DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – තෝරා ගැනීම – 2 කොටස

<පෙර ලිපියට

ඔබ මිලට ගත යුතු කැමරාව තෝරා ගැනීමේදී බලන්න ඕනෙ දේවල් අපි මීට පෙර ලිපියෙදි සාකච්ඡා කළා. මේ ඒ ලිපියේ ඉතිරි කොටස.

Lens Mounts

Lens Mount එකක කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි, කැමරාවට ලෙන්සය සවි කිරීම. අනිත් එක, කැමරාව හා ලෙන්සය අතර පණිවුඩ හුවමාරු කර ගැනීම. හුඟක් ලෙන්ස්, ගැළපෙන ලෙන්ස් මවුන්ට් එකක් තිබෙන ඕනෑම කැමරාවකට සවි කරන්න පුළුවන්. නමුත් අර තොරතුරු හුවමාරු කරගැනීම කරන්න පුළුවන් වෙන්න අදාල හැකියාවන් සහිත කාචයක් හා DSLR body එකක් විය යුතුයි. මොකද දැන් තිබෙන අලුත්ම කාච වල විවිධ නවතම තාක්ෂණයන් භාවිතා වෙනවා. ඒත් එක්කම ලෙන්ස් මවුන්ට් වලත්. ඉතින් අලුත්ම කැමරාවකට පරණ කාවයකුත්, පරණ කැමරාවකට අලුත්ම කාචයකුත් සවි කරනකොට, අර අලුත් තාක්ෂණයන් භාවිත කළ නොහැකි වෙන්නට ඉඩ තිබෙනවා.

DSLR කැමරා වල තිබෙන ප්‍රධානතම වෙනසක් තමයි මේ lens mount එක. මොකද ඒක අනුව ඒ ඒ කැමරාව සමඟ භාවිතා කළ හැකි කාචයනුත් වෙනස් වල නිසා. ඒ අදාල කැමරා නිෂ්පාදන සමාගම නිපදවන කාච සවි කරන්න පුළුවන් වෙන්න තමයි ඔවුන් ලෙන්ස් මවුන්ට් එකත් හදන්නෙ. නමුත් වෙනත් කාච නිෂ්පාදන සමාගම් තිබෙනවා, විවිධ ලෙන්ස් මවුන්ට් වලට හරියන්න කාච නිපදවන. ඒවායේ තාක්ෂණික මට්ටම් හා තත්වයත් එකිනෙකින් වෙනස් වෙනවා. කුඩා කැමරා සෙන්සර සඳහා නිපදවන කාචත් කුඩයි, සැහැල්ලුයි, මිලෙනුත් අවු වෙන්නට පුළුවන්. ඒත් එක්කම, විශාල කැමරා වෙන්සර වලට ගැළපෙන්න හදන කාච විශාල හා බරින්ද, මිලින්ද වැඩියි.

කාච වර්ග

Zoom කිරීමේ හැකියාව නැති කාච හඳුන්වන්නේ Prime Lens වශයෙන්. Zoom කරන්න පුළුවන් ඒව Zoom Lens කියල හඳුන්වනවා. සූම් ලෙන්ස් භාවිතා කිරීමේ වාසි තිබෙනවා. ඡායාරූපයක් රාමුගත කිරීමේදී, ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ප්‍රයිම් ලෙන්ස් වලත් ගොඩක් වාසි තිබෙනවා. උදා: බර අඩු කම, විශාලත්වයෙන් අඩු වීම, වඩා විශාල ඇපචර අගයක් තිබීම වගේ දේවල්. ඒත් එක්කම ඡායාරූප වල තත්වයත් ගොඩක් ඉහළයි.

කාචයක, ඉහළම ඇපචර අගය, එම කාචයේ නාභිය දුර සමඟ වෙනස් වෙනවා. ඇපචරය විශාලයි කියන්නෙ අවශ්‍ය වන්නේ අඩු ආලෝකයක් කියන එක සහ ඡායාරූපයේ ගැඹුර (Depth of Field) ඉතා අඩුයි කියන එකයි. කාචයක කුඩා හා විශාල ඇපචර අගයන් දෙකක් ලබා දෙනවා. ඒ නාභිය දුර අඩුම විට ලැබෙන විශාලම ඇපචර අගය හා නාභිය දුර වැඩිම විට ලැබෙන කුඩාම ඇපචර අගයනුයි. ලෙන්ස් එකකදී එක් ඇපචර අගයක් පමණක් සඳහන් නම් ඒකෙන් කියවෙන්නේ කාචයේ සියළුම නාභිය දුර සඳහා ඇත්තේ එක විශාලම ඇපචර අගයක් බවයි.

දැනට තිබෙන අලුත් කාච බොහොමයක්ම ස්වයංක්‍රීයව නාභිගතකිරීම් කළ හැකි කාචයි. ඒත් එක්කම ඒ බොහොමයක, manual focusing පහසුකමත් තිබෙනවා.

සාමාන්‍ය කාචයකට නොහැකි තරම් ලභ වස්තූන්ට නාභිගත කළ හැකි කාච, macro lens යන නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් කාචය අසලම වස්තූන්ට පවා නාභිගත කළ හැකි කාච තිබෙනවා.

කැමරා වගේම කාච වලටත් අනන්‍ය වූ විවිධ තත්වයන් තිබෙනවා. ඒක කාචයේ specification එක මත පමණක්ම රැදෙමින් තේරුම් ගත හැක්කක් නොවෙයි. විවිධ නිෂ්පාදකයින්, විවිධාකාරයේ පහසුකම් සහිත කාචයන් නිපදවනවා. කාචයක තිබෙන තත්වය මත, එය භාවිතයෙන් ලැබෙන ඡායාරූපයේ තත්වයන්ද වෙනස් වෙනවා.  sharpness, resolution, contrast සහ aberrations වගේ දේවල් උදාහරණයන්ට ගන්න පුළුවන්. කාචයේ තත්වය එම කාචය භාවිත කිරීමේදී ඡායාරූපයක් නාභිගත කිරීමට ගත වන කාලයටත් ගොඩක් බලපානවා. Canon කාච, නිශ්ශබ්ද හා වේගවත් නාභිගත කිරීමේ හැකියාවකින් යුක්ත වෙනවා. ඔවුන් එය USM නමින් හඳුන්වනවා ඒත් එක්කම Pentax මැය හඳුන්වන්නේ SDM නමින්. Nikon මේකට කියන්නෙ AF-S කියල. Sony කියන්නෙ SSM කියලයි.

නාභිය දුර

 

කාච තෝරා ගැනීමේදී ඒ කැමරාවට අදාලව, දර්ශන කෝණය අනුව තෝරාගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් ගතහොත්, 35mm වලට අනුපාතික නාභිය දුරත් එක්කයි ඒක ප්‍රකාශ කෙරෙන්නේ. 

  • 50mm ලෙන්ස් එකක් සාමාන්‍ය කාචයක් විදිහට හැඳින්වෙනවා. ඒකට හේතුව වන්නේ ඒක සාමාන්‍ය මිනිස් ඇසකට සමාන මට්ටමින් වගේ ක්‍රියාත්මක වන නිසයි.
  • 35 – 70mm කාච, සම්මත කාච වෙනව. මේව භාවිතා කරන්නෙ එදිනෙදා හා සාමාන්‍ය ඡායාරූපකරණයටයි.
  • 70mm වලට වඩා විශාල කාච telephoto lenses වෙනවා. මෙතැන් සිට මීට විශාල ඒවාට zoom කිරීමේ හැකියාව තිබෙනවා.
  • 250mm ප්‍රමාණයට වඩා විශාල කාච ultra-telephoto කාචයන් වෙනවා.
  • 35mm වලට වඩා කුඩා කාච wide-angle lenses වෙනවා. මේවාට ඉතා විශාල පරාසයක් ඡායාරූපයට නතු කරගන්න පුළුවන්.
  • 24mm වලට වඩා කුඩා ඒවා ultra-wide angle lenses ලෙස හඳුන්වනවා මේවායේ යම් රූපයේ ඇද වීමක් පෙන්වනවා හුඟක්ම නාභිය දුර අඩු ඒව fish eye lenses කියල හඳුන්වනවා.
  • පුද්ගල ඡායරූප ගන්න සුදුසුම වෙන්නෙ 105mm වගේ කාචයක්. ඒවායින් ලස්සන පෙනුමක් ලබා දෙනවා.

ඔබට අවශ්‍ය කාචය තේරීමේදී.

  • ප්‍රයෝජනවත් නාභිය දුර ප්‍රමාණයන් තේරීමක් කර ඒවා කැමරාවේ focal-length-multiplier එකෙන් ගුණ කරන්න.
  • විශාලම එක කුඩාම නාභිය දුරෙන් බෙදා අවශ්‍ය කරන optical zoom අගය සොයාගන්න.
  • Optical Zoom අගය 15Xට වඩා වැඩි නම් කාච එකකට වඩා අවශ්‍ය වේවි.
  • Optical Zoom අගය 6X වලට වඩා වැඩි නම් එක කාචයක් ප්‍රමාණවත් වුවත් ඡායරූපයේ තත්වයට යම් නරක බලපෑමක් කළ හැකියි.
  • කෙටි පරාසයක් පමණක් අවශ්‍ය නම් එක් zoom lens එකක් හෝ prime lens කිහිපයක් භාවිතා කළ හැකියි.
  • ඔබට අවශ්‍ය පරාසය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කාචය/කාච කුමන ඒවාදැයි හරි හැටි තෝරාගන්න. ඊට අමතරව ඔබගේ තේරීම කිරීම සඳහා, ඔබට අවශ්‍ය විශාලතම aperture අගය, කුඩාම නාභිය දුර කුමක්ද යන ඒවා ගැනත් සිතන්න අමතක කරන්න එපා.

9 thoughts on “DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – තෝරා ගැනීම – 2 කොටස

  • March 11, 2013 at 2:22 pm
    Permalink

    Oya me karana deyata stuti karanna wachana naha.

    Hama deyakma mudalata wikinena me kale….. me kalawata kamattak dakwana ayage danuma sadaha oya karana sewaya godak watinawa.

    digatama me dewal karagena yanna haiiak labenna kiyala man prarthana karanawa.

    mamanam sahenna dewal igena gatta.

    thank youl.

    Reply
    • March 11, 2013 at 3:00 pm
      Permalink

      බොහොමත්ම ස්තුතියි මේ වටිනා කමෙන්ට් එකට. ඔබ මේකෙන් යම් ප්‍රයෝජනයක් ගත්තා නම් ඒක අපිට සතුටක්. “)

      Reply
  • April 5, 2013 at 10:05 am
    Permalink

    nikon D5200 cam ekakata samanyen hoda thaththe photos ganna hoda leans monada..

    Reply
  • November 24, 2013 at 10:03 pm
    Permalink

    eaththartama oyata goda…k thanx mee karana udaw walata photography kiyanne godak loku deyak yaluwekwath kisima deyak kiyala denne nati mattamata meke tharagayak tiyenawa kiyalai mata hitenne kohoma unath oyala mee karana wade tawath hodin karagena ynna puluwan wenna kiyala mama prarthana karanawa !!!!!!!!!!!!!!

    Reply
  • December 29, 2013 at 9:22 pm
    Permalink

    hungak watina visthara tikak. aiye
    18-55
    18-135
    me lens 2n kerena de tikak pahadili karalaa denawada.
    mama canon 60D camera ekak ganna hadanne. eath lense eka thoraganna therenne naha. mama video gannath balaaporoththuwen thamayi cam eka ganne. koyi lens ekada ganna honda. ea lense 2 gana podi vistharayak kiyanawada.

    Reply
  • January 22, 2014 at 12:36 pm
    Permalink

    very nice & very good bor

    Reply
  • February 16, 2014 at 5:36 pm
    Permalink

    Awesome. Ada mama me tatwe inne me page eka nisa. baya natiwa photography gana tarka karanna puluwan danumak me page eken man gatta. digatama karan yanna saktiya labewa bro

    Reply
  • July 3, 2014 at 12:41 pm
    Permalink

    අත්තටම මෙ උපඩෙස් ටික සෙහෙන්න වටිනව

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *