ආලෝකය සොයා යන්න

මේ ගැන මීට පෙරත් එක ලිපියකින් ටිකක් පැහැදිලි කළා මතකයි, නමුත් ආපහු ඒකට තව විස්තර ටිකක් එකතු කරන්න හිතුව.

නිරාවරණයට අමතරව ආලෝකය කියන එක ගැන තවත් පැති වලින් බලන්න පුළුවන්, ඒ තමා දිශාව, තීව්‍රතාවය, වර්ණය, ආලෝකයේ තත්වය වගේ සාධක හරහා.

ඔබගේ ඡායාරූපයේ රාමුව තුළට මෙම ගුණාංග එකතු කර ගැනීමට මෙන්න මේ අදහස් ටික වැදගත් වේවි.

කාලය: ලස්සන ඡායාරූපයක් ගන්න දවසේ ඉතාම හොඳ කාලයන් තමයි, උදය හා හවස් වරුව. ඒ කාලය තුළ ආලෝකය උණුසුම් හා මෘදුයි. සෙවනැළි දිගු නිසා ඒවයිනුත් ඡායාරූපයට වෙන හානිය අඩුයි. දහවල් කාලයේ ආලෝකය පුළුවන් තරම් මග අරින්න. හිරු මගින් අවලස්සන සෙවණැලි ඇති කරනකොට ඔබගේ කැමරාවේ සැණෙලිය දල්වන්න අමතක කරන්න එපා. සමහරු හිතනව ඒක තියෙන්නෙ මේ අඳුරු අවස්ථාවන් වලට භාවිතා කරන්න, කරුවල වෙලාවල් වල ඡායාරූප ගන්න කියල. ඒක සම්පූර්නයෙන්ම වැරදියි. මේ වගේ අවස්ථා වලට ඒක හුඟක් ප්‍රයෝජන්වත් වෙනවා.

කාළගුණය: වළාකුළු වලින් අහස පිරුනු කාළගුණයන් ඡායාරූප ගැනීමට කදිම පරිසරයක් ඇති කරනවා, විශේෂයෙන්ම පුද්ගල ඡායාරූප. මොකද කිව්වොත් ඒ වගේ වෙලාවලදි ආලෝකය සෞම්ය වගේම විසිරිලයි තියෙන්නෙ. බලන්න පහත ඡායාරූපය. මේක එවැනි අවස්තාවක ගත්තු එකක්.

Image2.jpg

දිශාව: පසුබිම් ආලෝකය (back light) එකකින් ඡායාරූපයක්ට කලාත්මක අගයක් එකතු කරන්න පුළුවන්. බලන්නකො පහත ඡායාරූපය. උදේ පාන්දර හෝ හවස් වරුවක වගේ, ආලෝකය වැටෙන්නෙ ඇලයට. ඒකෙන් ඉතා දිගු සෙවණැළි ඇති කරනවා. හැබැයි මතක තියා ගන්න, කැමරාවෙ කාචය මතට ආලෝකය වැටෙන්න නොදී තියා ගන්න.

Image3.jpg

වර්ණය: දහවල් ආලෝකය සුදු පැහැතියි. හවස් වරුවේ ආලෝකය කහ තැඹිළි පැහැතියි, ඒක උණුසුම්. (චිත්‍ර ඉගෙනගෙන තියෙන අය දන්නව ඇතිනෙ, රතු කහ උණුසුම් වර්ණ, නිල් කොළ සිසිල් වර්ණ කියල). උදයේ ආලෝකය හා අඳුරු ස්ථාන වල ආලෝකය නිල් පැහැතියි, සහ ඒක සිසිල්. ඒ නිසා ඡායාරූපයට අවශ්‍ය ගුණය ඇති කරන්න ගැළපෙන වර්ණ ඇති වෙන විදිහට ඡායාරූප ගන්න. මේ දවසේ අවස්ථාම විතරක් නෙමෙයි, ඔබට පුළුවන් කැමරාව හරහා හෝ පරිගණකය තුළින් ඡායාරූපයට ඒ අදාල අදහස දැක්වෙන විදිහට වර්ණයක් යොදාගන්න. උදාහරණයක් කිව්වොත් මේ ඉහළ තියෙන ඡායාරූපයම ගමුකෝ. ඒකෙ තියෙනව උණුසුම් වර්ණ, ඒ වර්ණ මගින් ඡායාරූපය තුළ ක්‍රියාකාරිත්වය ඉස්මතු කරල දක්වනවා. එහෙමම අනිත් පැත්තට, ඡායාරූපය තුළ නිල් වර්ණය තිබුනොත් එහි වස්තූන්ට සාමකාමී උදාසීන ගතියක්ටැමගින් එකතු කරනවා.

නිර්මාණාත්මක: ඡායාරූපයක් ගන්නකොට ආලෝකය මගින් නිර්මාණාත්මක බවක් එකතු කරගන්න පුළුවන්. අර ඉස්සෙල්ල කිව්ව වගේ ඡායාරූපය තුළ හැඟීමක් ඇති කරන්න, ඇසට ගමන් කරන්න මාර්ගයක් (leading lines) සපයා දෙන්න, වගේ දේවල් ආලෝකය හරහා කරගන්න පුළුවන්. විවිධාකාරයේ කෝණ භාවිතා කරන්න, ඒ හරහා ආලෝකය පාලනය කරල, කලාත්මක නිර්මාණයක් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *