පුද්ගල ඡායාරූප ගැනීම – 2

පසුගිය ලිපිය කියවන්න >>>

ඡායාරූපයට ලක් වෙන පුද්ගලයාව ජනේලයක් අසලින් තබනවා නම් අංශක 45ක ඇලයකට ආලෝකය වැටන විදිහට තියන්න. මුහුණේ අඳුර වැටි තිබෙන පැත්ත පරාවර්තකයක් භාවිතා කරල ආලෝකමත් කරන්න. නිවෙස තුළ තිබෙන විදුලි පහනක් උනත් කමක් නෑ, හැබැයි ඒකත් අංශක 45ට වැටන්න තියෙන්න පුළුවන් නම් හොඳයි. (අංශක 45ට තියෙන කොට තමා ලස්සනටම ආලෝකමත් වෙන්නෙ, සෙවණැළි අඩු වෙන්නෙ.) පුද්ගල ඡායාරූප වලට අවශ්‍යම විශේෂම දේ තමයි මෘදු ආලෝකය. තව මතක තියාගන්න ඕනෙ දේවල් තමයි, හරියට white balance එක හදන්න, සැණෙලියක් භාවිත කල යුතු නම් Red eye reduction ක්‍රියාත්මක කරන්න.

100, 200 වගේ ISO සංවේදීතාවයක් භාවිත කරන්න, නැති නම් noise නිසා ඡායාරූපය කැත වේවි. ඔබ අඩු shutter speed එකක් නම් භාවිත කරන්නෙ ත්‍රිපාදකයක් භාවිත කරන්න. Manual Mode එක ක්‍රියාත්මක කරල නම් ඔබ ඡායාරූපය ගන්න බලාපොරොත්තු වෙන්නෙ හා ඔබ ත්‍රීපාදකයක් භාවිතා කරන්නේ නැති නම්, f 1/125 වගේ shutter speed එක් භාවිතා කරන්න.

කැමරාවෙ Potrait Mode එක භාවිතා කරනව නම් ඔබට පුළුවන් පුද්ගලයා විතරක් නාභිගත කරල පසුබිම බොඳ කරල හරින්න, සමහර කැමරා වල නම් potrait/landscape කියල එකකුත් තිබෙනව, ඒකෙන් දෙකම නාභිගත කරන්න පුළුවන්.

කුඩා ළමුන්ව ඡායාරූපයට නගනකොට ඔවුන්ගේ මට්ටමට ගිහිල්ල ඡායාරූපය ලබාගන්න. ඉවසීමෙන් බලා ඉඳල ලස්සන ඡායාරූප ටිකක් ගන්න.

Image2.jpg

ඔබේ රාමුව තුළ මැදට වෙන්න පුද්ගලයින් දෙදෙනෙක් සිටිනවා නම් ඔබ්ට පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබෙනව. එතකොට ඉතින් කරන්න තියෙන්නෙ, එක පුද්ගලයෙක්ට නාභි ගත කරගෙන (focus lock) ඊට පස්සෙ රාමුව හරියට සකසාගෙන (ඔයාට ඕනෙ විදිහට පුද්ගලයින් දෙදෙනාව රාමුව මැදට කරගෙන) ඡායරූපය ලබාගන්න.

diffuse yes.jpg

නිර්මාණාත්මක ඡායාරූපයක් ගන්න පොඩි ඉඟියක් දෙන්නම්. පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ගන්නකොට ඔහුත් සමඟ ඔහුගේ රැකියාව/විනෝදාංශය/පෞද්ගලික ජීවිතය ගැන කතාකරන පසුබිමක් එක්ක ඡායාරූපය ගන්න පුළුවන් නම් ඒක හුඟක් නිර්මාණාත්මක එකක් වෙයි. (බලන්නකො පහත ඡායාරූපය)

Image1.jpg

තව පොඩි උපදෙසක් දෙන්නම්, ඔයාල නොදන්න නාඳුනන කෙනෙක්ගෙ ඡායාරූපයක් ගන්න හිතනව නම් අවසර ගන්න අමතක කරන්නෙපා. පස්සට ප්‍රශ්න ඕනෙ නෑ නෙ.

3 thoughts on “පුද්ගල ඡායාරූප ගැනීම – 2

  • Pingback: Tweets that mention පුද්ගල ඡායාරූප ගැනීම - 2 | -- Topsy.com

  • August 16, 2011 at 3:01 pm
    Permalink

    අංශක 45 මනින්නෙ කොහොමද?

    කැමරාවෙ ඉදලද වස්තුවේ ඉදලද?

    නැත්නම් ඒ රේඛාවේ ඉදල මොනපැත්තටද

    Reply
    • August 16, 2011 at 3:14 pm
      Permalink

      ලිපියේ තියෙන අන්තිම ෆොටෝ එක බලන්නකො. අන්න ඒකෙ වගේ පුද්ගලයාගේ මූණට පැත්තකින් ආලෝකය වැටෙන්න සළස්වල අනිත් පැත්ත පරාවර්තකයකින් හෝ කෘත්‍රිම ආලෝකයකින් ආලෝකමත් කරන්න.
      හිතන්නකො. පුද්ගලයා සමචතුරශ්‍රයක් මැද, පාදයකට මුහුණලා ඉන්නව නම්, එම පුද්ගලයාට පේන කොන් දෙකෙහි ආලෝකයන් තියන්න. එතකොට සෙවණැළි එහෙම අඩුම වෙනවනෙ. ඉතින් ලස්සනට ආලෝකමත් වෙනවා.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *