ක්ෂිතිජය සෘජුව තබා ගන්න

සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට අපි ඒක සෘජුව ගන්නව. නිර්මාණාත්මක දෙයක් ගොඩනඟන්න ඕනෙ උනාම පොඩ්ඩක් ඇල කරල එහෙමත් ඡායාරූප ගන්නව. නමුත් ඔයාල ක්ෂිතිජය සහිත ඡායාරූපයක් ගන්නව නම් මම යෝජනා කරන්නෙ අනිවාර්යයෙන්ම ඒක සෘජුව ගන්න කියල, ඒ කිව්වෙ ක්ෂිතිජය ඡායාරූපයේ රාමුවට (තිරස් පැත්තට) සමාන්තරව එන විදිහට ඡායාරූපය ගන්න. ඔයාට ඕනෙ නෑ නෙ රාමුව තුළ තියෙන දේවල් රාමුවේ එක පැත්තකින් එලියට වැටෙන්න දෙන්න?

සාමාන්‍යයෙන් බොහොමයක් ඩිජිටල් කැමරා වල තියෙනව ග්‍රිඩ් එකක් ලබා ගැනීමේ පහසුකම. මෙ වගේ වෙලාවකට ඒක පාවිච්චි කිරීමෙන් ඔයාලගෙ වැඩ ගොඩක් පහසු වෙයි.

සමහර කැමරා වල තියෙනව Bubble Level එකක්. (අර මේසන් බාස්ල ගාව තියෙන්නෙ බිත්තිය, බිම ලෙවල්ද කියල බලන්න පාවිච්චි කරන ලෙවල් එක, අන්න ඒක වගේ ලෙවල් එකක්) ඒකෙන් පුළුවන් කැමරාව හරියටම තිරස්ව තියෙනවද කියල බලාගන්න. නැත්තම් එහෙම එකක් පිටින් සවි කරගන්නත් පුළුවන්. එහෙම එකකිනුත් ඔයාලට උදව් ගන්න පුළුවන්,

නැතිනම් ත්‍රිපාදකයක් භාවිත කරලත් මේ වැඩේ කරගන්න පුළුවන්.

Image6.jpg

කොහොම හරි, මේ කියන දේ කිරීම අනිවාර්ය දෙයක් නෙමෙයි, මොකද ඡායාරූප ශිල්පයේ තද නීති නෑ, තියෙන්නෙ රීති. රීති කියන ඒව ඕනෙ වෙලාවක කඩන්න, තමුන්ට ඕනෙ විදිහකට වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවක ඒ රීති වලම ඉන්න එක තමා හොඳම ඡායාරූපයක් ලබාගන්න තියෙන ක්‍රමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.