Photo Retouching | මූලික ක්‍රම – 1

කිසියම් ඦායාරූපයක් ගත්විට එය Photo Editing මෘදුකාංගයක් මගින් සංස්කරණය කිරීමෙන් එම ඡායාරූපය තවත් උසස් මට්ටමකින් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තිබෙනව. මෙම ලිපියෙන් මම කියාදෙන්නේ Adobe Photoshop මෘදුකාංගය මගින් වැඩි ආලෝකයක් ඇතිව ගත් ඡායාරූපයක් නිවැරදි ලෙස ආලෝකකරණය කර සංස්කරණය කරගන්න ආකාරයයි.

(මෙය කිරීම සඳහා Adobe Photoshop CS 3 හෝ ඊට වැඩි සංස්කරණයක් භාවිතා කරන්න)

මෙය තමයි මම තෝරාගත් වැඩි ආලෝකයක් ඇති ඡායාරූපය

 

 

1) ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Adobe Photoshop තුලින් Open කරගන්න. (File>Open)

 

2) දැන් Layer Menu එකේ New Adjustment Layer > Levels කියන තැනට යන්න.ඉන්පසු එන window එකේ ඇති අගයන් (values) පහත සඳහන් විදිහට වෙනස් කරගන්න (මෙය ඔබට අවශ්‍ය ආකාරයටද වෙනස් කරගත හැකිය. එය තීරණය වෙන්නේ ඡායාරූපයට අනුවයි. එහි ඇති Sliders එහා මෙහා කිරීමෙන්ද හරි ආකාරයට ඡායාරූපයේ ආලෝකය සකසා ගත හැකිය).

 

 

3) මින්පසු වශයෙන් Layer Menu එකේ New Adjustment Layer>Exposure කියන තැනට ගොස් පහත ඇති අගයන් ඇතුලත් කරන්න (මෙයද ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට පුළුවනි).

 

 

4) අවසානයේදී ඔබට මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගත හැක. කලින් තිබූ වැඩි ආලෝකය නැති වී ගොස් ඇති බව ඔබට පෙනෙයි. 

 

 

මෙම ලිපියෙන් ඔබට කියාදුන්නේ ඡායාරූපයක ආලෝකය නිවැරදි ගැනීමේ මූලිකම ක්‍රමයකි. මේ දේ කිරීමට මෙයට වඩා තවත් උසස් ක්‍රම සහ විධි ඇත. ඒවා ඉදිරි ලිපිවලින් කියාදීමට මා බලාපොරොත්තු වෙනවා.

 

— දිලීප මහානාම —

 

Photoshop පිළිබඳ වැඩිදුර දැනගනීමට මගේ බ්ලොග් එකට පිවිසෙන්න (www.photoshopsinhalen.com)

5 thoughts on “Photo Retouching | මූලික ක්‍රම – 1

  • May 17, 2012 at 9:22 pm
    Permalink

    බොහෝ ස්තූතියි ඔබට……

    Reply
  • May 22, 2012 at 9:47 pm
    Permalink

    photo Soft eka dana hati kiyala dennako

    Reply
  • May 22, 2012 at 9:48 pm
    Permalink

    soft eka dana tool ekak nadda plagin nathuwa ?

    Reply
  • November 25, 2012 at 8:03 am
    Permalink

    mata ekak wath karanna beri una pls mata idau karanna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *