නරක කාලගුණයක් යටතේ ඡායාරූපකරණය

නරක කාලගුණ තත්වයන් යටතේ කලාත්මක ඡායාරූප ගන්න පුළුවන් අවස්ථා ගොඩාක් එලඹෙනවා. වළාකුළු ආලෝකය අඩු කරල තියුණු සෙවණැළි ඇති වීම වළක්වල, ලස්සන පරිසර දර්ශන, පුද්ගල ඡායාරූප ගැනීමට හැකියාව ලබල දෙනවා. සුළි සුළං සහිත අහසක්, කලාත්මක පරිසර දර්ශනයන් ලබා ගැනීමට විතරක් නෙමෙයි, තනි වස්තූන් ඡායාරූපයට නැගීමට පසුබිම සපයනවා.

වැස්ස වර්ණ තියුණු කරල තලයන්ට රටා හා පරාවර්තන එකතු කරනවා. රාමුව අඳුරු නම් (අළු පැහැ නම්) එයට ආලෝකය විහිදුවන වස්තුවක් එකතු කරන්න. සුදු පසුබිමේ අඳුරු වස්තූන් ඉතාම අසාමාන්‍ය ලස්සන ඡායාරූපයක් ලබා දෙනවා. (පහත ඡායාරූපය බලන්න.)

නරක කාලගුණයක් පවතින විට පරිසරය අඳුරුයි. ඒ නිසා ඔබගේ කැමරාවේ wide aperture එකක් හා/හෝ දිගු නිරාවරණ කාලයක් (longer shutter speed) එකක් පවත්වාගන්න මතක තබා ගන්න. ත්‍රිපාදකයක් භාවිතා කරනවා නම් තියුණු ඡායාරූපයක් ගන්න තවත් පහසු වෙයි.

shutter speed එක වෙනස් කරමින් වැහි බිංදු ඡායාරූපයට නගන්න උත්සාහ කරන්න, ඒ හරහා කළාත්මක යමක් ලබා ගන්න ඔබට හැකි වේවි.

මතක තබාගත යුතු දෙයක් තමයි, නරක කාලගුණය ඔබේ කැමරාවටත් නරකයි. කැමරාව පුළුවන් තරම් වියළිව තබාගන්න. සිනිඳු රෙදි කැබැල්ලක් තබාගෙන කැමරාවට වැටෙන වතුර ඉවත් කරන්න. සීතල කාලගුණයක ඉඳල උණුසුම් කාලගුණයකට එක වර මාරු වන විට කැමරාව/ලෙන්ස තුළ මීදුම බැඳෙනව. ඒ නිසා කැමරාවට හා උපකරණ වලට ක්‍රමයෙන් උණුසුම් වන්න ඉඩ දෙන්න, කැමරාව එහෙම වෙනසකට භාජනය වෙන්නෙ ඉස්සෙල්ල ඒක කැමරා බෑගයක් තුළට දමල තියන්න. අවසාන වශයෙන්, සියළුම උපකරණ හොඳින්ම වියළි බව තහවුරු කරගෙන ඊළඟ භාවිතය තෙක් සුරැකිව තබන්න.

14 thoughts on “නරක කාලගුණයක් යටතේ ඡායාරූපකරණය

  • September 16, 2010 at 2:10 am
    Permalink

    එසේම ඔබගේ ISO වැඩි කරන්න. එය වැඩි කිරීමෙන් සමහර වෙලාවට ‘Photographic Noise’ වැඩි වීමට පුලුවන. කරුණු සියල්ල සලකා බලා උපරිම වශයෙන් යොදා ගත හැකි කරුණු ඒ ඒ අන්දමට යොදා ගන්න.

    Reply
    • September 16, 2010 at 10:07 am
      Permalink

      ඔව්, ISO එක වැඩි කිරීමෙනුත් පුළුවන් අවශ්‍ය ආලෝකය ලබාගන්න, නමුත් ඔබ කියන්නා වගේ noise එකක් එන එකෙන් ඡායාරූපය කැත වෙනවා.
      හරි හැටි white balancing කරගන්න පුළුවන් නම් ඒකත් හොඳයි.

      Reply
  • September 16, 2010 at 7:00 pm
    Permalink

    මටනම් කැමරා ගැන දැනුමක් නෑ..
    ඒත් බ්ලොග් එක නියමයි අයියා,,

    Reply
  • September 16, 2010 at 7:03 pm
    Permalink

    ලෙන්ස් එකෙ මීදුම වගෙ බැදුනොත් ලෙන්ස් එක පුස් කනවද ?
    ඩිජිටල් කැමරා එකක ලෙන්ස් එක උඩ ක්ලීන් කරන්න ක්‍රමයක් තියෙනවද ?

    Reply
    • September 16, 2010 at 7:20 pm
      Permalink

      ඇතුලත තෙත ස්වභාවය නිසා පුස් කන්න ඉඩ තියෙනව. හැබැයි ඒක සුද්ද කරන එක නම් එච්චරම ලේසි වැඩක් නෙමෙයි. ඒව ගැලෙව්වොත් ආපහු සවි කරන්නත් ලේසි නෑ. 🙁
      ඒ ගැන මගෙ එච්චරම ලොකු දැනුමක් නම් නෑ, දන්න කෙනෙක් ඉන්නව නම් උත්තරයක් දෙයි කියල හිතමු.

      Reply
    • September 16, 2010 at 8:14 pm
      Permalink

      SLR එකක් ද ? Compact එකක්ද
      පුස් වගේ තියෙන්නේ ලෙන්ස් එක ඉදිරියෙන් ද
      කොහොම උනත් බොහෝ විට අනුමාන කරන්න පුලුවන්, ලෙන්ස් එකේ Fungus බැඳිලා.
      ටිෂූ කඩදාසියකින් පරිස්සමින් ලෙන්ස් එක ඉදිරිය පිහදාලා බලන්න. ඒත් යන්නේ නැත්නම් කැමරා අලුත්වැඩියා කරන තැනකට ය

      Reply
    • September 16, 2010 at 10:26 pm
      Permalink

      පුස් බැදෙනවද කියල ඇහුවේ දැන ගැනිම පිනිස 🙂

      ඩිජිටල් කැම් එකක ලෙන්ස් එක මතු පිටින් සුද්ද කරන්න ක්‍රමයක් තියෙනවද ?
      මගෙ කැම් එකේ ලෙන්ස් එකෙ නොපෙනෙන පැල්ලමක් වගෙ එකක් තියෙනවා
      සමහර පොටොස් වලදි ඒක පෙනෙනවා

      Reply
      • September 17, 2010 at 11:42 am
        Permalink

        @මනුශාන්:
        ලෙන්ස් එකේ මතුපිට සුද්ද කරන්න පොඩි උපාංග කට්ටලයක තියෙනවා.(Lens Cleaning Kit) රු.500-800ක් වගෙ මිලකට ඒක ගන්න පුලුවන්.

        මම අහල තියෙන විදියට DSLR කැමරාවක නම්, ඡායාරුපයේ මැද පැල්ලමක් එන්න හේතු කීපයක් තිබෙන්න පුලුවන්. එකක් තමයි ලෙන්ස් එක් මතුපිටින් හෝ ඇතුලතින් පුස් සෑදි තිබිම. තව හේතුවක් තමයි සෙන්සර් එක මත පුස් හෝ දුවිලි තිබිම. මේ වගෙ වෙලාවක හොඳම දේ තමයි කැමරවෙ වර්ගයට අදාළ නියොජිතයෙකු මාර්ගයෙන් වැඩේ ගොඩ දාගන්න එක. 🙂

        Reply
  • September 16, 2010 at 10:30 pm
    Permalink

    @ මනුශාන්: ම් ම් මගෙ එකේත් තියනව හරියටම ෆොටෝවල මැදටමයි හිටින්නේ…
    මාත් සෑහෙන ට්‍රයිකලා හරිගියේ නෑ

    Reply
  • September 17, 2010 at 7:48 pm
    Permalink

    දිලීර හැදිලා තියෙන්නේ සෙන්සර් එකේ නම් ෆොටෝ එකේ ඇතිවන පැල්ලම බොහෝ විට පැහැදිලි පැල්ලමක්. හරියට නිකන් අතු දුවලා වගේ නැත්නම් වීදුරුවක් පුපුරලා වගේ සළකුණු ඇතිවෙන්න පුලුවන්. දිලීර තියෙන්නේ ලෙන්ස් එකේ නම් පැල්ලම පැහැදිලිව ඇතිවන්නේ නෑ. ඒ ප්‍රදේශයේ රූපය බොඳ වී යාම බොඳ වූ අමුතු පැල්ලම් ඇති වීම වැනි දේ දැකිය හැකියි. මම බොහෝ විට දැකලා තියෙන්නේ එහෙමයි. වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න.

    සාමාන්‍ය මට්ටමේ Lens Cleaning Kit එකක් පිටකොටුවෙන් 500 කට ගන්න පුලුවන්. ඒත් ඉතිං ඒකෙන් Fungus යවන්න බෑ. එකේ තියන පිරිසිදු කාරක දියරයෙනුයි ලෙන්ස් ටිෂූ වලිනුයි ලෙන්ස් ‍එකේ ඉදිරියයි, SLR ලෙන්ස් එකක් නම් ලෙන්ස් එකේ පසුපසයි පිරිසිදු කරන්න පුලුවන්. ඒ තැන්වල දිලීර හැදෙන්නේ නෑ. දිලීර හැදෙන්නේ ඇතුළේ Lens Elements වල.
    කැමරාවක මෙහෙම පැල්ලම් ආවොත් වහාම අලුත්වැඩියා කරන තැනකට අරං යනවා හැර කරන්න දෙයක් මම නම් දන්නේ නෑ. කල් යනවා කියක්කේ දිලීර තවත් පැතිරෙනවා. වැඩේ ඔඩු දුවනවා.

    Reply
  • August 12, 2013 at 9:39 pm
    Permalink

    නියම වැදගත් ලිපි…….

    Reply
  • June 15, 2015 at 12:57 pm
    Permalink

    ඡායාරූපකරණයට එන්න බලාපොරොත්තු වෙන අයට වගේම වෘත්තීය ඡායාරූප ශිල්පීන්ටත් ගොඩක් වැදලත් වන පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. නොදත් දේ දැන ගන්නට මේ සයිට් එක ගොඩක් වැදගත්. මෙය තව දුටත් පවත්වාගෙන යන්නට ශක්තිය ධෛර්්‍ය ලැබේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *