විවාහ ඡායාරූපකරණය

අවශ්‍ය උපකරණ ඔක්කොම ලෑස්ති කරගන්න. අමතර බැටරි, තව මෙමරි කාඩ්/ෆිල්ම් රීල්, අනෙකුත් උපකරණ, කාච, ත්‍රිපාදක, වගේ දේවල්.

ගත යුතු ඡායාරූප මොනවාද කියල ලැයිස්තුවක් සකසා ගන්න. ඒක ඔයාලට ගොඩාක් පහසු වෙයි. උදහරණ වශයෙන්,

  • පැමිණීම්
  • මුදු හුවමාරු
  • පෝරුවේ චාරිත්‍ර
  • කේක් කැපීම

වගේ දේවල් කියන්න පුළුවන්.

ඒ වගේම සමහර රසවත් අවස්ථා තිබෙනවා, ඡායාරූපයන්ට ඉතාම හොඳ. බලන්නකො පහත ඡායාරූපය. ඒ වගේ, මනාළයා/මනාළිය සැරසෙන අවස්ථා, වගේ දේවල්.

Image4.jpg

ඡායාරූප ගැනීමට සුදුසුම ස්ථානයන් තෝරා ගන්න, උත්සවයේ වැඩ කරන අයට, පැමිණි අමුත්තන්ට කරදරයක් නොවෙන විදිහට ඒ ස්ථානය තෝරා ගැනීම වගේම ඡායාරූප ගැනීම කළ යුතු වෙනවා.

මුලින් ඡායාරූප කිහිපයක් අරගෙන, ඒ ඒ තැන් වල තිබෙන ආලෝක තත්වයන් ගැන පොඩ්ඩක් තේරුම් ගන්න. සැණෙළියක් භාවිත කරන්න අවසර තිබෙනවා නම් අවශ්‍ය ලෙස සැණෙළියක් භාවිත කරන්න, අවශ්‍ය ලෙස පරාවර්තක හා විසරක භාවිතා කරන්න.

ඡායාරූප ගැනීමේදී එම ඡායාරූපය කලාත්මකව හා නිවැරදිව ගත යුතු ආකාරයන් පිළිබඳව මතක තබා ගන්න. (පසුබිමෙන් වෙන අවහිරයන් මඟ හැරීම, වස්තූන්ට ලන් වීම, විවිධ කෝණ වලින් ඡායාරූප ගැනීම, ආලෝකය සොයා යාම,වගේ දේවල්)

ඔබ කණ්ඩායම් ඡායාරූපයක් නම් ගන්නෙ, එතනදීත් සැළකිලිමත් වියයුතු කරුණු තිබෙනවා. අපගේ පසුගිය ලිපියකත් ඒ ගැන කිව්ව.

මේ ලිපියෙන් කිසිම ආකාරයකින් විවාහ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ආවරණය වීමක් සිදු වන්නේ නෑ. විවාහහ/ උත්සව ඡායාරූපකරණය කියන්නෙ වෙනත් විශාල පරාසයක්. ඒ ගැන වෙනමම ඉගෙන ගන්න ඕනෙ දෙයක්.

Wedding Photography

5 thoughts on “විවාහ ඡායාරූපකරණය

  • May 16, 2012 at 8:28 am
    Permalink

    මේ ලිපි වල සබැඳුම් තියෙන්නේ තවමත් රූසර එකට..
    හැකිනම් එයත් නිවැරදි කරන්න. මං හිතනවා රූසර එකේ තිබුණු ලිපි සියල්ල මෙයටත් ඇතුලත් කල බව

    Reply
    • May 16, 2012 at 11:12 am
      Permalink

      සබැඳියන් නිවැරදි කළා.. ස්තුතියි පෙන්වා දුන්නාට.

      Reply
  • May 20, 2012 at 6:24 pm
    Permalink

    වෙඩින් පොටෝගැපි ගැන කතා කරන්න වෙනමම ලිපි මාලාවක් ලියන්න පුළුවන් නම් ගොඩක් හොදයි.

    Reply
    • May 20, 2012 at 6:38 pm
      Permalink

      ඉදිරියේදී ඔබට එහෙම ලිපි පෙළක් ලබාදෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *