ඔබේ කැමරාව නිවැරදිව ගබඩා කරන්නේ කෙසේද

කැමරාවක් මුල්වරට ගන්න හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් මේක කොහෙද තියන්න ඕන කියලා.අපි බලමු අපේ මට්ටමින් කැමරාවේ වටිනාකම අනුව පරිස්සම් කරගන්නේ කොහොමද කියලා.

කැමරා සහ කාච වලට එන ලොකුම හානිකර තත්වය තමයි දිලීර (Fungus)

මේවා වලක්වාගන්න නම් කැමරාව ගබඩා කරලා තියාගන්නකොට එහි (Humidity) ආර්ද්‍රතාවය පාලනය කරගන්න වෙනවා.

**සැලකිය යුතුයි අනවශ්‍ය ලෙස ආද්‍රතාවය අඩුවීමත් කැමරාවේ තිබෙන ඇතැම් කොටස්වලට හානි කරයි**

 

ඩ්‍රයිකැබිනට්

 කැමරාවක් තියලා තියන්න වඩාත් හොද ක්‍රමය තමයි ඩ්‍රයි කැබිනට් එකක තියන එක

වෘතීය කැමරා ශිල්පීන් බොහෝවෙලාවට කැමරා කිහිපයක්, ලෙන්ස් කිහිපයක් පාවිච්චි කරනවා. ඒවා වැඩි පරිස්සමට දාලා තියන්නේ මේ වගේ ස්වයංක්‍රීය ඩ්‍රයි කැබිනට් එකක. මේක තුල Humidity එහෙම නැත්තම් ආර්ද්‍රතාවය විදුලිය මගින් ස්වයංක්‍රීයව පාලනය වෙනවා. කැමරාව පාවිච්චියෙන් පස්සේ හොදින් දුහුවිලි දහඩිය මුහුද අවට වැඩ කරානම් ලවණ සහ තෙතමනය ඉවත් කරලා මේ වගේ උපකරණයක දැම්මොත් කැමරාවේ හෝ ලෙන්ස් වල ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ. තමුන්ගේ උපකරණ වල ප්‍රමාණය හා ඉඩකඩ අනුව විවිධ ප්‍රමාණ රැසක් වෙළඳපොළේ තියෙනවා.මේවගේ මිල ගණන් රුපියල් 25 000 විතර ඉඳන් ඉහළට තියෙනවා. 

කැමරා ඩ්‍රයි බොක්ස්

 

මේවා තමයි අපිට යන්න පුලුවන් දෙවෙනි සාර්ථකම විසඳුම.මේවාගේ විවිධ මාදිලි තියෙනවා.

  1. සාමාන්‍ය ඩ්‍රයිබොක්ස් එකක්. මේකේ ආර්ද්‍රතාමානයක් තියෙනවා. මේ තුලට වාතය ඇතුලුවෙන්නේ නෑ. අපිට පුලුවන් කැමරාවට අහිතකර මට්ටමක ආද්‍රතාවයක් තියෙනවා නම් සිලිකාජෙල් මාරුකරන්න හෝ වියලීමට ලක් කරලා නැවත දාන්න. (රු 3500 සිට ඉහළට තියෙනවා.)
  2. දෙවෙනි ඩ්‍රයිබොක්ස් එක ඇතුළත තියෙන වාතය ඉවත් කරලා රික්තක තත්වයක් ඇති කරන්න පුලුවන් (මගේ ගාවත් මේකක් තිබුනා. හැබැයි මගේ අත්දැකීම නම් මේකේ වෑල්ව් වල කල්පැවැත්ම අඩුයි). මට මතක විදිහට රු 7500ක් විතර වුනා ඒ බොක්ස් එක මම ගන්නකොට.

කැමරාව පාවිච්චියෙන් පස්සේ ඩ්‍රයිබොක්ස් එකකට කැමරාවක් දාන්න පෙර හොදින් දුහුවිලි දහඩිය මුහුද අවට වැඩ කරානම් ලවණ සහ තෙතමනය ඉවත් කරන්න වගබලාගන්න ඕන. ඒවත් එක්ක ඩ්‍රයිබොක්ස් එකකට දැම්මාට කැමරාවට හානි වෙන එක වලක්වන්න බෑ.

ආදේශක / විකල්ප

දුක්විඳලා හම්බුකරලා නොකා නොබී ඉතුරුකරලා ඡායාරූපකරණයට තියෙන ආසාව නිසාම අවම මට්ටමේ DSLR එකක් ගත්තු අය තමයි අපි අතර වැඩිපුර ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට කැමරාව පරිස්සම් කරන්න තව ලොකු ගානක් වියදම් කරන්න බෑ. ඒත් මෙච්චර වටින කැමරාව පරිස්සම් කරගන්න ඕන නේ. ඒකට අපිට සරළ විසදුම් තියෙනවා. නමුත් කියන්න ඕන විකල්ප කියන්නේ 100%ක් සාර්ථක දේවල් නෙමේ සැනසීමට යමක් පමණයි කියලා.

Vacuum Box

මේවාහදලා තියෙන්නේ කැමරා දාන්න නම් නෙමේ. ආහාර වර්ග තියාගන්න. නමුත් ඉතින් වාතය ඇතුල්වෙන්නේ නැති සංවෘත පද්ධතියක් නම් අපිට පුලුවන් සිලිකාජෙල් දාලා ඒක තුළ ආර්ද්‍රතාවය පාලනය කරන්න. Arpico වගේ තැනකට ගියාම රු 300 සිට ඉහළට තියෙනවා. තව මාදිලියක් තිබ්බා ලෙන්ස් එක වෙනම දාන්න පුලුවන් මේ වගේම වාතය නොයන සීල් එකක් තියෙන බෝතල්. නමුත් මට රූපයක් හොයාගන්න බැරිවුනා.

Vacuum Pack

මේවා තියෙන්නේ ආහාර හා විවිධ දේවල් ගබඩා කරන්න. විශේෂයෙන්ම දියුණු රටවල් වල කෑම ජාතී ෆිරිජ් එකට දාන්නේ මේවාට දාලා. ප්ලාස්ටික් පැකට් එකක් කට සීල් කරන්න පුලුවන්. මේක ඉතාම වටිනවා දුරක බැහැරක යනකොට කැමරා බෑග් එක ඇතුලේ දාගෙන යන්න පුලුවන්. 

අවසාන වශයෙන්

  1. කැමරාවකට ආදරේ කරන තරමට ඒකේ ආරක්ෂාව වැඩියි.
  2. ඔබේ කැමරාව ගබඩා කරන හැම වෙලාවකම සීරෙන්නේ නැති හොද පිරිසිදු රෙදි කඩකින් එය පිසදමන්න. මක් නිසාද යත් දුහුවිල්ල තෙතමනය සහ ලවණ කැමරාවේ ප්‍රධාන සතුරන් වෙන නිසා.
  3. ඔබ පාවිච්චි කරන කැමරා ඩ්‍රයි බොක්ස් එක හෝ ආදේශකය හැකි තරමි දුහුවිල්ලේන් තෙතමනයෙන් තොර තැනක තියන්න. තෙතමනය දුහුවිල්ල ඇති තැන් වලදී එය විවෘත්ත කරන්න එපා.
  4. ස්වයංක්‍රීය ඩ්‍රයි කැබිනට් එකක් පාවිච්චි නොකරනවා නම් අඳුරු තැන් වල කැමරා උපකරණ ගබඩා කරන කැමරා ඩ්‍රයි ‍බොක්ස් එක හෝ වැකියුම් බොක්ස් එක තියන්න එපා. ආලෝකය විනිවිද යන තැනක තියන්න. අඳුරු තැන් වල තෙතමනය රැදෙනවා වැඩියි.  

13 thoughts on “ඔබේ කැමරාව නිවැරදිව ගබඩා කරන්නේ කෙසේද

  • July 1, 2012 at 3:33 pm
    Permalink

    ස්තුතියි, ගොඩක් වටින ලිපියක්.

    Reply
  • July 27, 2012 at 10:11 pm
    Permalink

    aiye dry cabin ekak hadana hati ugannanako
    eka hamotama godak watinawa

    Reply
  • November 17, 2012 at 12:00 pm
    Permalink

    camerawata hithakara Humidity ekak kiyala thiyenawada..
    dry box ekaka silica pac eka kopamana welawak rath karanna oneda
    Humidity meter eka thiyenna one range eka kohomada..
    mata poddak pahadili karala denawada..

    mama lagadi camaraway dry box ekay gaththe..

    Reply
    • May 14, 2013 at 12:17 pm
      Permalink

      කැමරාවක් ගබඩාකරලා තියන්න සුදුසුම හියුමිඩිටි එක 40%ත් 45%ත් අතර. එයිට වඩා අඩුවෙන්න ඒතරම් හොද නෑ. 60%න් පස්සේ හානිකර මට්ටමට එනවා. සිලිකා ජෙල් රත්කරන ප්‍රමානේ මෙච්චරයි කියලා කියන්න විදිහක් නෑ. සිලිකා ජෙල් රත්කරලා නිවෙන්න පෙර ඩ්‍රයිබොක්ස් එකට දාන්න හොද නෑ. තරමක් නිමෙනතුරු තියලායි කැමරා දාන්න ඕන. මොකද කැමරාවට අධික උෂ්ණත්වය හොද නෑ…

      සිලිකාජෙල් රත්කරන්න ඕන හියුමිඩිටි එක 60% ඉක්මවන තෙක් වැඩිවෙනකොට. ඒ නිසා හියුමිඩිටි ‍මීටර් එකක් භාවිතා කරන්න…

      සිලිකා ජෙල් රත්කිරීමෙන් කැට පුපුරන්න පුලුවන්. එතකොට ඒකේ ඩස්ට් ගතියක් ඇති වෙනවා. ඒ නිසා සිලිකාජෙල් පැකට් එකක් හදලා දාන්න පුලුවන් නම් වඩාත් හොදයි.

      පැකට් එකක් හදන්න තුනී කඩදාසියක් හොයාගන්න ඕන (ටී බැග් වල තියෙන කඩදාසිය වගේ හොදයි)

      Reply
  • February 26, 2013 at 6:51 pm
    Permalink

    godak watina lipiyak

    Reply
  • July 10, 2013 at 9:34 pm
    Permalink

    මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ස්තුතියි

    Reply
  • September 14, 2013 at 5:37 pm
    Permalink

    appreciate your work..

    Reply
  • February 18, 2014 at 2:19 pm
    Permalink

    sarala lipiyak maru oyage wade

    Reply
  • May 21, 2014 at 11:22 pm
    Permalink

    බොහොම ස්තූතියි…
    එකක් මේ විදිහට ගබඩා කලාම​, වැඩිකල් පාවිච්චි කරන්න පුලුවන්-ද​?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *