නොසිතෙන කෝණ භාවිතා කරන්න

ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.

උදාහරණයක් විදිහට, ඔයා ඡායාරූපගත කරන වස්තුව අනුව ඒක, Bird’s eye view (කුරුල්ලෙකුට පෙනෙන හැටි, ඒ කියන්නෙ ඉහළින්) එකෙන් හරි worm’s eye view (පණුවෙකුට පෙනෙන හැටි, ඒ කියන්නෙ පහළ සිට) එකෙන් ගන්න පුළුවන්.

තව ටිකක් පැහැදිලි කරන්නම්, තවත් පොඩි උදාහරනයක් අරගෙන. ඔයාට ඔනෙ කියන්න කාන්තාවකගෙ ඡායාරූපයක් ගන්න. එයාගෙ මූනට කාමුක බවක් එකතු කරන්න පුළුවන්, එයාව Bird’s eye view එකෙන් ගත්තොත්. 😀 😉 . නිරූපණ ශිල්පිණියන්ගෙ ඡායාරූප දැකල ඇතිනෙ, හුඟක් එහෙම ඡායාරූප අරන් තියෙන්නෙ මේ කියන ක්‍රමේට.

Bird's Eye View birds eye 2.jpg

තව එකක් බලමුකො. ඔයාට ඕනෙ කියන්න පොඩි ළමයෙක්ගෙ ඡායාරූපයක් ගන්න, හැබැයි ඔයාට ඕනෙ එයාව ලොකුවට ගාම්භීර පෙනුමක් දෙන්න. එහෙනම් යන්න worm’s eye view එකට. අර ළමයට යෝධයෙක් වගේ පෙනුමක් හා ඒක බලනාට එහෙම හැඟීමක් දෙන්න ඒකෙන් පුළුවන්. ඕනෙම පොඩි දෙයක් ලොකු කරල පෙන්නන්න පුළුවන් මේ ක්‍රමේට.

worms eye.jpg worms eye 3.jpg

34 thoughts on “නොසිතෙන කෝණ භාවිතා කරන්න

  • March 19, 2010 at 11:03 pm
    Permalink

    ඇත්තටම ගොඩක් වටින ලිපි පෙලක්.. ගොඩක් ස්තූතී මේ වගේ අඩවියක් පටන් ගත්තට.. මම ඡායාරූපකරණය ගැන ‍ගොඩක් දේවල් ඉඟන ගත්ත..

    Reply
    • March 19, 2010 at 11:05 pm
      Permalink

      ස්තුතියි මල්ලි අද්හස් වලට. ඔහොම කියනකොට ඉතින් මේක දිගටම කරගෙන යන්න තමා හිතෙන්නෙ. මගෙන් කාටහරි සේවයක් වෙනව නම් ඒකයි මගෙ සතුට.

      Reply
  • March 19, 2010 at 11:42 pm
    Permalink

    ඇත්තටම මේ වගේ දෙයක් වටිනවා. ඡායාරූපකරණය ගැන ඉංග්‍රීසි ලිපි නම් අනන්තයි. නමුත් සිංහලෙන් මේ ගැන ලිපි පෙලක් දැකපු පලවෙනි වතාව. නියමයි.

    Reply
    • March 19, 2010 at 11:45 pm
      Permalink

      ඔව්, මේක තමා දැනට තියෙන, ඡායාරුපකරණය ගැන සිංහලෙන් කියල දෙන එකම වෙබ් අඩවිය.

      Reply
  • March 20, 2010 at 1:14 am
    Permalink

    No this is not the one and only sinhala photography web!

    Reply
    • March 20, 2010 at 8:28 am
      Permalink

      තව තියෙනව නම් මටත් කියන්න, මම දන්නෙ නැති නිසයි එහෙම කිව්වෙ, ම්ම හොයල බැලුවට මට එහෙම එකක් හම්බ උනේ නෑ.

      Reply
  • March 20, 2010 at 9:40 pm
    Permalink

    ආටිකල් එක නම් නියමයි!
    මැක්සා!
    ඒත් මට පොඩි පුරස්නයක් තියනවා…
    අර පහල ඉදන් ගන්න ශොට් එකට රෙප්ටයිල් අයි (reptile eye view) විව් එක කියලත් කියනව නේද?

    Reply
    • March 20, 2010 at 9:43 pm
      Permalink

      මම නම් අහල නෑ ඒක, හැබැයි වෙන්න පුළුවන්, කොහොම කළත පහල ඉදන් බලන එකනෙ අදහස් වෙන්නෙ. 🙂

      Reply
  • March 21, 2010 at 2:33 pm
    Permalink

    වටින ලිපියක්..අපි දිගටම කියවනවා….

    Reply
  • March 22, 2010 at 9:11 pm
    Permalink

    මේ ලිපි පෙළ ගොඩක් හොඳයි…. ඔහොම යන්….. ජය වේවා…!!!

    Reply
  • April 23, 2010 at 3:43 pm
    Permalink

    හ්ම්..ඒක ඇත්ත. අලුත් නිර්මාණයක් කරන්න ඕනි නම් ඇස් මට්ටමේ ඉඳන් සාම්ප්‍රදායික ඡායාරූපයක් ගන්න උත්සාහ නොකර වෙනස් විදියකට ගත්තම ඒකට අමුතු අපූර්වත්වයක් එකතු වෙනවා. මේ ලෝකේ මිනිස්සු කවුරුත් පරණ දේම කර කර ‍හිටියොත් අලුත් දෙයක් මේ ලෝකෙට බිහි වෙන්නේ නෑ. ඒක නිසා මම කියන්නේ සාම්ප්‍රදායික දේවල් වලට කොටු නොවී අලුත් දෙයක් කරන්න කියලා.

    Reply
    • January 16, 2011 at 12:01 pm
      Permalink

      ඔබේ කීම හරියටම හරි. ඡායාරූපකරණය කියන්නෙත් කලාවක්. කලාවක් තුළ හැමවෙලේම අලුත් අලුත් අදහස් ජනිත වෙනකොට තමා එහි තිබෙන අලංකාරය වැඩි වෙන්නෙ. ස්තුතියි අදහස් වලට.

      Reply
  • April 29, 2010 at 4:45 pm
    Permalink

    ගොඩක් වටින උපදෙස් තියනවා…
    ඡායාරැප අපේ ගුගල් සමුහයට එකතු කරන්න.. සාමාජිකත්වය ලබා ගන්න.

    http://groups.google.com/group/picslk

    Reply
  • January 16, 2011 at 11:18 am
    Permalink

    මේ සයිට් එකේ වටිනාකම ඇත්තටම අපි වගේ ආධුනිකයන්ට මිල කරන්න බැහැ.. මේ ශිල්පය ගැන මෙලෝ දෙයක් නොදත් මම මේ වන විටත් ඉගෙන ගත් දේ පබාහොයි!! තවත් දිගු ගමනක් යන්න සුබ පතනව!!

    Reply
    • January 16, 2011 at 11:59 am
      Permalink

      බොහොම ස්තුතියි සුභ පැතුම් වලට. 🙂 හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉඳී කියල බලාපොරොත්තු වෙනවා.

      Reply
  • May 15, 2012 at 10:30 pm
    Permalink

    ගොඩාක් වටිනවා..දිගටම කරගෙන යමු..ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අපිට…මේක තමයි වෙන්න ඕන..නියමයි

    Reply
  • May 20, 2012 at 6:19 pm
    Permalink

    මේ කෝණ වලට අමතරව තිබෙන වෙනත් කෝණ වර්ග ගැනත් අපිට කයලා දෙනවද?

    Reply
    • May 21, 2012 at 10:10 pm
      Permalink

      Angles and their effects කියලා ගූග්ල් සෙවුමක් දැම්මොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ!

      Reply
  • May 21, 2012 at 10:08 pm
    Permalink

    high-angle, low-angle විතරක් නෙමේ…eye Level ගැනත් හැඳින්වීමක් කරන්න තිබ්බා

    Reply
  • June 26, 2012 at 10:18 pm
    Permalink

    godak watinawa yaluwa….digatama karagena yanna…godak dewal igena ganna labenawa..

    Reply
    • June 26, 2012 at 10:30 pm
      Permalink

      යමක් ඉගෙනගත්තා නම් එයයි අපේ සතුට. 🙂

      Reply
  • December 12, 2012 at 10:54 am
    Permalink

    siraaaaa aththatama loku deyak oya karanne ayye.moko apita photograpy egena ganna thana thana rasthyadu wenawata wada meka hondai.man mechchcarakal egenagaththe ambridge colr labs kyana eken dan mekath loku deyak.bs

    Reply
  • February 6, 2013 at 3:34 am
    Permalink

    ගොඩක් ස්තූතී මේ වගේ අඩවියක් පටන් ගත්තට.. මම ඡායාරූපකරණය ගැන ‍ගොඩක් දේවල් ඉඟන ගත්ත..මේ සයිට් එකේ වටිනාකම ඇත්තටම අපි වගේ ආධුනිකයන්ට මිල කරන්න බැහැ.. මේ ශිල්පය ගැන මෙලෝ දෙයක් නොදත් මම මේ වන විටත් ඉගෙන ගත් දේ පබාහොයි!! තවත් දිගු ගමනක් යන්න සුබ පතනව!!

    Reply
    • February 13, 2013 at 6:19 pm
      Permalink

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රාර්ථනාවට. ඔයාල වගේ අයට සහයක් වෙන්න තමයි අපිටත් ඕනෙ.

      Reply
  • July 30, 2013 at 5:14 pm
    Permalink

    Godak hoda adahask.. godak deval igena gaththa.. Godak hodai. Me web site eka karanna.. magen wises..

    Reply
  • September 7, 2013 at 9:25 am
    Permalink

    නියමයි. කියන්න වචන නෑ..

    Reply
  • June 30, 2014 at 5:15 pm
    Permalink

    photography walata adunika ayata honda danumak labena web site 1k.keep it up bro

    Reply
  • October 21, 2014 at 7:22 pm
    Permalink

    ගොඩක් ස්තුතියි …….මේ වැඩේ නම්.. නියමයි . ජය ශ්‍රී……

    Reply
  • March 4, 2015 at 2:32 pm
    Permalink

    තවත් දිගු ගමනක් යන්න සුබ පතනව!!

    Reply
  • May 6, 2015 at 4:12 pm
    Permalink

    Kemara ekak aragena hariyata photo ganna igenaganna thenak hoya hoya innakota oyage site eka dekke. Wede niyamai. Thamange denuma nomile anith ayatah bedala denaekata godak thanks. Puluwannam me wisthara dala pothak palakaranna eka api wage adunuka hemotama loku prayojanayak wewi.

    Reply
  • September 13, 2015 at 1:26 pm
    Permalink

    good job bro proud of u

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *