ජංගම දුරකථනයේ කැමරාවෙන් හොඳ ඡායාරූප ගැනීමට ඔවදන් කිහිපයක් – 2

මුල් කොටස මෙතනින් කියවන්න.

ඉතින් අපි මේ ලිපියෙන් අංක 7 සිට සළකා බලමු.

7. White Balance සමභ පරික්ෂණ කරල බලන්න.

දැන් එන හුඟක් ෆෝන් කැමරා වල white balance හදන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ඔබට විවිධ ආලෝක තත්වයන් යටතේ Colour Balance එක වෙනස් කරගන්න. ඉතින් ඒකෙන් වැඩ ගන්න, පාවිච්චි කරල බලන්න එක එක අවස්ථා වල. විවිධ තත්ව යටතේ ඡායාරූප ගන්නකොට කොහොමද එන්නෙ කියල white balance වෙනස් කරමින් පරික්ෂා කරල බලන්න.

විවිධ කැමරා වල මෙමගින් සිදුවන වෙනස්කම් ටික ටික වෙනස් වෙන්න පුළුවන් එකිනෙකින්. පරික්ෂා කරල බලල තමුන්ගෙ ෆෝන් කැමරා එකේ තත්වය වටහා ගන්න. සමහර විට ඔබගේ ජංගම දුරකථනයේ User Manual එකෙන් වැඩි විස්තරයක් ගන්නත් පුළුවන් වෙයි.


8. ඡායාරූප ගොඩක් අරගෙන පරීක්ෂණ කරන්න.

ඩිජිටල් ඡායාරූපකරණයේ තිබෙන ලොකුම වාසිය තමයි, කිසිදු වියදමක් නැතිව ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ගැනීමට හැකි වීම. ඒ කියන්නෙ ඔබට ඕනෙම විදිහක පරීක්ෂණ කරන්න පුළුවන් හිතේ හැටියට. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න. විවිධ ක්‍රම වලට, විවිධ compositions වලට ඡායාරූප ගන්න, විවිධ කෝණ වලින් ඡායාරූප ගන්න, විවිධ රාමු භාවිතා කරන්න, වැඩක් නැති ඒව පසුව ඉවත් කරල දාන්න.

ෆෝන් කැමරා ඉතාම ගැළපෙනවා, අලුත් අලුත් ක්‍රම වලට ඡායාරූප ගන්න, විවිධ කෝණ වලින්, විවිධ දෘෂ්ටියන්ගෙන්. ඉතින් ඇයි ඔබත් නොකරන්නෙ. ඔබට අවසානයේ ලස්සන කලාත්මක ඡායාරූපයන් ටිකක් ලැබේවි.

9. විවිධ රීති භාවිතා කරන්න (ඒව කඩලත් දාන්න).

මේ කියන්නෙ ඡායාරූපකරණයේදී භාවිතා වෙන විවිධ composition rules ගැන. සාමාන්‍යයෙන් භාවිතා වෙන රීතීන් ටිකක් ඉගෙන ගන්න. උදා: Rule of Third. මේවා මගින් කලාත්මක ඡායාරූපයක් ගන්න ලොකු සහයක් දෙනවා.

ඒත් එක්කම මතක තියාගන්න, ඒව රීතීන්. රීතීන් කඩන්න අවසර තිබෙනව. ඉතින් ඒ රීතීන්ගෙන් පිටට ගිහිල්ලත් ඡායාරූප අරගෙන බලන්න. සමහරවිට ඒ රීති වලට අනුව ගත්තු එකකට වඩා රීති කඩල ගත්තු ඡායාරූපය ලස්සන වෙන්න ඉඩ තිබෙනව. ජංගම දුරකතන කැමරා මගින් ඒක ඉතාම පහසුවෙන් ඔබට කරන්න පුළුවන්.

10. කැමරා කාචය පිරිසිදුව තබා ගන්න.

ජංගම දුරකතනයක් කියන්නෙ, බොහෝ වේලාවක් සාක්කුවක, බෑග් එකක් ඇතුළෙ තියෙන දෙයක්. හොඳ නරක හැම කාළගුණයකටම ඒක මුහුණ දෙනවා. ඉතින් හුඟක් අය මුහුණපාන ප්‍රශ්නයක තමයි, ෆෝන් එකේ කැමරාව පිරිසිදුව තබා ගැනීම. විශේෂයෙන්ම lens cover එකක් නැති නම් මේක ඉතාම අපහසු වෙනවා. එන ලොකුම ප්‍රශ්නය වෙන්නෙ, කාචය මත ඇඟිලි සළකුණු හා දූවිලි රැඳීම. ඉතින් ඔබට කරන්න තියෙන්නෙ පිරිසිදු රෙදි කැබැල්ලකින් (ඇස් කණ්ණාඩි පිරිසිදු කරන රෙදි කැබැල්ලක් ඉතාමත් ගැළපෙනවා) කාචය මත ප්‍රවේසමෙන් පිරිසිදු කිරීමයි.

11. කැමරා භාවිතය පිළිබඳ ආචාර විධි අනුගමනය කරන්න.

ජංගම දුරකතන කැමරාවක් භාවිතා කිරීම පිළිබඳව කොහෙවත් නීති පද්ධතියක් නෑ. ඉතින් භාවිතයට පෙර පොඩ්ඩක් හිතල බලන්න කෙසේද භාවිතා කළ යුත්තේ හා එමගින් අනෙකුත් අයට ඇතිවන බලපෑම කෙසේද කියල. ජංගම දුරකතන කැමරා වලින් සිදුවන අපචාර පිළිබඳව හැමතැනම පළ වෙනවා.

නොදන්නා කෙනෙක්ව ඡායාරූපයට නගන්න ඉස්සෙල්ල අවසර ගන්න, විවිධ ස්ථාන වල කැමරා භාවිතා කිරීම පිළිබඳව නීති පනවා තිබෙනවා නම් ඒවා ගැන සැළකිලිමත් වෙන්න. එතකොට කිසිවෙකුට කිසිම කරදරයක් නෑ නෙ.

12. භාවිතා කළ හැකි ඉහළම විභේදනය භාවිතා කරන්න.

විභේදනය (resolution) කියන්නෙ මොකද්ද කියල දන්නවනෙ? ඡායාරූපයක තත්වය රඳා පවතින විශේෂම සාධකයක්. හුඟක් කැමරා වල මේ විභේදනය වෙනස් කළ හැකි සැකසුම් තිබෙනවා. හුඟක් අය කරන වැරැද්දක් තමයි මෙමරි ඉතුරු කරගන්න කියල අඩු විභේදනයකින් ඡායාරූප ගැනීම. මතක තබා ගත යුත්තක් තමයි විභේදනය අඩු වන විට ඡායාරූපයේ තිබෙන පැහැදිලි බව අඩු වෙනවා. මේක විශේෂයෙන්ම බලපානවා මෙගා පික්සල් 1කට අඩු උපරිම විභේදනයක් සහිත කැමරා වලදී.

ඉතින් අනිවාර්යයෙන්ම හොඳ ඡායාරූපයක් ගන්න, ඉහළම විභේදනය භාවිතා කරන්න. ඒ ඡායාරූප මතකයේ ගන්නා ඉඩ නම් වැඩි වෙනවා තමයි, නමුත් ඉහළ තත්වයක් හා පැහැදිලි බවක් සහිත ඡායාරූපයක් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

5 thoughts on “ජංගම දුරකථනයේ කැමරාවෙන් හොඳ ඡායාරූප ගැනීමට ඔවදන් කිහිපයක් – 2

  • June 19, 2012 at 7:03 am
    Permalink

    Camera4n use karana ayata good comments tikak

    Reply
  • June 20, 2012 at 12:00 pm
    Permalink

    ඉතාම වැදගත් උපදෙස් ටිකක්…

    Reply
  • June 23, 2012 at 12:35 am
    Permalink

    ප්‍රථමයෙන් මේ වගේ මහන්සිවෙලා ලිපි ලිවීම සම්භන්ධව මගේ ස්තූතිය……..
    මෙන්න මම මගේ දුප්පත් ජංගම දුරකතනයෙන් ගත්තු පින්තූර කිහිපයක් අනිත් අයටත් බලා කියාගන්න……
    https://www.facebook.com/media/set/?set=a.190005271128671.39854.100003575981772&type=3

    මයික්‍රෝමැක්ස් x222 VGA camera Fixed Focus
    සියලුම පින්තූර මැනුවල් වයිට් බැලන්ස් (ඩේලයිට්)
    වෙබ් කැමරාවකින් ගලවාගත් කාච පද්දතියක කොටස් පිටතින් කැමරාවට සවිකලා…..

    Reply
    • June 23, 2012 at 4:24 pm
      Permalink

      පුබුදු ඉතින් අමුතු විදිහට සුපිරි වැඩ කරන කෙනෙක්නෙ. මතකයිනෙ අපිට. වෙබ් කැම් ෆොටෝග්‍රැෆි එහෙම. මේ ටිකත් සුපිරි. 🙂

      Reply
      • June 23, 2012 at 9:42 pm
        Permalink

        කැමරාව කුමක් වුනත් ඒකේ සීමවල් දන්න කෙනාට සීමාව බිදගෙන යන්නත් ක්‍රම සහ විදි මනසට පහල වෙනවා…… මගේ යාලුවාගේ වෙබ් කැමරාව කැඩිලා බිම වැටිලා තිබුනු ලෙන්ස් එකේ කොටස් දෙකක් කාමරේ තිබිලා මට පෑගිලා අහුවුනා.

        ඒකේ ප්‍රතිඵලය තමයි මේ පින්තූර. තව ගොඩක් තියෙනවා පස්සේ පෝස්ට් කරන්නම්…………

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *