ඡායාරූපකරණයේ රසය අත්විඳින්න – අදම අරඹන්න

මෙම අඩවියේ විවිධ ලිපි පල වෙලා තිබෙනවා විවිධ අවස්ථා වල ඡායාරූප ගන්නා හැටි, කැමරාවක් තෝරාගන්නා හැටි, වැනි විවිධ දේවල්. ඉතින් අද පොඩ්ඩක් කියන්න හිතුන ඡායාරූපකරණයට එන්න කැමැත්තක් ඇතුව ඉන්න, නමුත් එන්නෙ නැතිව ඉන්න අයට මේක මොන වගේ එකක්ද කියන එක ගැන.  ඒ නිසා මේක ඡායාරූපකරණය කරන්නෙ කොහොමද කියල න්‍යායන්, උපක්‍රම කියල දෙන ලිපියක් නම් නොවේවි.

Digital Photography ගැන තිබෙන පළමු මිත්‍යාව :

ඩිජිටල් ඡායාරූපකරණය කියන්නෙ හරිම සංකීර්ණ හා මිල අධික ක්‍රියාවක්.

මෙන්න මේක ඇසුරෙනුයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. කැමරා කියන්නෙ ඒ ගැන හොඳට දන්න ඩයල් වලට, ඕනෙ විදිහකට සල්ලි වියදම් කරන්න පුළුවන් සල්ලි කාරයින්ට තියෙන සෙල්ලම් බඩුවක් නෙමෙයි. ඩිජිටල් කැමරා වල  මිල දැන් වේගයෙන් අඩු වේගෙන යනවා. ඇයි ජංගම දුරකතන වල  තිබෙන කැමරා. ඉස්සර ෆිල්ම් කැමරා භාවිතා කරපු ආධුනිකයින් හා වෘත්තීයමය ඡායාරූපශිල්පීන් බොහොමයකුත් දැන් ඩිජිටල් කැමරා වලට මාරු වෙනවා. ඩිජිටල් කැමරා වල  ගොඩක් සැකසුම්, සංකීරණ උපාංග තිබෙන නිසා ඒක හුඟක් සංකීරණ භාණ්ඩයක් විදිහට සමහරුන් දකිනවා. සමහරු හිතන්නෙ කැමරාවක් කියන්නෙ සුඛෝපභෝගී භාණ්ඩයක් කියල. ඒක සම්පූර්ණයෙන් වැරදියි.

නමුත් ඒකක් භාවිතා කරනකොට ඔබටම තේරේවි, ඔබ සම්පූර්ණයෙන්ම ඩිජිටල් කැමරා වලට ආධුනිකයෙක් උනත්, ඩිජිටල් කැමරාවක්, ඔබට වෙනද නොගිය තැන් වලට යන්න හැකියාව ලබාදෙන, වෙනද නොතිබුනු නිර්මාණකරන හැකියාවක් ලබාදෙන උපාංගයක් කියල. එය ඔබව, ඡායාරූපකරණයේ අලුත්ම පැත්තකට ඔබව රැගෙන යාවි.

ඡායාරූපකරණයට ඔබගේ එළඹීම

සාමාන්‍යයෙන් ඡායාරූපකරණයට එන/කරන පුද්ගලයෙක්ව පහත කාණ්ඩ වලින් එකකට දාන්න පුළුවන්.

නවකයා:
තමුන්ටම කියල කවදවත් කැමරාවක් තිබිල නෑ, නමුත් ජීවිතේටම වතාවක් දෙවතාවක් සරළ කැමරාවක් භාවිතා කරල තිබෙනවා.

සාමාන්‍ය භාවිත කරන්නා:
මේ පුද්ගලයාට සරළ Point and Shoot කැමරාවක් තිබෙනවා. ඔහු/ඇය ඒක බහුලව භාවිතා කරනවා පවුලේ අයගෙ/ ඔවුන් යන ගමන් බිමන් වලදී ඡායාරූප ගන්න.

ආධුනිකයා:
කැමරා එකක් හෝ කිහිපයක් තිබෙනවා. ඔහු/ඇය විවිධ දේ වල ඡායාරූප ගන්නවා. ඡායාරූපකරණය ගැන ලොකු ආසාවක් තිබෙනවා.

වෘත්තීයමය ඡායාරූපශිල්පියා:
වෙනත් අය සඳහා/ වෙනත් අයගේ ඡායාරූප අරගෙන ඒ හරහා මුදල් උපයන පුද්ගලයෙක් තමා මෙ.

ඉතින් ඔබ වැටෙන්නෙ කුමන කාණ්ඩයටද? උත්තර දෙන්නකො.

පළමු/ දෙවන/ තෙවන කාණ්ඩයට නම් මේ ලිපිය විශේෂයෙන්ම ඔබ සඳහාම තමයි.

නවකයෙක් හෝ සාමාන්‍ය භාවිත කරන්නෙක්

ඔබ වැටෙන්නෙ මේ කාණ්ඩ දෙකෙන් එකකට නම් ඒ කියන්නෙ ඔබ කවදාවත් ඡායාරූපකරණයේ රසය අත් විඳල නෑ. මොකද ඔබට තිබෙන්නෙ ඉතාම අඩු අත්දැකීම් ප්‍රමාණයක් හෝ කිසිම අත්දැකීමක් නෑ. ඔබ සාමාන්‍ය භාවිත කරන්නෙක් උනත් ඔබට තිබෙන්නේ ඉතාම සීමිත දැනුමක්. (උදා: කැමරාවට බැටරි දාල, කාඩ් එක දාල, ඡායාරූපය ගන්න ඕනෙ දේට කැමරාව මානල ඡායාරූපය ගැනීම, ඒ ගත්තු ෆොටෝ ටික පරිගණකයට ගැනීම වගේ සරළම දේවල් ටික විතරයි.) මොකද හැම Digital Point and Shoot Camera එකක්ම ඡායාරූපය ගැනීමට අදාල අනෙකුත් දේවල ටික කරල දෙනව. (Exposure, ISO, Aperture, etc) මේ වගේ අයට තමා කැමරාවෙ Auto Mode එක තියෙන්නෙ. දැන් අලුතින්ම එක ඒවයෙ නම් Automatic Scene Recognition (රාමුව තුළ තිබෙන දේවල් වලට අදාලව අර කිව්ව exposure, iso, aperture වගේ දේවල් විතරක් නෙමෙයි, ඡායාරූපය macro එකක්ද, landscape එකක්ද, potrait එකක්ද, කියල පවා detect කරල සැකසුම් අදාල විදිහට හදාගන්නවා) පවා තිබෙනවානෙ.

ආධුනික හෝ වෘත්තීය ඡායාරූපශිල්පීන්

මේ අය ඡායාරූපකරණය ගැන එහි ඇති න්‍යායාත්මක දේවල ගැන සුළු දැනුමක සිට විශාල පරාසයක විහිදුනු දැනුමක් ඇත්තන්. ඔවුන් තමුන්ගේ ඒ දැනුම භාවිත කරනවා ඡායාරූපයක් ගන්නකොට. විවිධ දේ වෙනස් කරමින් හොඳම මට්ටමේ ඡායාරූපයක් ගැනීමට මොවුන් වෙහෙසෙනවා. බොහෝවිට මේ අකාරයේ අයෙක් ලඟ හොඳ කැමරාවක් තිබෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. සරළම සරළ point and shoot කැමරාවක් භාවිතා කරමින් ඉතාම ඉහළ තත්වයේ නිර්මාණාත්මක ඡායාරූප ගන්න අයත් මේ අතරෙ ඕනෙ තරම් සිටිනවා.

ලස්සන ඡායාරූපයක් දකිද්දි, ලස්සන wallpaper එකක් දකිද්දි, ඔබට ආස හිතිල නැද්ද, “අනේ මේක කොච්චර ලස්සනද, අනේ මටත් ආසයි මෙහෙම ෆොටෝ ගන්න, අනේ මටත් ආසයි මේ වගේ තැනකට ගිහිල්ල  ඡායාරූප ගන්න” වගේ දේවල්? ඔබට එහෙම සිතිවිල්ලක් කවදා හරි ඇවිල්ල තිබෙනව නම් ඒ කියන්නෙ  ඔබේ හිතේ කොනක හරි ඡායාරූපකරණය ගැන පොඩි හරි සැඟවුණු ආසාවක් තිබෙනවා. ඉතින් ඉඩ දෙන්න ඒ ආසාවට එලියට පනින්න.

ඔබට සල්ලි නැද්ද කැමරාවක් ගන්න? ඒත් ඔබ ලඟ ෆෝන් එකක් තියෙනවද කැමරාවක් තියෙන? (දැන්  ඉතාම අඩු මිලට තිබෙන ජංගම දුරකතන වල පවා කැමරා තියෙනවනෙ.) ඉතින් ඔය තියෙන්නෙ කැමරාවක්.

පොඩි දෙයක් කියන්නද? ඔබට තිබෙන සම්පත් සීමා සහිත වෙනකොට ඔබ උත්සාහ කරනවා අලුත් විදිහට හිතන්න. අන්න එහෙමයි මිනිසා දියුණු උනේ. ඉස්සරම ගල් ආයුධ හදාගෙන ක්‍රමයෙන් දියුණු උනු හැටි ඔබ දන්නව ඇතිනෙ? ඔබ හිතනවා තිබෙන දෙයින් මොනව හරි කරගන්න තව අපිට උදව් කරගන්න පුළුවන් දේවල් මොනවාද කියල. ඔහොම කල්පනා කරනකොට අලුත් අලුත් අදහස් ඔබගෙ හිතට එනවා, අලුත් නිර්මාණ බිහි වෙනවා. ඔබ සමහරෙක් දන්නවා ඇති මුහුණු පොතේ ඉන්න අපේ මිතුරෙක්, ඔහුගේ Web Camera එකෙන් අපූරු නිර්මාණ කරනවා. ඉතින් ඇයි ඔබට බැරි? අදම පටන් ගන්න.

ඔබ ලඟ තිබෙනවා නම් පොඩි point and shoot digital camera එකක්. ඔබටත් ගොඩාක් දේවල් කරන්න  පුළුවන්. මතකද “Point and Shoot”සමඟ“DSLR” ලිපිය හා “ෆෝන් එකකින්, point and shoot එකකින් හොඳ ඡායාරූප ගන්න බැරිද ?” ලිපි? ඉතින් ඔබට පුළුවන් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන්න. ට්‍රිප් එකක් ගියාම ඇයි යන අයගෙ ෆොටෝ විතරක් ගන්නෙ? ටිකක් වටපිටාවෙ, ලස්සන මලක, ගහක, කුරුල්ලෙක්ගෙ ෆොටෝ එකක් අරගෙන පටන් ගන්න. වත්ත වටේ ඇවිදල බලන්න.

කැමරාවේ User Manual එක ටිකක් කියවල බලන්න. කැමරාවෙ තිබෙන සැකසුම් ගැන දැනගන්න මුලින්ම. ඔබට ඒව මොනවද කියල නොතේරෙන්න ඉඩ තිබෙනවා, නමුත් එක එක සැකසුම් එක්ක ටිකක් සෙල්ලම් කළොත් ඔයාට මේ අඩවියෙ තිබෙන ලිපි කියවල ගන්න දැනුමට වඩා දැනුමක් ගන්න පුළුවන් වේවි. මොකද කියවනවට වඩා කරලම බලනකොට ලැබෙන අත්දැකීම හරහා ගොඩාක් පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්.

ඉතින් ඇයි තවත් බලා ඉන්නෙ? යන්න, දැන්මම පටන් ගන්න…. සුභ පතනවා ඔබ හැමටම. මේ ලිපිය කියවන අයට ආරාධනා කරනවා, ඔබේ මිතුරන් හා මෙය බෙදාගෙන,  ඔවුන් තුළ සැඟව තිබෙන හැකියාවන් එළියට ගන්න ඔවුන්ට සහයක් වන ලෙස.

23 thoughts on “ඡායාරූපකරණයේ රසය අත්විඳින්න – අදම අරඹන්න

  • September 2, 2011 at 8:45 pm
    Permalink

    නියමයි අයියා, ආසාව වගේම ඕන කමත් තියෙන කෙනාට කැමරාවෙ Features වත් Brand name එකවත් අදාල වෙන්නෙ නැහැ.

    Reply
    • September 3, 2011 at 5:49 pm
      Permalink

      අනිවාර්යයෙන්ම. ආසව තියෙන මනුස්සයව කිසිම දේකින් පසුබස්සන්න බෑ. තියෙන දේවල් වලින් එයා උපරිමයක් කරන්න සමහර විටක ඊටත් වඩා එහාට යන්න උත්සාහ කරනව. සමහරෙක් දිනනව. 🙂

      Reply
  • September 3, 2011 at 4:57 pm
    Permalink

    මේ වැඩේ නම් නියමයි
    මට ඩිජිටල් කැමරාවක් තිබුනත් එකෙන් හිතෙන හිතෙන විදියට පොටෝ ගත්තත් චායාරුප ශිල්පය ගැන නම් කිසිම දැනුමක් නැ

    Reply
    • September 3, 2011 at 5:09 pm
      Permalink

      හිතෙන හිතෙන විදිහට ෆොටෝ ගන්න. නමුත් අලුත් විශිහට හිතන්න. කළාකරුවෙක්ගේ ඇසකින් දකින්න.

      Reply
  • September 4, 2011 at 10:00 am
    Permalink

    Hoda adahas deela thiyenne, Photography patan ganna ayata Hoda Thalluwak……
    Thank U…..

    Reply
    • September 4, 2011 at 10:07 am
      Permalink

      ස්තුතියි. ඉතින් මේක ඒ අය අතරට ගෙනියන්න නම් කරන්න ඕනෙ, මේක අපි අනිත් අය්ටත් කියන එක. අඩවියට එන්නෙ ඡායාඌපකරණයට බර අයන්. ඉතින් අනිත් අයටත් මේ පණිවිඩය ගෙනියන්න, අපි මේ ලිපිය අනිත් අයත් එක්කත් බෙදාගමු.

      Reply
  • December 10, 2011 at 10:54 pm
    Permalink

    මේක මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක් මටත් camera එකක් නම් නෑ sony ericsson c905
    phone එකකින් තමයි පාවිච්චි කරන්නේ. mobile phone වලින් photo ගන්න එක ගැන තව ලියන්න පුළුවන් නම ලොකු දෙයක්

    Reply
  • May 19, 2012 at 9:05 am
    Permalink

    ඇත්තටම මේ ලිපිය නම් හරිම වැදගත්.අපි වගෙ අයට මේ වගේ දෙයක් පටන් ගත්තට ස්තූතියි..දිගටම කරගෙන යන්න සුභ පැතුම්෴෴෴

    Reply
  • May 28, 2012 at 10:05 am
    Permalink

    niyamai ayya…matat tiyenne point and shoot digital cam ekak..eken mama podi podi vada karanavaamage target eka proffesional phptograper kenek venna…ekata mm me site eken godak aluth deval igana gannava…good luck bro….

    Reply
    • May 28, 2012 at 7:10 pm
      Permalink

      මුලින් ඕකෙන් ගන්න පුළුවන් වැඩ උපරිමයෙන් ගන්න, ඊට පස්සෙ සල්ලි ටිකක් එකතු කරගෙන හොඳ DSLR එකක් ගන්න. සුභ පතනවා..

      Reply
  • June 30, 2012 at 10:16 pm
    Permalink

    Maxama Ideas tikak…

    Reply
  • July 15, 2012 at 11:57 pm
    Permalink

    සම්පත් සීමිතයි නමුත් නිර්මාණශීලීත්වය අසීමිතයි……..සැගවුණු කළා කරුවා අවදිකර ගැනීමට හැකි උවහොත් නොසිතන ආකාරයේ ඉතා අපූරු නිර්මාණ බිහිවීමට පුලුවන්……..

    Reply
  • August 24, 2012 at 8:44 am
    Permalink

    DSLR camera rent k.thnak nadda? man phone eken meweddi photo 5000adika gahathinawa podi digital camera ekak thinawa. photo kalawa gana hadarimakuth k. eth thama camera ekek ganna wathkamak na. us kamara ganna puluwan thanak kianna (obata jaya wewa….!!!)

    Reply
  • June 19, 2013 at 6:39 pm
    Permalink

    Thanks for the idea which given for removing the myths…..

    Reply
  • August 27, 2013 at 2:13 pm
    Permalink

    great job brother

    Reply
  • November 21, 2014 at 11:05 pm
    Permalink

    m.facebook.com/hashan.wijayanayaka/albums/626218320828895/

    Reply
  • April 1, 2015 at 9:47 pm
    Permalink

    mn gdk dewal egna gththa thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *