Point-&-Shoot කැමරාවකින් Depth එක පාලනය කරමු

කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම

sony_dsc_w30_digital_camera_1.jpg

කලින් ලිපියෙදී අපි ඡායාරූපයක් ගන්න විට එහි ගැඹුර පාලනය කරන හැටි ගැන කිව්වා මතක ඇති.  සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය ගැන කතා කරන විට ඒකට අනිවාර්යයෙන් ම පදනම් වෙන්නේ SLR කැමරාව. ඒත් බහුතරයක් වන විනෝදාංශයක් හැටියට, ආසාවට Photos ගන්න අය පාවිච්චි කරන්නේ Point-&-Shoot කැමරා (Compact Digital Camera). මේ අයට ඡායාරූප ශිල්පයේ සිද්ධාන්න අයිති නැත් ද ? අපි මෙතන කියන වැඩ කෑලි දාලා ලස්සනට ඡායාරූපයක් ගන්න SLR කැමරාවක්ම ඕනෙද.

ඇත්තම කිව්වොත් නිවැරදිවම ක්ෂේත්‍ර ගැඹුර පාලනය කිරීමට SLR කැමරාවක් අවශ්‍යයි. ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ලෙස Shutter Speed (ද්වාර වේගය) Aperture (කාච විවරය) වගේ දෙවල් පාලනය කරන්න SLR කැමරාවක පුලුවන් නිසා. ඒත් විවිධ උපක්‍රම මගින් Point-&-Shoot Digital කැමරාවක වුවත් Depth එක යම් තරමකට අපිට අවශ්‍ය ලෙස පාලනය කරන්න පුලුවන්. මේ කියන්න යන්නේ ඒ ගැනයි.

Sport Mode එක පාවිච්චි කරන්න

5_Sports_icon.jpgවිවිධ කැමරාවල මේක විවිධ නම් වලින් තියෙන්න පුලුවන්. Menu එක පොඩ්ඩක් පීරලා බැලුවොත් හොයා ගන්න පුලුවන් වෙයි. කොහොම හරි මේකෙදි වෙන්නේ වේගවත් චලනයක් බොඳ වී ඇදීයන ස්වභාවයෙන් නැතුව නිශ්චල ව නිවැරදි ව සටහන් කරගැනීම. අනිවාර්යයෙන්ම ඒකට කරන්නේ Shutter Speed එක වැඩි අගයක තබා ගැනීම. Shutter Speed එක වැඩි වෙනවා කියන්නේ ලැබෙන ආලෝකය අඩු වෙනවා කියන එකයි. මේ අඩු වෙන ආලෝකය ලබා ගන්න කැමරාව ස්වංක්‍රීය ව Aperture එක විශාල කරගන්නවා. ඉතිං පසුගිය ලිපියේ කිව්වා වගේ Aperture එක විශාල වන විට ඉබේම Depth එක අඩු වෙනවා. එවිට Focus වෙලා තියන දෙයට වැඩි අවධානයක් දෙන්න පුලුවන්. ඒ කියන්නේ ඔබට Depth එක ටිකක් අඩු කරගන්න ඕනේ නම් කැමරාවේ Sport Mode එක පාවිච්චි කරන්න. (හැබැයි අඩු ආලෝකයක් තියන තැනකදී Sport Mode එකට නොදැම්මත් ආලෝකය හැකි තරම් ලබා ගන්න Aperture එක විශාලවයි පවතින්නේ. ඉතිං එතකොට Depth එක අඩුයිනේ.)

ISOඅගය වෙනස් කරන්න

iso.jpgISO අගයෙන් වෙන්නේ ආලෝකයට සංවේදීබව එහා මෙහා කරන එකයි. Point & Shoot කැමරාවක නිතරම ISO අගය Auto ලෙසයි පවතින්නේ. සාමාන්‍ය දිවා ආලෝක තත්ත්වයේදී මේ අගය 100-200ත් අතර වෙනවා. ඒත් මේ අගය වෙනස් කරන්න පුලුවන්. (කලාතුරකින් සමහර කැමරාවල ISO අගය වෙනස් කිරීමේ Option එකක් නෑ- උදා- Fuji සමහර කැමරාවල)

ISO අගය අඩු කළොත් සංවේදකයේ සංවේදීතාව අඩු වෙනවා. එවිට ඡායාරූපයක් ගන්න වැඩි ආලොකයක් අවශ්‍ය නිසා කැමරාව ස්වංක්‍රීය ව Aperture හා Shutter Speed එක මගින් ලැබෙනආලෝකය වැඩි කරනවා. Aperture එක විශාල වන නිසා එවිට Depth එක අඩු වෙනවා. ඔබ මේ වෙලාවේ Sport Mode එකත් දැම්මොත් Shutter Speed අඩු කිරීමෙන් ආලෝකය වැඩි කිරීමට කැමරාවට නොහැකි වෙනවා. එවිට Aperture එක තවත් විශාල වන නිසා Depth එක තවත් අඩු වෙනවා. (Apature එක උපරිම විශාල කළත් ආලෝකය මදි නම් Shutter Speed එකත් අඩු වෙයි. Shutter Speed එක 30ටත් වඩා අඩු වෙනවනම් ඡායාරූපය ගන්න වෙලාවේ කැමරාව නිසලව තබා ගැනිම ගැන සැලකිලිමත් වෙන්න)

මේ වගේම ඔබට ඡායාරූපයේ ගැඹුර වැඩි කරන්න ඕනේ නම් (රූප රාමුවේ වැඩි හරියක් පැහැදිලිව සටහන් කරගත යුතු නම්) ISO අගය වැඩි කරන්න. සංවේදිතාව වැඩි වන විට ආලෝකය පොඩ්ඩක් ලැබුණත් ප්‍රමාණවත් නිසා ඉබේම Aperture එක කුඩා වෙලා Shutter Speed එක වැඩි වෙනවා. Aperture එක කුඩා වන විට ඡායාරූපයට ලොකු ගැඹුරක් එකතු වෙනවා. . හැබැයි මතක තියා ගත යුතු වැදගත් කාරණයක් තමයි ISO අගය 400ට විතර එහා වැඩි වන විට ඡායාරූපයේ තත්වය ටිකෙන් ටික අඩු වෙනවා.

Night Mode එක පාවිච්චි කරන්න

4_Night_icon.jpgමෙතනදි වෙන්නෙත් ආලෝකයට සංවේදී බව (ISO අගය) වැඩි වීම. ඔබේ කැමරාවේ ISO අගය වැඩි කිරීමේ Option එකක් නැත්නම් කැමරාව Night Mode එකට දාන්න. එවිට සිදුවන්නේත් ISO අගය වැඩි වීම යි. සමහර කැමරාවල මේ Mode එක High Sensitivity Mode/ High ISO Mode/ Extra High ISO Mode/ +ISO Mode ලෙසත් තියනවා. ISO අගය වැඩි කළ විට සිදුවන ක්‍රියාවලියම තමා මෙතනදීත් සිදුවන්නේ. ඒ නිසා රූපයේ තත්ත්වය අඩු වීමත් බොහෝ විට සිදු වෙන්න පුලුවන්. ඔබට Depth එක අඩු කරගන්න ඕනෙ නම් ගිනි දවාලේ උනත් කමක් නෑ Night Mode එකට දාන්න. :- ) Night Mode එක On කළාම Flasher එක ඉබේම On වෙන්න පුලුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

Macro Modeඑක On කරන්න

3_Macro_icon.jpgMacro Mode එකේ දී ඔබට ඉතා ළඟ තියන දෙයක් පවා Focus කර ඡායාරූප ගත කිරීමේ හැතියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් Macro ඡායාරූප ගැනීමේදී ලොකු ක්ෂේත්‍ර ගැඹුරක් අපේක්ෂා කෙරෙන්නේ නෑ. ඒ නිසාම Macro Mode එකේදී කැමරාවේ Aperture එක විශාල වෙනවා. Aperture එක විශාල වෙනවා කියන්නේ Depth එක අඩු වෙනවා. රූපගත කරන්නේ ළඟ තියන දෙයක් නොවුනත් Macro Mode එකට දාලා ඡායාරූපයේ ගැඹුර අඩු කරලා වැඩි අවධානයක් එක් දෙයකට යොමු කරන්න පුලුවන්.

Landscape Mode එක On කරන්න

2_Landscape_icon.jpgLandscape හෙවත් භූමි දර්ශන ඡායාරූප ගැනීමේදී රූප රාමුවේ ළඟ දුර සෑම දෙයක්ම නිවැරදිව පැහැදිලිව සටහන් වීමක් (වැඩි ක්ෂේත්‍ර ගැඹුරක්) අපේක්ෂා කරනවා. Landscape ගන්න සකසා ඇති Landscape Mode එකේදී මේ සඳහා කැමරාවේ කාච විවරය කුඩා කරනවා. ඉතිං ඔබට වැඩි ගැඹුරක් අවශ්‍ය නම් භූමි දර්ශනයක් වෙන්න අවශ්‍යම නෑ, Landscape Mode එකට දාන්න. හැබැයි මතක තියා ගන්න කාච විවරය කුඩා වන විට අඩු වන ආලෝකය සම්පූර්ණ කරගන්න Shutter Speed එක අඩු වෙනවා. ඒ නිසා ඡායාරූපට ගන්නා වෙලාවේ කැමරාව පුලුවන් තරම් නිසලව තබා ගන්න උත්සාහ කරන්න.

Zoom In -Zoom Out

මේ ක්‍රමේ අලුතෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. කළින් ලිපියේ දී කිව්වා මතකනේ Zoom in වන විට ගැඹුර අඩු වෙනවා, Zoom Out වන වි‍ට ගැඹුර වැඩි වෙනවා කියලා.

Portrait Mode

Portrait mode.jpgPortrait Mode එක තියෙන්නේ පුද්ගල ආලේඛ්‍ය ඡායාරූප ගන්නයි. මේ Mode එකේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩිපුර Zoom-In වෙනවා. ඡායාරූප ශිල්පයේ පිළිගැනීමක් තියනවා Zoom-in කළ විට එක්කෝ Tele Lens එකක් පාවිච්චි කළ විට මිනිස් මුහුණක අංග නිවැරදිම පරිමාණයට සටහන් වන බවට. Portrait සඳහා මෙසේ පිළිගත් සම්මත නාභි දුරක් තිබෙනවා. Portrait Mode එකේදී වෙන්නේ ඉබේම ‍ඒ සම්මත ප්‍රමාණයට Zoom වීමයි. මීට පෙර ක්‍රමේදී කිව්වා වගේම Zoom-In වීමක් සිදුවන නිසා Depth එක අඩු වෙනවා.

Flasher එක On කරන්න

flashOff.gifFlasher එක On කළ විට කැමරාව තිබෙන ආලෝකයට වඩා වැඩි ආ‍ලෝකයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වැඩි ආලෝකයකට ගැලපෙන ලෙස Aperture එක ටිකක් කුඩා කරගන්නවා. එවිට Depth එක වැඩි වෙලා රූප රාමුවේ ළඟ දුර බොහෝ දේ පැහැදිලි ව සටහන් වෙනවා. ඔබට මේ රූප රාමුවට Flasher එක අවශ්‍ය නැත්නම් අතින් Flasher එක ආවරණය කරන්න. නැත්නම් සුදු කඩදාසියකින් අල්ලලා එළිය අඩු කරන්න. හැබැයි අලෝකය අඩු තැනක මේක කරන්න ගියොත් ඡායාරූඵය අඳුරු වේවි.

************************************

මේ උපක්‍රම කොපමණ තිබුණත් කිවයුතු වැදගත් දේ කීපයක් තියනවා. මේ සමහර දේවල් ඔබේ කැමරාවේදී ක්‍රියාත්මක කළත් මේ කියන ප්‍රතිඵල නොලැබෙන්න පුලුවනි. ඒ වගේම මේ කියන පහසුකම් ඔබේ කැමරාවේ නොතිබෙන්න පුළුවනි. මේ සමහර උපක්‍රම අනුගමනය කළත් ක්‍ෂේත්‍ර ගැඹුර පාලන නොවීමට හේතුව සමහර කැමරාවල ආලෝකය පාලනය කිරීමේදී Aperture එක‍ට වඩා Shutter Speed එකට වැඩි වගකීමක් දීම. ඔබේ කැමරාවත් ඒ වර්ගයේ එකක් නම් මේ කියූ කාරණා වලින් Aperture එක වෙනස් වීමේන් ගැඹුර පාලනට කරන උපක්‍රම ඔබේ කැමරාවේදී සාර්ථක වෙන එකක් නෑ. මම මේ ලිපිය ලියන්න අත්හදා බලන්න ගත්තු CASIO EXilim කැමරාව මේ වර්ගයේ එකක්. ඒ නිසා මට මේ දෙවල් අත්හදා බලන්න යාළුවන්ගෙන් කැමරා කීපයක් ඉල්ල ගන්න සිද්ධ උනා.

00328_casio-exilim-z80.jpgSony-DSC-W300-3 copy (Small).jpg

ඔබේ Point & Shoot කැමරාවේ Manual Mode එකක් තියනවා නම් මේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔබට අවශ්‍ය ලෙස අනාවරණය, ක්ෂේත්‍ර ගැඹුර පාලනය කරගන්න පුලුවන්. ඒත් Manual Mode එකක් සහිත Point & Shoot කැමරා එතරම් සුලබ නෑ වගේම මිලත් අධික යි.

4 thoughts on “Point-&-Shoot කැමරාවකින් Depth එක පාලනය කරමු

  • May 26, 2012 at 4:50 pm
    Permalink

    Mage Manual & Aperture priority mode wala unath tiyenne Aperture settings dekai,Zoom karala thama e deka wenas karanna puluwn,lense eka 28mm-504mm equivalent in 35mm film camera ,Aperture eka kohmath tikak wadi F 3.1 thama minimum.eka mita wada adu karaganna widiyak tiynewada eliyen fillters use karala? 58mm & 72mm filters use karanna puluwn mekata.

    Reply
  • June 7, 2012 at 8:52 am
    Permalink

    attatama me deval tibbata api eva prayogikava karanna danne nane…e nisa meka godak vadagath…tnx bro…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *