Macro Mode එකේ ඉඳන් Close-Ups ගන්න

මැක්‍රො මෝඩ් එක තියෙන්නෙ ඉතා කුඩා දේවල් සමීපව ඡායාරූප ගත කරන්න. (අන්වීක්ෂකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි හොඳේ 😀 ) මෙහිදී ඔබට පුළුවන් මලක්, කෘමියෙක් වගේ දේවල් ඉතා සමීප ලෙස ඡායාරූප ගත කරන්න. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක නම් එහි සීමාවක් තිබෙනව, මොකද පාවිච්චි කරන්නෙ තිබෙන කාච පද්ධතියම නිසා, DSLR එකක් පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් macro lens පද්ධතියක් පාවිච්චි කරන්න, එමගින් අල්පෙනෙති තුඩක් තරම් කුඩා දේවල් වල ඡායාරූප උනත් ගන්න පුළුවන්.

දාගන්නකො කැමරාවෙ මෝඩ් එක මැක්‍රො මෝඩ් එකට (මලක අයිකන් එකක් තියෙන්නෙ, අන්න එතනට).

දැන් ඉතින් මොකක් හරි කුඩා දෙයක් තෝරාගෙන ඡායාරූප ගන්න තමයි තියෙන්නෙ.
මැක්‍රො ඡායාරූප ගැනීම සාමාන්‍ය ඡායාරූප ගැනීම තරම් ලේසි නෑ, මොකද වස්තුවට හුඟාක් ලන් වෙලා ඉන්න නිසා කැමරාවෙ පොඩිම සෙලවීමක් උනත් ලොකු වෙනසක් කරනව, අත එහෙම හෙල්ලුනොත් ඡායාරූපයම සවුත්තු වෙන්න ඉඩ තියෙනව.
එම නිසා මැක්‍රො මෝඩ් එකෙන් ඡායාරූප ගැනීමේදී tripod එකක් භාවිතය ඉතාම ගැළපෙනව. (ඇත්තම කිව්වොත් ඉතාම වැදගත්)
DSLR එකක් එක්ක macro lens පාවිච්චි කරද්දි තත්වය ටිකක් වෙනස්. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් තරම් ලේසි නෑ. ඒ ගැන ඉදිරියට කියන්නම්.

Macro Photography

5 thoughts on “Macro Mode එකේ ඉඳන් Close-Ups ගන්න

  • June 30, 2010 at 12:43 am
    Permalink

    marco mode ekath ekka optical zoom use karanne kohmada?zoom karala gannwanm ai amuthuwen macro kyala mode ekak tiyenne?mage cam eke macro kyalai supermacro(2cm) kyalai 2k tiyewna,supermacro eke optical zoom wada karanne na,

    Reply
    • June 30, 2010 at 8:35 am
      Permalink

      samanya compact digital wala arunama Macro mode ekedi optical zoom use karanna ba. eka disable wenawa. DSLR waladi nam focus karana eka unat karanna one camerawa issarahata passata genihilla. oya gawa thiyenne prosumer ekak wage, eke super macro mode ekath ehema wennati. normal macro mode ekedi zoom karanna puluwan.
      macro wala tiyena wisheshe wenne eka zoom karalama witarak neme, camera eka hungak subject ekata lan karalai photo eka ganne. hungak punchi length ekakatai focus karanne.
      me lipiye katha kerenne normal compact digital camera ekakin macro ganna hatiyi. DSLR ekaka thathwaya mita wada tikak wenas.

      Reply
  • July 31, 2010 at 10:49 am
    Permalink

    මම මැක්‍රො ඡායා රූප කලාවට ආශා කරන කෙනෙක්. ඒ නිසා මමයි තවත් දෙතුන් දෙනෙකුයි එකතු වෙලා flickr සමූහයක් හැදුවා. උනන්දුවක් තිබෙනවා නම් ඔබටත් ආරාධනා………

    http://www.flickr.com/groups/macrolk/

    ස්තුතියි.

    Reply
  • Pingback: ජංගම දුරකථනයේ කැමරාවෙන් හොඳ ඡායාරූප ගැනීමට ඔවදන් කිහිපයක් | Photography සිංහලෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *