Aperture Priority Mode එකෙන් සෙල්ලං දැමීම

මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව Aperture එක ඔබට කැමති ලෙස සකස ගන්න, shutter speed, focus, white balance, ISO කියන දේවල් කැමරාව මගින් ගැළපෙන ලෙස සකසා ගන්නව. Aperture එක වෙනස් කිරීමෙන් වෙන්නෙ ඔබට අවශ්‍ය ලෙස Depth Of Field සකසා ගත හැකි වීමයි. එහි ඉලක්කම (Aperture value) වැඩි වෙන්න වැඩි වෙන්න, විවරයේ ප්‍රමාණය කුඩා වෙනවා. එවිට කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය අඩුයි, එවිට DOF එක වැඩි වෙනව. Aperture value එක අඩු වන විට විවරය විශාල වෙනවා. එවිට කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය වැඩියි, එවිට DOF එක අඩු වෙනව.

Aperture එක අනුව කැමරාව මගින් අවශ්‍ය ලෙස shutter speed එක තෝරා ගන්නව. කුඩා Aperture value එකකට වේගවත් shutter speed එකකුත් විශාල Aperture value එකකට අඩු shutter speed එකකුත් ලෙස කැමරාව shutter speed එක සකසා ගන්නව. කැමරාව A (හෝ Av) කියන මෝඩ් එකට දාගන්න.


ඡායාරූපයට අවශ්‍ය වස්තූන් මත නාභිගත කරල, ඡායාරූපය ගන්න.

මේව බලන්නකො, මේ තියෙන්නෙ එකම අවස්ථාවක්, වෙනස් Aperture values දෙකකින් ගත්තම පේන හැටි.
බලන්න, ඇපචරයේ අගය අඩු උනාම පසුබිම බොඳවෙලා ගිහිල්ල, ඇපචරය වැඩි උනාම හැම එකක්ම පැහැදිලිව පේනව.
මේ වගේම ඔබට පුළුවන් shutter Priority (S/Tv) මෝඩ් එකෙත් වැඩ කරන්න, ඒකෙදි වෙන්නෙ shutter speed එක තේරීමට ඔබට අවස්ථාව දීල, අනෙකුත් සැකසුම් කැමරාව මගින් සිදු කිරීම.

4 thoughts on “Aperture Priority Mode එකෙන් සෙල්ලං දැමීම

  • November 23, 2009 at 12:45 am
    Permalink

    නියමයි.. මේ option එක සාමාන්ය digital කැමරාවල තියෙනවද?

    Reply
  • November 23, 2009 at 12:48 am
    Permalink

    හැම එකේම නෑ. නමුත් බොහෝ ඒවායෙ තියෙනව.

    Reply
  • November 23, 2009 at 7:45 pm
    Permalink

    Good, Keep writting..

    Reply
  • May 21, 2012 at 2:12 pm
    Permalink

    කුඩා Aperture value එකකට අඩු shutter speed එකකුත් විශාල Aperture value එකකට වේගවත් shutter speed එකකුත් ලෙස කැමරාව shutter speed එක සකසා ගන්නව. ලෙසින් නිවැරදි විය යුතුයි නේද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *