සමබරතාවය ගැන හිතන්න

රාමුව තුළ ඡායාරූපයේ සමබරතාවයක් තිබුනෙ නැත්තම් ඡායාරූපය එතරම් ඇසට ප්‍රියජනක වෙන්නෙ නෑ, ඒක නිසා සමබරතවය හරිම වැදගත්.

සමබරතාවය ඇති කරන්නෙ රාමුව තුළ තිබෙන වර්ණ වලින්, රාමුව තුළ තියෙන වස්තූන්ගෙන්, එහෙමත් නැත්තම් වර්ණ වල තද ලා බවෙන් වෙන්නත් පුළුවන්. ඒ ඒ වස්තූන්, වර්ණ හරි හැටි ස්ථානගත කිරීමෙන් ඔයාගෙ ඡායාරූපයේ සමබරතාවයක් ඇති කරගන්න පුළුවන්, සහ ඡායාරූපය ලස්සන කරගන්න පුළුවන්.

මේ කියන සමබරතාවය, සමමිතික (විධිමත් එකක්, ස්ථිතික එකක්) වෙන්නත් පුළුවන්, අසමමිතික (අවිධිමත් නැත්තම් ගතික) වෙන්නත් පුළුවන්.

හිතන්න, සමමිතික ඡායාරූපයක තියෙන දේවල් පේන්නෙ නැවතිලා තියෙනව වගේ, උදාහරණයක් ගත්තොත් හිතන්න බයිසිකලයක නැගල වේගෙන් යන පාපැදිකරුවෙක්. එයාව අපි රාමුවේ මැදට ගත්තොත් අපිට එකපාරටම හිතෙන්නෙ එයා නැවතිලා කියලයි. නමුත් හිතන්න ඒ පාපැදි කරුවම රාමුවේ පැත්තකට ගත්තොත්? බලන කෙනාට හැඟීමක් එනව එයා ගමන් කරනව කියල. (මතකද දැන්නෙ නෑ පරණ ලිපියක මේ ගැන කියල තිබ්බ, රුවල් බෝට්ටුවක උදාහරණයක් සමඟ.

ඒ වගේම තමා වර්ණත්, වර්ණ වලිනුත් ඡායාරූපයට නිර්මාණාත්මක බවක් ලබා දෙන්න පුළුවන්.

Image1.jpg

මේක දැක්ක ගමන් ඔයාලට පේනව, අසමමිතික ඡායාරූපයක් කියල, නමුත් බලන්න ඒක එහෙම අරගෙන තියෙන එකෙන් ඇති වෙලා තියෙන ලස්සන. ඔයාට හිතෙන්නෙ නැද්ද, මේ ගල කොයි වෙලේ බිමට පෙරළෙයිද කියල. (තව දෙයක්, මේකෙ ප්‍රධාන වස්තුව වෙන්නෙ අර උඩ තියෙන ගල, ඒක ඡායාරූප ශිල්පියා, Golden Point එකකට අරගෙන තියෙන බව ඔබට පේනව ඇති. Rule of Third එකත් මේකට යොදාගෙන තියෙනව කියලත් කියන්න පුළුවන්.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *