ක්‍රීඩා වල ඡායාරූප ගැනීම

ක්‍රීඩා කියන්නෙ ඉතා වේගවත් ක්‍රියාකාරකම් තියෙන අවස්ථා, ඉතින් ඒ වගේ වෙලාවල් වල ඡායාරූප ගන්නකොට හරියට අවශ්‍ය දේ ගන්න වේගවත් වෙන්න ඕනෙ.

ඔබට සැලැස්මක් තියෙන්න ඕනෙ. මුලින්ම තීරණය කරල ඉන්න ඔබට ගන්න ඕනෙ මොනවගේ අවස්ථාද කියල. අනිවාර්යයෙන්ම ඒ අදාල ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන්න ඕනෙ, ඔබට අවශ්‍ය ආකාරයේ ඡායාරූප ගන්න නම්.

පුළුවන් තරම් උත්සාහ කරන්න, ඡායාරූප ගන්න ඉතාම ගැළපෙන තැනින් කැමරාව තියාගන්න. ක්‍රීඩාවේ හැටියට එම ස්ථානය වෙනස් වෙන්න පුළුවන්, නමුත් ඉර ඔබට පිටුපසින් තබාගන්න.

ඔබට ඒ ක්‍රියාකාරකම් වලට ලං වෙන්න බැරි නම් telephoto lens වල උදව් ගන්න. ක්‍රියාකාරකම් වල විශාල ප්‍රදේශයක් ඡායාරූපයට නගාගන්න ඕනෙ නම් wide-angle zoom lens භාවිතා කරන්න.

හරි තැන හරි වෙලාවට ඉන්න. මේ පහත තියෙන ඡායාරූපය බලන්නකො. ඔබට ඕනෙ කරන, බලාපොරොත්තු වෙන දෙයක් ඡායාරූපයට හසු කරගන්න ඉතා වේගවත් වෙන් වෙනවා. කාලය කියන එක Sport Photography වල ඉතාම වැදගත් සාධකයක්. ඒ හොදම අවස්ථාව හරියට ඡායාරූපයට හසු කරගන්නවා කියන්නෙ, ඒක වෙන්න ඉස්සෙල්ල ශටරය ක්‍රියාත්මක කිරීමයි. (ශටරය ක්‍රියාත්මක වෙන්නෙ චුට්ටක් පරක්කු වෙලා කියල ගත්තොත්)

Image1.jpg

ඔබට නාභිගත කරන්න ඕනෙ කරන වස්තුව/පුද්ගලයා වටේ, පසුබිමේ තියෙන දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒවායින් ප්‍රයෝජනයක් තිබෙනවා නම් ඒව ගැනත් ටිකක් හිතන්න, නැත්නම් ඒ දේවල් නාභිගත කරන්න එපා.

හුඟක්ම ක්‍රීඩා වලට ඉහළ shutter speed එක් අවශ්‍ය වෙනවා. (අඩුම ගාණෙ f 1/500ක් වත්) ඒ නිසා, ඔබගේ කැමරාව shutter priority mode එකට දාන්න. එතකොට වටපිටාවෙ ආලෝකය වෙනස් උනත් ශටර වේගය වෙනස් වෙන්නෙ නැතුව කැමරාව මගින් නිරාවරණය වෙනස් කරල ඡායාරූපය ගන්නවා. ඔබේ කැමරාවේ Sport Mode එකකුත් තියෙන්න පුළුවන්, එසේනම් ඔබට පුළුවන් ඒක පාවිච්චි කරන්න උනත්.

ඔබ, බරින් වැඩි telephoto lens/wide-angle les භාවිතා කරනවා නම් Monopod එකක් භාවිත කරන එක ඉතාම පහසුවක් වේවි. (ත්‍රිපාදකයක් වගේම තමා නමුත් තියෙන්නෙ එක් පාදයයි.) Monopod එකක් භාවිතයේ වාසි මොනවද? ඉතාම සැහැල්ලුයි, නමුත් ත්‍රිපාදකයක් වගේම ස්ථාවරයි, සහ ඕනෙම තැනකට පහසුවෙන් හා වේගයෙන් රැගෙන යා හැකියි.

අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නවා නම් ශටර වේගය අඩු කරන්න බැරි නම්, ISO සංවේදිතාවය වැඩි කරන්න. හැබැයි ඒකෙන් ඡායාරූපයට noise එකක් එකතු වෙනවා කියලත් මතක තියාගන්න ඕනෙ. සමහර කැමරා sport mode එකේදි සැණෙලිය භාවිත කරන්න දෙන්නෙත් නෑ.

ක්‍රීඩකයින් චලනය වෙමින් ඉන්නවා නම් පහත දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වේවි.

  • කැමරාව continuous focus mode එකට දගන්න. ඒක, වේගයෙන් චලනයවන වස්තූන් නාභිගත කරගන්න පහසු කරනවා.
  • සමහර වෙලාවට මේ වගේ අවස්ථා වල auto focus වලට වඩා manual focus පහසු වෙන්න ඉඩ තියෙනව. Auto focus භාවිත කරන්න බැරි වෙන ඒ වගේ අවස්ථා වල manual focus භාවිත කරන්න.
  • කැමරාව හැම වෙලේම ක්‍රීඩකයාටම එල්ල කරගෙන කැමරාවත් චලනය කරන ගමන් නාභිගත කිරීම කරන්න. මේකට කියන්නෙ follow focus කියල.
  • ඔබට ඡායාරූප ගත කරන්න ඕනෙ අවස්ථාව සිදු වෙන ප්‍රදේශය ගැන අවබෝධයක් තිබෙනවා නම් එම ප්‍රදේශයට නාභිගත කරගෙන තියාගන්න. මේකට කියන්නෙ zone focus කියල. පහත ඡායාරූපය අරගෙන තියෙන්නෙ එහෙම කරලයි.

Image2.jpg

  • ක්‍රියාකාරකමත් එක්කම කැමරාවත් චලනය කරල ඡායාරූපය ගන්න, එතකොට ඡායාරූපයටත්, වස්තූන් චලනය වෙනවා කියන හැඟීම එකතු වෙනවා.

ක්‍රියාකාරකමේ අවස්ථා සියල්ල ගන්න බලාපොරොත්තු වෙනවා නම් continuous shooting mode එක තෝරාගන්න.

අමතක කරන්න එපා, ක්‍රීඩාව ආරම්භයට පෙර, සූදානම් වන අවස්ථාවේ, ක්‍රීඩාව අතරතුර වටපිටාව, නරඹන්නන්, ක්‍රීඩාව අවසානයෙන් පසු අවස්ථාත් ඡායාරූපයට නගන්න. සමහර වෙලාවට හොඳම ඡායාරූප ගන්න පුළුවන් ඒ අවස්ථා වල.

3 thoughts on “ක්‍රීඩා වල ඡායාරූප ගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *