Online Auctions සඳහා ඡායාරූප ගැනීම

Auctions නැතිනම් වෙන්දේසි, අන්තර්ජාලය තුළ ඕනෑම කෙනෙකුට බඩු විකුණන්න පුළුවන් අවස්ථාවක්නෙ.

ඔබ විකිණීමට බලාපොරොත්තු වෙන, ඡායාරූපයට ගන්නා වස්තූන්, තනි වර්ණයක් සහිත පසුබිමක ඡායාරූප ගත කරන්න. Light box එකක් නැතිනම් Shooting table එකක් ඕනෙ වෙන්නෙ නෑ මේකට (තියෙනවා නම් වඩා හොඳයි), තනි වර්ණයක් සහිත කඩදාසියක් හෝ, තනි වර්ණයක් සහිත රෙද්දක් භාවිතා කරන්න.

Image1.jpg

වස්තුවට පුළුවන් තරම් ලං වෙලා, පෙන්වන්න අවශ්‍ය තොරතුරු පෙනෙන ලෙස ඡායාරූපය ගන්න උත්සාහ කළ යුතුයි, අවශ්‍ය නම් macro mode එකට දාගන්න.

විවිධ කෝණ වලින් ඡායාරූප කිහිපයක්ම ගන්න. වැඩිපුර පෙන්නන තරමට තමා වැඩිපුර කට්ටිය ඒකට ආකර්ශනය වෙන්නෙ. එක් ඡායාරූපයක, කාසියක්/ රූලක් වැනි දේකුත් ඇතුළු කරන්න.

ඔබ ඉන්නෙ ගොඩනැඟිල්ලක් තුළ නම් හා ඔබට Light box, Lighting Kit නැතිනම්, ආලෝකමත් ජනේලයක් අසළ ඡායාරූපය ගන්න. තවත් ආලෝකය අවශ්‍ය නම් විදුලි පහනකින් ආලෝකය ලබා ගන්න. ආලෝකය අංශක 45කින් ආනතව ලබා දීමට වග බලාගන්න. ආලෝකකරණය ගැන මීට පෙර ලිපියක අපි කතා කළා.

ඡායාරූපයේ තියුණු හා පැහැදිලි බව රැක ගන්න ත්‍රිපාදකයක් භාවිතා කරන්න.

විශාල භාණ්ඩ ඡායාරූපයට ගන්නා විට අදාල පරිමාණය ගැන අදහසක් ලැබෙන විදිහට ඡායාරූපය ගන්න. ඇඳුම් වල ඡායාරූප ගන්නා විට ගැලපෙන නිරූපිකාවක් ලබා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ආභරණ ඡායාරූපයට ගන්නකොට නම් light box එකක් භාවිතය තමා හොඳම ක්‍රමය. පහත රූපයබලන්නකො.

Image2.jpg

අවශ්‍ය නම් මෘදුකාංගයක් භාවිතා කරල, ඡායාරූපය කපා, වර්ණ සකසා, ප්‍රමාණය සකසා ගැනීමත් කරන්න පුළුවන්. ඔබ ඒ භාණ්ඩ අලෙවි කරන්න යන අඩවියේ, ඡායාරූප සඳහා තිබිය යුතු අවශ්‍යතා මොනවද කියල බලල, ඒ අනුව ක්‍රියාත්මක වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *