ්ඩ කිරීමක් තමයි කාච පද්ධතිය මාරු කළ හැකි (Interchangeable Lens) හා නොහැකි (Fixed Lens) කියන එක. Fixed Lens Camera බොහොමයක්, කුඩා, බර අඩු, සාක්කුවේ රුවා ගත හැකි ඒව. ඉතින් ඒකක් ඉතා පහසුවෙන් ඔබ යන යන තැන රැගෙන යා හැකි එකක්. සහ ඔබ කැමැත්තෙන්ම කොහේ ගියත් රැගෙන යන එකක්.

Compact Digital Camera වල තව කොටසක් තිබෙනවා DSLR වලට ටිකක් ලඟ. ඒවට කියන්නෙ Prosumers (PROffesional functions in ConSUMER level) කියල. හැඩහුරුකමත් DSLR වගේම තමයි. DSLR වල තිබෙන සැකසුම්, පහසුකම් බොහොමයක් මේවායෙත් තිබෙනවා. වෙනස තමයි මේවායෙ Lens එක මාරු කරන්න බැරි එක. මේවා නම් ටිකක් ලොකු බර කැමරා. සාක්කුවෙ දාගෙන නම් යන්න අමාරුයි. නමුත් DSLR වලට වඩා භාවිතය නම් පහසුයි.


සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්, ඕනෙ කරන ඡායාරූපය ගන්න ඔබ ඉන්නෙ හුඟක් දුරින් කියල, නැතිනම් හුඟක් ලඟින් කියල. අන්න ඒ වෙලාවට තමයි හිතෙන්නෙ lens kit එක මාරු කරගන්න තිබ්බනම් කියල. Zoom Lens එකකට, Telephoto Lens එකකට නැතිනම් Wide Angle Lens එකකට. අන්න ඒ වෙලාවට තමයි SLR ඔනෙ වෙන්නෙ.

ඒවායේ කාච පද්ධතීන් ගලවල  වෙනත් කාච පද්ධතියක් සවි කරන්න පුළුවන්නෙ. තවත් SLR වල  තිබෙන වැදගත් දෙයක් තමයි ඔබට View Finder එකෙන් පෙනෙන්නෙ ඇත්තටම කාචයට පෙනෙන දේම වීම. (Single Lens Reflect කියන්නෙ ඒකනෙ.) බොහොමයක් Point and Shoot කැමරා වල View Finder එකෙන් පෙනෙන්නෙ වෙනමම කාචයකින් ගන්න රූපයක්නෙ. (LCD Screen එක පමණක් තිබෙන කැමරා වලට මේක අදාල නෑ. ඒ කියන්නෙ දැන් කැමරා වලින් 99%කටම. ) DSLR වල තිබෙන තවත් අවාසියක් තමයි, අන්තිමට ඔබට ලොකු බරක් එකතු වීම. කැමරාව, බැටරි, කාච දෙක තුනක්…… ඉතින් DSLR එකක් එහෙ මෙහෙ අරන් යනව කියන එක නම් පහසු දෙයක් නෙමෙයි.Compact Digital එකක තිබෙන පහසුව බැලුවම නම් ඒක තියෙන්නෙ DSLR එකකට වඩා ඉතාම ඉදිරියෙන්. නමුත් කැමරාවෙ හැකියාව අතින් බැලුවම DSLR එකක් අල්ලන්නවත් බෑ තාම Compact Digital එකකට.

දෙවන කොටසට >>

27 thoughts on “ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද? – 1 කොටස

  • May 19, 2012 at 11:31 pm
    Permalink

    මොනවත් නොදැන photo ගහපු මන් ටික ටික ඉගන ගන්නව මෙවගෙන්.මෙක හොද වැඩක්

    Reply
  • May 20, 2012 at 1:07 am
    Permalink

    ඉතා වටිනා තොරතුරු ටිකක්….

    Reply
  • May 20, 2012 at 5:58 am
    Permalink

    කැමරා වල සාමාන්ය මිල ගනන් ගැනත් ඊලග ලිපියෙන් කියලා දෙන්න…ස්තූතියි෴෴෴

    Reply
    • May 20, 2012 at 11:10 am
      Permalink

      ගොඩක් හොද ලිපියක්.. මගේ ගාව දැනටත් තියෙනව PnS කැමරාවක් ඒත් මං ආස DSLR එකකට… ඇත්තකටම මේ සයිට් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත….
      අර තරිදු කිව්ව වගේ කැමරාවල මිළ ගනන් ටිකක් දාන්න…( විගේෂයෙන්ම Canon ඒවගෙ…)

      Reply
  • May 20, 2012 at 11:11 am
    Permalink

    ගොඩක් හොද ලිපියක්.. මගේ ගාව දැනටත් තියෙනව PnS කැමරාවක් ඒත් මං ආස DSLR එකකට… ඇත්තකටම මේ සයිට් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත….
    අර තරිදු කිව්ව වගේ කැමරාවල මිළ ගනන් ටිකක් දාන්න…( විගේෂයෙන්ම Canon ඒවගෙ…)

    Reply
  • May 20, 2012 at 5:59 pm
    Permalink

    හොද පාඩම් මාලාවක් වෙයි කියලා තිතෙනවා DSLR වල තිබෙන විවිධ ඔප්සන් ගැන වෙන වෙනම පැහැදීමක් කළොත් ඉදිරියට හොදා කියලා මට හිතෙනවා

    Reply
  • May 24, 2012 at 9:13 pm
    Permalink

    මෙච්චර කල් මම/අපි Prosumers වලට කිව්වෙ Bridge camera කියලනෙ…
    දැන් අලුත් වචනෙකට මාරුවෙන්න වෙලාව!

    Reply
    • May 24, 2012 at 9:19 pm
      Permalink

      Prosumer = PROfessional features in conSUMER level. අන්න ඒකයි Prosumer කියන්නෙ.

      Reply
  • May 24, 2012 at 9:48 pm
    Permalink

    ඹන් ඉතිං අහම්බෙන් තෝරගෙන දෙවැනියට කියවපු ලිපිය තමයි මේක

    ලිපිය කියවලා නිකං යන්න හොඳ නැහැනේ..

    කමන්ට්ස් එකක් දාලා යන්න එපැයි..

    කමන්ට් එක ඇතුලේ නේ ඔයාගේ සතුට තියෙන්නේ..

    එහෙමනම්…,

    :O

    Reply
  • May 28, 2012 at 9:43 am
    Permalink

    mama photography gana alutin igana ganna kenek…meka hoda vadak..apita godak vatinava..tavat aluth deval danna…good luck.

    Reply
  • May 28, 2012 at 5:31 pm
    Permalink

    Prosumer = PROfessional features in conSUMER level වචනෙ මටත් අමතක වෙලයි තිබුනෙ..!!
    මතක් කළාට ගොඩක් ස්තූතියි..!

    Reply
    • May 28, 2012 at 7:04 pm
      Permalink

      🙂 ඔබතුමාමද මන්ද මටත් කියල දුන්නෙ.

      Reply
  • June 17, 2012 at 10:05 am
    Permalink

    හොඳ පැහැදිලි කිරිමක්. අදෘෂමාන බලවේග මේ ඕනෑම කැමරාවකට අහුවෙනවා ඇති නේද ?

    Reply
  • August 22, 2012 at 12:03 am
    Permalink

    මේකනම් නියම ලිපියක් යාලුවා, මම ගොඩක් දේ ඉගෙන ගත්තා. ඔබ දන්න තවත් දේ සරලවම අපට කියා දෙන්න………

    මොකද කැමරාවක් එකක් ගන්න යන ගොඩක් අයට ඒ ගැන වැඩි දැණුමක් නෑ

    Reply
  • July 31, 2013 at 10:03 am
    Permalink

    godak watinawa
    man godak dewal egena gaththa meken.

    Reply
  • November 4, 2013 at 10:04 am
    Permalink

    atthatama elakiri wedak. apiwage ayata me lipi godak watinawa.me karana karyata hadawathinma subha pathanawa

    Reply
  • November 4, 2013 at 10:10 am
    Permalink

    atthatama godak watinawa api wage ayata.dennam photograph kenek wenna hithenawa.me karana karyata hadawathinma subha pathanawa.

    Reply
  • July 3, 2014 at 11:32 am
    Permalink

    අපි වගෙ මෙ ශෙත්‍රයට එන්න කෙමටි අයට ලෙබෙන මහගු අත්වෙලක් විඩියටඉ මම මෙ ඩෙ ඩකින්නෙ එටින් එඩිරියටත් අපෙ ඩනුම වඩි ක්‍රන මෙ වගෙ ලිපි ලිය්න්න හකියව ලබෙන්න කියල මම ප්‍රර්තන ක්‍රනව

    Reply
  • November 15, 2014 at 3:35 pm
    Permalink

    අැත්තෙන්ම හොඳ ලිපි පෙළක්, සිංහල භාෂාවෙන් දැනුම හොයන අයට,ඒ දේවල් ලබා ගන්න තියෙන්නේ බොහෝම අතොලොස්සක් වු වෙබ් අඩවි ප්‍රමාණයක්,ඔබලාගේ වෙබ් අඩවියත් ඒ අතරින් ඒකක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

    Reply
  • March 27, 2015 at 9:17 pm
    Permalink

    nikon d canon d hda?

    Reply
  • April 6, 2015 at 5:17 pm
    Permalink

    ස්තුතියි තොරතුරුවලට

    Reply
  • June 9, 2015 at 8:54 am
    Permalink

    Dear Mr Madawa

    Mage wenodanshaya photography I have canon 5d mark 3 with canon 70-200 mm 1:2.8 L ultrasonic lence so this unit presented to me by my g.f so I’am living in japan . Mama Godak dewal study Kara oya ge side Aken so thank you your doing superb service to us. Mata Dana gana one Mage camera akata mokakda Hoda flasher aka keyala & night event Akak Karana Kota flasher Akaka theyene wadagathkama . Puluwan nam 5d mark 3 & 70-200 lence Ake gana podak keyala denawada ( Kara hake dewal )

    Thank you
    Pradeep

    Reply
  • September 12, 2015 at 11:44 am
    Permalink

    bohomathma sthuthi…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *