ජංගම දුරකථනයේ කැමරාවෙන් හොඳ ඡායාරූප ගැනීමට ඔවදන් කිහිපයක්

මේ කාලෙ ජංගම දුරකථන ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙන භාණ්ඩයක්. ඇමතුම් ගන්න විතරක් නෙමෙයි, කැමරාවක් වශයෙන්, mp3 Player එකක් වශයෙන් ලෙස.

සමහරක් දුරකතන වල, ඉහළ මෙගා පික්සල් ගාණක, හොඳ කාච සහිත, කැමරා තිබෙනවා. ඉහළ මතකයක් සහිතව තිබෙනවා. ඉතින් දැන් මේ කැමරා සහිත දුරකතන වේගයෙන් වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා. දැන් අඩුමිලට වෙනමම කැමරාවක් ගන්න අය අඩුයි. කෙලින්ම හොඳ කැමරාවක් සහිත ජංගම දුරකතනයක් ගත්තම ප්‍රශ්න 2කටම විසඳුම් ලැබෙනවානෙ. කැමරා වෙළඳපළ තුළත් දැන් ජංගම දුරකතන කැමරා ඉහළ ප්‍රතිශතයක් අයත් කරගෙන තිබෙන්නේ.

එහෙත් ප්‍රශ්නය තිබෙන්නෙ, හුඟක්ම කැමරා ෆෝන් වලින් ගන්න ඡායාරූප දුර්වල තත්වයකයි තිබෙන්නෙ. ඒක කැමරාවෙ තත්වයේ අඩුවක් නිසත් වෙන්නත් පුළුවන්, ඒත් එක්කම ගන්නා ඡායාරූපය හරි හැටි නොගැනීමත් වෙන්න පුළුවන්.

ඉතින් මේ ලිපියෙ අරමුණ වෙන්නෙ ජංගම දුරකතන කැමරාවකින් ගන්නා ඡායාරූපයක තත්වය ඉහළ නංවා ගන්නේ කෙසේද යන්නට පොඩි පොඩි උපදෙස් ටිකක් ලබා දීමයි.


1. ඔබගේ වස්තුව හොඳින් ආලෝකමත් කරන්න

ඔබ ඡායාරූපයට ගන්නා වස්තුව/පුද්ගලයා හොඳින් ආලෝකමත් කිරීමෙන් ඔබට පුළුවන් ගන්නා ඡායාරූපයේ තත්වය ඉහළ නංවා ගැනීමට. පිටත ඡායාරූපයක් ගන්නවා නම් හොඳින් ආලෝකමත් තැනකදිත්, ඇතුළකදී නම් විදුලි පහන් දැල්වීමෙන්ද, ඔබට පුළුවන්, වස්තුව ආලෝකමත් කරගන්න. හැබැයි විදුලි ආලෝකයේදි මතක තබා ගත යුත්තක් තමයි, වර්ණ වෙනස්කම් වෙන්න පුළුවන් කියන එක. White Balance වෙනස් කිරීමෙන් ඒක හරිගස්ස ගන්න පුළුවන් වේවි.

සමහර කැමරා වල නම් Flash light එකක් තිබෙනවා. එමගින් අනිවාර්යයෙන්ම ඡායාරූපයේ තත්වය යම් තරමකට ඉහළ නංවාගන්න පුළුවන්, නමුත් ඒක සමහරවිට ප්‍රයෝජනවත් නැතිවෙන්නත් පුළුවන්.

2. ඔබගේ වස්තුවට පුළුවන් තරම් ලං වන්න

හුඟාක්ම ඡායාරූප වල වෙන අවුලක් තමයි, අන්තිමට බලනකොට ඡායාරූපයට නැඟූ වස්තුව/පුද්ගලයා ඉතාම කුඩාවට තිබීම. කැමරා ෆෝන් වලින් ගන්න ඡායාරූප වලදී බොහෝවිට මෙය වෙන්න ඉඩක් තිබෙනවා, මොකද බොහොමයක් කැමරා වල resolution එක ඉතාම අඩු වීම. ඉතින් ඔබ කළ යුත්තේ, පුළුවන් තරම් ඡායාරූපයට නගන්නට ඔනෙ දේට/කෙනාට ලං වීමයි. ඔබගේ රාමුව ඒ වස්තුවෙන් පුරවන්න. (ඔබට පුළුවන් මෙතනදී Zoom කරන්න, නමුත් ඒකෙන් ඡායාරූපයේ තත්වය තවත් අඩු වෙන්න පුළුවන්.)

ඒත් එක්කම කියන්න ඕනෙ දෙයක් තමයි, වස්තුවට ලං වෙන්න කිව්වට, මේ කැමරා වල තිබෙනවා අවම නාභිය දුරක් (කැමරාවෙ macro හෝ closeup mode තිබේ නම් මෙය වඩා කුඩයි.). ඉතින් ඊට වඩා වස්තුවකට ලං උනොත් නාභිගත කිරීමට නොහැකි වීම නිසා ඡායාරූපය බොඳව යනවා.

3. නිශ්චලව ඉන්න

කැමරා ෆෝන් එකකින් ඡායාරූප ගන්නකොට ඔබ වඩා නිශ්චලව ඉන්නවා නම් ගන්නා ඡායාරූපයේ තත්වය හොඳ වෙනවා. විශේෂයෙන්ම අඩු ආලෝක තත්ව වලදී, Night Mode එක දාල තිබිද්දි, එහෙම මේක විශේෂයි. මොකද එතකොට කැමරාව වඩා අඩු shutter speed එකක් භාවිතා කිරීම නිසයි.

ඉතින් ඔබට කරන්න පුළුවන් නම් හොඳම දේ තමයි, ඡායාරූපය ගන්නා විට, කැමරාව නිසලව තබාගන්න, ෆෝන් එක හෝ අලාගෙන සිටින අත කුමක් හෝ දෘඩ වස්තුවකට බර කිරීම (මේසයක්, පුටුවක්, ගසක් වගේ)

තවත් මතක තබාගත යුතු දෙයක් තමයි, බොහොමයක් ජංගම දුරකතන කැමරා වල shutter lag කියන සංසිද්ධිය තිබෙනවා කියන එක. ඒ කියන්නෙ අපි capture button එක ඔබල ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ඡායාරූපය ගැනෙන්නෙ. ඉතින් බට්න් එක ඔබලත් ටික වෙලාවක් නොසෙල්වී ඉන්න, ඡායාරූපය වදිනකම්. නැත්තම් ඉතින් කැමරාව පහත් කරනකොට ඡායාරූපය වැදිල තිබේවි.

4. ඡායාරූපයේ වෙනස්කම් කිරීම පසුවට තියාගන්න

ෆෝන් එක තුළ තිබෙන image editor එකෙන්, නැතිනම් කැමරාවේ තිබෙන effect භාවිතා කරල ඡායාරූපයක් ගන්න එකෙත් ගතියක් තියෙනවා තමයි, නමුත් පරිගණකයක් තුලතී ඒ දේවල් වඩා හොඳින් ඉහළ තත්වයකින් කරන්න පුළුවන්. ඒ නිසා ෆෝන් එකෙන් ඡායාරූපයක් ගන්නකොට, තිබෙන ඉහළම resolution එකෙන් වර්ණ ඡායාරූපයක් ගන්න. එතකොට පරිගණකයට ඡායාරූපය ගත්තම, ඕනෙ දෙයක් ඔබට කරන්න පුළුවන්.

ඔබ ගන්නා ඡායාරූපයක් ඕනෙම වෙලාවක කලු සුදු කරන්න පුළුවන් පර්ගණකය තුළදී, නමුත් කලු සුදු විදිහට ගත්තු එකක් කිසිම විටෙක, වර්ණ කරන්න බෑ නෙ.

5. වැරදීම් විසි කරන්නෙපා

හුඟක් අය කරන දෙයක් තමා මේක. මතක තියාගන්න, ඔබගේ කැමරාවේ ස්ක්‍රීන් එකට වඩා පරිගණකයෙ ස්ක්‍රීන් එක හොඳයි, ඉතින් ඔබට කැමරාවෙන් හරි නෑ කියල හිතෙන එකක් පරිගණකයට ගත්තම හොඳයි කියල හිතෙන්න පුළුවන්.

ඉතින් ඔබ ගන්නා ඡායාරූප, ඩිලීට් කරන්නෙ නැතුව, පරිගණකයකට ගන්නකම් තියාගන්න. සමහර විට හරි නෑ කියල හිතුව එකකට පරිගණක තිරයේදී පණ ලැබෙන්න ඉඩ තිබෙනවා.

ඔබට තවත් පෙනෙන්න පුළුවන්, අතපසුවීම් උනු, බොඳව ගිය ඡායාරූප වලත් යම් කලාත්මක දෙයක් තිබෙනවා කියල හා ඒවාත් වෙනස්ම විදිහකට භාවිතා කරන්න පුළුවන් කියල.

6. Digital Zoom භාවිතයෙන් වළකින්න

මුලදිමත් මේ ගැන කිව්වනෙ. ඔබ වඩා හොඳ ඡායාරූපයක් ගන්න කියල digital zoom භාවිතා කළොත් වෙන්නෙ, තවත් නරක ඡායාරූපයක් ලැබෙන එක. මොකද ඩිජිටල් සූම් වලින් කරන්නෙ පවතින ඡායාරූපයම ලොකු කරනවා මිසක් වස්තුව ලං කර පෙන්වීමක් නෙමෙයි. ඉතින් ඔබට මේක zoom නොකරපු ඡායාරූපයක් අරගෙන පරිගණකයේදිත් කරන්න පුළුවන්නෙ. (crop කරල ලොකු කරන්න පුළුවන්නෙ පරිගණකයකින්)

ඉතින් Zoom කරන්නම ඕනෙ නම් ඉතින් අර මුලින් කිව්ව වගේ, කරන්න තියෙන්නෙ වස්තුවට පුළුවන් තරම් ලං වෙන එක තමයි.

හැබැයි ඉතින් දැන් දැන් Optical Zoom සහිත කැමරා තිබෙන ජංගම දුරකතනත් වෙළඳපළට එමින් පවතිනවා.

දෙවන  කොටසට මෙතනින් යන්න.

8 thoughts on “ජංගම දුරකථනයේ කැමරාවෙන් හොඳ ඡායාරූප ගැනීමට ඔවදන් කිහිපයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *