Depth of Field | ක්ෂේත්‍ර ගැඹුර ගැන තවත් විස්තර

කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම

මේ Depth of Field පාලනය කරන හැටි හා පාලනය කරලා නිර්මාණාත්මක ඡායාරූපයක් ගන්න හැටි කියල දෙන්නයි මේ ලිපිය ලියවෙන්නේ.

Generic DOF diagram.jpg

කෙටියෙන් කිව්වොත්, යම් දෙයක් නාභි ගත කළාම ඒ නාභි ගත කළ ලක්ෂ්‍යයට ඉදිරියෙන් (පෙරබිමින්) හා පසුපසින් (පසුබිමින්) තව දුරටත් පැහැදිව පෙනෙන දුර පාරාසය ක්ෂේත්‍ර ගැඹුර – Depth of Field ලෙස හඳුන්වනවා. DOF කියන්නෙත් මේකට තමයි.

උදාහරණයක් හැටියට බලන්න මේ ඡායාරූප දෙක

depth-of-field-1.jpg

උඩ තියන රූපයේ දැලේ ඈත කෙළවරේ සිට ළඟම ස්ථනය දක්වාම ඉතාම පැහැදිලි ව සටහන් වෙලා තියනවා. ඒ කියන්නේ මේ ඡායාරූපයේ ක්ෂේත්‍ර ගැඹුර වැඩියි. ඒත් දෙවන රූපයේදී ඒ අවස්ථාවේ Focus කරපු දැල් කොටස විතරක් පැහැදිලි ව සටහන් වෙලා ඊට ඉදිරියෙන් (පෙරබිමින්) හා පසුපසින් (පසුබිමින්) තියන සියල්ල අපැහැදිලි ( Focus-Out) වෙලා. මේ ඡායාරූපයේ ක්ෂේත්‍ර ගැඹුර අඩුයි.

සාමාන්‍යයෙන් යම් දෙයක් නාභි ගත කළාම එතැන සිට ඉදිරියට තවදුරටත් පැහැදිලිව පෙනෙනෙ දුර වඩා නාභි ගත කළ තැන සිට පිටුපසට ක්ෂේත්‍ර ගැඹුර වැඩියි. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඉදිරියට ක්ෂේත්‍ර ගැඹුර මීටර් 1 වුණා කියලා හිතුවොත් පිටුපසට ඒ වගේ දෙගුණයක්, මීටර් 2පැහැදිලි ව සටහන් වෙනවා. එතකොට සම්පූර්ණ ක්ෂේත්‍ර ගැඹුර මීටර් 3යි.

depth_of_field.jpg

දැන් අපි බලමු ඡායාරූපයක් ගනිද්දී මේ ගැඹුර පාලනය කරන්නේ කොහොමද කියලා. ක්ෂේත්‍ර ගැඹුර වෙනස් කරන්න අපිට ප්‍රධාන කරලා 3ක් උදව් වෙනවා.

  1. Aperture හෙවත් කාච විවරයේ ප්‍රමාණය
  2. කැමරාවේ සිට නාභිගත කරන වස්තුවට ඇති දුර
  3. කැමරාවේ කාචයේ නාභි දුර/ දර්ශන කෝණය.

01. Aperture හෙවත් කාච විවරය.

Aperture නැත්නම් කාචයේ විවරය ගැන පොඩි විස්තරයක් මේ ලිපියේ තියනවා. ඉස්සෙල්ලා ඒක කියවලා බලන්න. http://www.photographylk.com/?p=13
මේ කාච විවරයෙන් සිද්ධ වෙන්නේ අලෝක පාලනය විතරක්ම නෙමෙයි. ක්ෂේත්‍ර ගැඹුරත් පාලනය කරන්න පුලුවන්. කාච විවරය විශාල වෙනකොට (ඒ කියන්නේ විවරයේ f අගයසංඛ්‍යාත්මක ව කුඩා වෙන කොට) රූප රාමුවේ ක්ෂේත්‍ර ගැඹුර අඩු වෙනවා. කාච විවරය කුඩා වෙන කොට (ඒ කියන්නේ විවරයේ f අගය සංඛ්‍යත්මක ව විශාල අගයක් ගන්න කොට) රූප රාමුවේ ක්ෂේත්‍ර ගැඹුර වැඩි වෙනවා.

DOF-Apature.jpg

ඔබ 1.4 / 2 / 2.8 / 4 වගේ අඩු f අගයක යොදලා ඡායාරූපයක් ගන්වා නම් අඩු ගැඹුරකුත් 11 / 16 / 22 / 32 වගේ වැඩි අගයක් යොදලා ඡායාරූපයක් ගන්වා නම් වැඩි ගැඹුරකුත් ඔබේ ඡායාරූපයට එක් කරන්න පුලුවන්. හැබැයි මතක තියා ගන්න ඕනේ f අගය අඩු වෙනකොට ආලෝකය වැඩිපුර ඇතුළු වෙනවා වගේම වගේම f අගය වැඩි වෙනකොට අලෝකය අඩු වෙලා කරුවල වෙලා යනවා.

02. කැමරාවේ සිට නාභිගත කරන වස්තුවට ඇති දුර

සරළව ම කිව්වොත්, ඔබ ඡායාරූපයට හසු කරන වස්තුවට ළඟින් ඉන්නවා නම් ක්ෂේත්‍ර ගැඹුර අඩුයි, වස්තුවට දුරින් ඉන්නවා නම් ක්ෂේත්‍ර ගැඹුර වැඩියි.

DOF-Distance 1.jpgDOF-Distance 2.jpg

ඒ නිසා ඔබ ඉතා ළඟට ගිහින් ඡායාරූප ගන්න මල්, සමනළ්ලු වගේ දෙවල් ඡායාරූපයට ගන්න විට මේ ගැන මතක තියා ගන්න. ඒ වගේම Macro Mode එකෙන් ඡායාරූප ගන්න කොටත් මේ ගැන අවධානයෙන් ඉන්න. ක්ෂේත්‍ර ගැඹුර අඩු නිසා හරියටම අවශ්‍ය කරන දේ, තැන නූලට Focus කළේ නැත්තම් අවශ්‍ය දේ බොඳ වෙලා අනවශ්‍ය දෙයක් පැහැදිලිව Focus වෙලා තියේවි.

ඔබ කැමරාවෙන් ඈත තියන දේවල් ඡායාරූපයට ගන්නවා නම් ක්ෂේත්‍ර ගැඹුර වැඩි නිසා නූලට Focus කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ. දැකලා ඇතිනේ Landscape භූමි දර්ශන ඡායාරූප වල රූප රාමුවේ තියන හැම දෙයක්ම ගානට Focus වෙලා තියනවා.

Thanthirimale-00542.JPGmountain-grass.jpg

03. කැමරා කාචයේ නාභි දුර

කැමරා කාචවල නාභි දුර , දර්ශන කෝණය හා නාභි ගත වීම අතර සම්බන්ධය විස්තර කරන එක ටිකක් සංකීර්ණ වැඩක්. කෙටියෙන් කිව්වොත් කාචයේ නාභි දුර වැඩි වෙනකොට ක්ෂේත්‍ර ගැඹුර අඩු වෙනවා, නාභි දුර අඩු වෙනකොට ක්ෂේත්‍ර ගැඹුර අඩු වෙනවා. මේ කතාවම සරල විදිහට කිව්වොත් ඔබ යම් ඡායාරූපයක් Zoom-In කරලා ගන්නවා නම් එකතොට ක්ෂේත්‍ර ගැඹුර අඩු වෙනවා. Zoom-Out කරලා වැඩි දර්ශන කෝණයක් ලබා ගන්නවා නම් ක්ෂේත්‍ර ගැඹුර වැඩි වෙනවා.

මේ කාරණය නිසාම ඡායාරූප ශිල්පීන් දුර ඇති දෙවල් ඡායාරූප ගත කිරීමට පාවිච්චි කරන Tele Lens (දුර රූප කාච-50mmට වඩා වැඩි) වල ක්ෂේත්‍ර ගැඹුර අඩුයි. විශාල දර්ශන කෝණයක් සහිත Wide Angle Lens (පුළුල් කෝණී-කාච 40mmට වඩා අඩු) වල ක්ෂේත්‍ර ගැඹුර වැඩියි.

දැන් මේ කිව්ව කරුණු ඔක්කොම වාක්‍ය 3කට ගත්තොත් මෙහෙමයි

1. Aperture එක විශාල වෙනකොට Depth එකඅඩු වෙනවා.

2. වස්තුවට ඇති දුර අඩු වෙනකොට Depth එකඅඩු වෙනවා.

3. නාභි දුර අඩු වෙන කොට Depth එකවැඩි වෙනවා.

සිද්ධාන්ත මෙහෙම උනාට ඡායාරූපයක් ගන්න කොට ඒ ඡායාරූපයේ ගැඹුර තීරණය වන්නේ මේ තුනේම එකතුවෙන්.

5 thoughts on “Depth of Field | ක්ෂේත්‍ර ගැඹුර ගැන තවත් විස්තර

  • Pingback: Point and Shoot With DOF |

  • June 7, 2012 at 12:39 pm
    Permalink

    watinama visthara tikak..mama nodanna godak dewal danagatta…

    Reply
  • August 25, 2012 at 9:31 pm
    Permalink

    නියමයි…. තවලිපි ඉදිරිපත් කරන්න.. ඹ‍ෙබි දැනුම අ‍ෙප් ජවයයි….

    Reply
  • September 29, 2012 at 7:42 pm
    Permalink

    godaak wadagat lipiyak mamat honda danumak labagatta kiyala hitanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *