සමූහ ඡායාරූපයක් ගැනීම

අද අපි කතා කරන්නෙ සමූහ ඡායාරූප ගැනීම ගැන.

බොහෝ වෙලාවට සමූහ ඡායාරූපයක් ගන්නව කියන්නෙ එක පාරටම කරන්න බැරි දෙයක්. එහෙම පුළුවන් උනොත් ඉතින් වාසනාව තමයි. සමූහ ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට ඡායාරූප ශිල්පියාට සිදුවෙනවා, ඡායාරූපයට ගැළපෙන විදිහට වටපිටාව හා පුද්ගලයින්ව සකසා ගන්න. ඒක නිසා කොයි වෙලේවත් පසුබටවෙන්නෙපා, අධ්‍යක්ෂක වෙලා, ඉන්න කට්ටියට කියන්න, කොහොමද/කොයි තැන් වලද හිටගන්න ඕනෙ, ඉඳගන්න ඕනෙ, කොහොමද ඉන්න ඕනෙ, කියල. හැබැයි කට්ටියව හුඟක් වෙලා රස්තියාදු කරන්න නම් එපා.

ඡායාරූපය ගන්න ගැළපෙනම හොඳම ස්ථානය තෝරාගන්න. පුළුවන් නම් ගස් වගේ දේවල් පාවිච්චි කරන්න ඉන්න කණ්ඩායම පෙළ ගස්වනකොට.

ගැළපෙන හොඳ තැනක් ලැබුනට පස්සෙ, ඉන්න පුද්ගලයින්ව ගැළපෙන විදිහට සකසා ගන්න, කට්ටියක් හිටගෙන, කට්ටියක් ඉඳගෙන, සමහරුන්ව ඇලයට තියල, විවිධ කෝණ ඔස්සේ එයාලව පෙළ ගස්වන්න. ඡායාරූපයට ලස්සනක්, කළාත්මක ගතියක් එකතු වෙන විදිහට එයාලව පෙළිවෙලකට සකසන්න. බලන්නකො මේ පහත ඡායාරූපය.

Image1.jpg

ඒ ඉන්න අය සමීප වෙලා, එකිනෙකා දෙසට හිස් ඇල කරගෙන, එකිනෙකාව ස්පර්ශ කරමින් සිටීම වගේ දේවල් වලින් ලොකු ලස්සනක් එකතු කරන්න පුළුවන් ඔබේ ඡායාරූපයට.

ඔබට ඡායාරූපයට ලක් කරගන්න සිදු වෙලා තියෙන කණ්ඩායම ටිකක් ලොකු කණ්ඩායමක් නම්, නැත්තම් පොඩි ළමයි එහෙම ඉන්න කණ්ඩායමක් නම්, ඒ කණ්ඩායම හසුරවාගන්න තව කෙනෙක්ගෙ උදව් ගන්න එක ඔබට ලොකු පහසුවක් වෙයි. කණ්ඩායම හුඟක්ම ලොකු එකක් නම් ටිකක් ඉහළ මට්ටමක ඉඳල ඡායාරූපය ගන්න පුළුවන් නම් වැඩි දෙනෙක් රාමුව තුළට ගන්න වඩා පහසු වේවි.

කුමන හෝ ක්‍රියාකාරකමක යෙදිල ඉන්න කණ්ඩායමක් ඡායාරූපයට ගන්නව නම් ඔවුන් යෙදිල ඉන්න ක්‍රියකාරකමට සම්බන්ධ වෙන දේවල් මොනව හරි රාමුව තුළට ගන්න උත්සාහ කරන්න. ඒකෙන් ඡායාරූපයට අදහසක් එකතු කරනවා. (ඔයාලට මතකනම්, මේක මම පුද්ගල ඡායාරූප ගැනීම සම්බන්ධ ලිපියෙදිත් කිව්ව.) බලන්නකෝ මේ ඡායාරූපය.

Image2.jpg

කට්ටියව ගාණට සකසා ගත්තට පස්සෙ, එයාලට කියන්න පොඩ්ඩක් විවේකී මනසක් ඇති කරගන්න කියල. මොකද එයාල ඉන්නෙ අසහනයකින් නම් ඡායාරූපය කැත වේවි. පොඩි විහිළුවක් එහෙම කරල ඔවුන්ව ස්වභාවිකවම සිනාසෙන්න සලස්වන්න. ඊළඟට ඡායාරූපය ගන්න.

6 thoughts on “සමූහ ඡායාරූපයක් ගැනීම

  • May 24, 2012 at 9:26 pm
    Permalink

    මම පොටෝග්‍රැපිඑල්කේ වෙබ් අඩවිය තුල කියවු පළමු ලිපිය. මම අද තමයි මේ පැත්තට ගොඩ වුනේ. ඉතින් දැන් මුල ඉදලම ලිපි ටික කියවනවා. හොඳ ලිපියක් සහෝ…

    Reply
    • May 24, 2012 at 9:28 pm
      Permalink

      බොහොම ස්තුතියි. දිගටම එකතු වෙලා ඉන්න, ඉදිරියෙදි, තව ගොඩාක් දේවල් ඔබ හැමටම දෙන්න අපි සැලසුම් කරගෙන ඉන්නව. 🙂

      Reply
      • June 1, 2012 at 1:54 pm
        Permalink

        ගොඩක් වටිනා ලිපි පෙළක් සහෝදරයා.දිගටම කරගෙන යන්න කියල මම සුභ පතනවා…!!!

        Reply
  • October 10, 2012 at 5:00 pm
    Permalink

    ගොඩාක් වටිනවා‍
    දන්න දේ අඩුවක් නැතිව කියලා දෙන්වට ඔයාලට පිං

    Reply
  • October 7, 2015 at 10:26 am
    Permalink

    ගොඩක් වටිනා ලිපි පෙළක්,
    බොහොමත්ම ස්තුතියි …

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *