“ආලේඛ්‍ය ඡායාරූපකරණය”

“ආලේඛ්‍ය ඡායාරූපකරණය” නැත්තම් අපි කවුරුත් දන්න “පෝට්රේට් ෆොටෝග්‍රැපි”

පෝට්රේට් මේ මගේ ප්‍රියතම මාතෘකාව වීම නිසා මේ ගැන වැඩිදුර හදාරන්න මම පෙළඹිලා ඉන්නවා. අද මම උත්සාහ කරන්නේ මට ඉගන ගන්න ලැබුන පෝට්‍රේට් කරද්දී සාර්ථක ඡායාරූප ශිල්පියෙක් භාවිතා කරන සරළ නමුත් ගොඩක් වැදගත් රහස් කිහිපයක් හදුන්වා දෙන්න…….

විශේෂයෙන්ම මේ ලිපිය සැකසීමේදී ගොඩක්ම මගේ පෞද්ගලික අත්දැකීම් පදනම් කරගත්තු බව සදහන් කරන්න අවශ්‍යයි. මෙහි එන ඇතැම් කාරණා විදෙස් ප්‍රවීනයන් විසින් රචිත පොත පතෙහි එන ඇතැම් කාරණාත් සමග මතභේදයට තුඩුදෙන අවස්ථා හමුවෙන්නත් පුළුවන්. නමුත් මේ හැම කාරණයක්ම මම අත්දැකීමෙන් සපථ කරගත් කරුණු බැවින් ඒවා වෙනුවෙන් වගකීමෙන් පෙනී සිටින්නත් මම සූදානම්.

01. (බහු නාභි ලක්ෂ )Multi Focus Point භාවිතා කරන්න එපා

පොට්රේට් කරනකොට සෑම විටම එක ෆෝකසින්ග් පොයින්ට් (Single AF Point) එකක්ම පාවිච්චි කරන්න වග බලා ගන්න. නැත්තම් ඇසක් ෆෝකස් කරන්න බලාපොරොත්තුවෙන ඔබ පින්තූරය ද්‍රවස්තතික පුවර්වෙන් (LCD ඩිස්ප්ලේ) බලද්දී වරදක් නොපෙනෙන්නට පුලුවන් නමුත් පරිගණකයෙන් බලද්දී බලාපොරොත්තුවන පින්තූරය ඇස ෆෝකස් නොවී නොතිබෙන්න පුලුවන්. ඒ වගේම අරමුණට ඉදිරියෙන් ඇති වෙනත් බාධක සැමවිටම නාභිගතවෙන ගැටලුව එන්න පුලුවන්.

****තවත් ගොඩක් දෙනෙක් නොදන්න වැදගත්ම රහසක් තමා කැමරාවක ඔටෝ ෆෝකස් හොදම ප්‍රතිඵල දෙන්නේ මධ්‍ය නාභි ලක්ෂයේ දී (Center Focusing Point) බව. කැමරාවක කොච්චර ෆෝකසින්ග් පොයින්ට් තිබුනත් සෙන්ටර් ෆෝකසින්ග් පොයින්ට් එක තරම් වේගවත් සහ තියුණු නාභිගත වීමක් වෙන කිසිම එකකින් බලාපොරොත්තුවෙන්න එපා.****

ඒ වගේම අමතක කරන්න එපා වැරදිලා වත් පෝට්රේට් කරන කිසිම අවස්ථාවක AI Focusing, AI Servo පාවිච්චි කරන්න එපා. Single Shot AF පමනක් භාවිතා කර ඇසට නාභිගත කර ෆෝකසිනග් ලොක් කර ඔබට අවශ්‍ය රාමුව සකසාගන්න.ඔබගේ දර්ශන කවුලුව (වීව් ෆයින්ඩර්) එක තුලින් පැහැදිලිව දකින්න පුලුවන් නම් ශ්‍රමායික නිභිගත කිරීම වඩාත් ප්‍රතිඵල දායකයි. ඇමචර් DSLR කැමරාවල වීව්ෆයින්ඩරයේ විශාලනය මද බව නිසා තියුනු ෆෝකස් කිරීමක් සදහා මැනුවල් භාවිතා කිරීම අපහසුයි.

මගේ හිත මිත්‍ර දක්ෂ අත්දැකීම් බහුල මංගල ඡායාරූප ශිල්පියෙක් ගේ, මම දැකපු රහසක්.

**** සූම් කාචයකින් පෝට්රේට් කරනකොට සැම විටම උපරිම සූම් කර (ටෙලි එන්ඩ්) ඔටෝ ෆෝකස් කරනවා. ඉන්පසු ඔටෝ ෆෝකසින්ග් සුවිච් ඔෆ් කර නැවත සූම් අවුට් කර තමුන්ට අවශ්‍ය ෆ්‍රේම් එක සකසනවා.****

02. සැම විටම ඇසක් නාභි ගත කරන්න

පොට්රේට් පින්තූරයක “ඇස් දෙක කියන්නේ මනසට විවරවූ දෙරටුව” ලෙස කියමනක් තියෙනවා. විශේෂ අවස්ථාවකදී වෙනත් අරමුණක් ඉස්මතු කරන්න අවශ්‍ය වුවහොත් හැර සෑම විටදීම ඇස් නාභිගත කරන්න අපි කටයුතු කරනවා. 

අඩු ඩෙප්ත් එකක(අඩු ක්ෂේත්‍ර ගැඹුරක) වැඩ කරනකොට හැම වෙලාවෙම අපි කැමරාවට වඩාත්ම ලග ඇස නාභිගත කරනවා. එමගින් කම්මුලට නාභිගත වීමෙන් සමේ රළු ගතිය වැඩිපුර පේන දෝශය මගහරවා ගන්න පුලුවන්. (පෝට්රේචර් වැනි පසුසැකසුම ෆිල්ටර් පලගින්ස් අවශ්‍ය නොවේ) 

(50mm 1.8EF) 2.5f  1/80s ISO 200 Non Flashed Indoor Defused Day light (Canon40D)

03.  උපරිම විශාල කාච විවරයක් භාවිතා කරන්න

සැම විටම අපිට භාවිතා කරන්න පුලුවන් උපරිම ඕපන් කාච විවරයක් භාවිතා කිරීමෙන් ඩෙප්ත් එක අඩු වෙන නිසා සමේ සුමුදු බව මතු කරන්න (රළු බව වහන්න) වගේම පසුබිමත් පහසුවෙන් බොඳ කිරීමට හැක…. එමගින් අරමුණ කැපී පෙනෙන අතර වැඩිපුර ආ‍ලෝකය භාවිතා කිරීමටද සිදු නොවේ….විශේෂයෙන්ම සාර්ථක ආලේඛ්‍ය ඡායාරූප ශිල්පීන් මේ සදහා 1.4f, 1.8f සහ2.8f වැනි විශාල කාච විවර ඇති ලෙන්ස් පාවිච්චි කරනවා. නමුත් වයසක මුහුණක රළු බව පෙන්වන්න අවශ්‍ය නම් මේ කරුණ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.

(නමුත් ෆැෂන් ෆොටෝග්‍රැපි සහ යුවලක පින්තූර ගැනීමේදී වගේම අපිට අරමුණ සම්පූර්ණයෙන්ම නාභිගත කිරීමට අවශ්‍ය විටකදී විශාලම කාච විවරයක් භාවිතා කිරීම සාපේක්ෂව වෙනස් වෙන්න පුලුවන්.)

04. කිසිම දිනක වයිඩ් හෝ නෝමල් ලෙන්ස් එකක් භාවිතාකර පොට්රේට් කරන්න එපා.
සෑම විටම දුරරූප කාච (ටෙලිලෙන්ස්) භාවිතා කරන්න. APS-C කැමරාවක නම් 50mm හෝ ඊට වැඩි කාචත් ෆුල් ෆ්‍රේම් කැමරාවක් නම් 85mm හෝ ඊට වැඩි කාචත් පොට්රේට් කිරීමේදී හොඳ ප්‍රතිඵල දෙනවා.

වයිඩ් ලෙන්ස් එකක පින්තූර ගැනීමෙන් ඔබ අරමුණට මඳක් පහත් වුනොත් බෙල්ල හෝ පහල කොටස විශාල වී පේන්නත්, මඳක් ඉස්සුනොත් හිස විශාලා වී පේන්නත්, නහයට ලම්භකව හිටියොත් නහය විශාල වී පේන්නත් වැනි කාච දෝෂ පැන නගින්න පුලුවන්.
 (නමුත් එවැනි විකෘතින් කලාත්මකව භාවිතාවෙන අවස්ථාත් තිබෙන බව අමතක කරන්න එපා)

වයිඩ් ලෙන්ස් එකක කරපු මේ පින්තූරේ බැලුවාම පේනවා  ඇඟේ හැඩය විකෘති වෙලා පේන හැටි. අත පහළ කොටස සාපේක්ෂව ගොඩක් විශාලයි.

(18~55 3.5-5.6VR) Wide end 18mm f9 1/60s Nikon D60 ISO 400 තනි ඩිෆියුස් කරපු ස්ලේව් බල්බ් එකක් පාවිච්චි කරලා මේ පින්තූරේ කලේ.

ඒ වගේම දුර රූප කාචවල තවත් විශේෂයක් තමයි ශේත්‍ර ගැඹුර (ඩෙප්ත් එක) අඩු වීම. ඒ නිසා ඒකත් අපිට ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට 70~200mm 2.8 කාචයකින් අපට මීටර් තුනක් දුරින් සිටින අරමුණට පිටුපසින් මීටර් දෙකක් දුරින් ඇති පරිසරය හදුනාගන්න බැරි තරමටම ශේත්‍ර ගැඹුර අඩු කරන්න පුලුවන්. ඒවගේම දුර රූප කාච වල දර්ශන කෝණය අවම ‍වීමත් තවත් එක වැදගත් පහසුවක්.

Canon 1100D  70~300EF     F 5.6   1/400s   ISO 100  (Focal Length 140mm) Pic By RazelRazlan

(මේ පිටුපස තියෙන්නේ කුණු කසල පිරුනු පරිසරයක්. නමුත් දුර රූප කාචයක ඩෙප්ත් එක අඩු කම නිසා අපිට පින්තූරෙට කිසිම හානියක් ඒතුලින් සිදුවෙලා නෑ. මීට වඩා කාච විවරය විශාල ලෙන්ස් එකක් වුනා නම් මෙයිට වඩා ප්‍රතිඵල ගන්න තිබුනා. ඒ වගේම මීගමුව වෙරළ තීරය කියන්නේ මිනිසුන් ගොඩක් ගැවසෙන තැනක් නමුත් දර්ශන කෝණය අඩු වීම නිසා ඒ ගැටලුවත් මගහැරුණු බව කියන්න ඕන)

පොට්රේට් පින්තූර ගන්න දැනට මම භාවිතා කරලා තියෙන හොඳම කාච පෙළ නම් කරන්න කැමතියි……..
50mm 1.4f,
50mm 1.8f,
85mm 1.8f,
100mm 2.8f,
70~200mm 2.8.

කැනන් ද? නිකෝන් ද? අහන්න එපා. මේ දෙකෙන්ම මම වැඩකරනවා බොහොමයක් ලෙන්ස් දෙවර්ගයම පාවිච්චි කරලා තියෙනවා. වර්ගය කුමක් වුනත් මේ ලෙන්ස් පරාසයන් පෝට්රේට් වලට ගොඩක් හොඳයි. මීට අමතරව 90mm 1.8f සහ 105mm 2.8f වගේ ප්‍රයිම් ටෙලි ලෙන්ස් පෝට්රේට් කරන ශිල්පීන් පාවිච්චි කරනවා. නමුත් අවාසනාවකට මට තාම එම අවස්ථාව උදාවෙලා නෑ.

ගොඩක් වෙලාවට පෝට්රේට් කරන්න ප්‍රයිම් ලෙන්ස් භාවිතා කරන්න උත්සාහ කරන්න.
ප්‍රයිම් ලෙන්ස් එකක සූම් (යුහුමු කාච) ලෙන්ස් එකකට වඩා විශාල ඇපචර් එකක් හැම වෙලාවකම දකින්න පුලුවන්. ඒ පහසුකම පොට්රේට් කරනකොට ගොඩක් වැදගත්. ඒ වගේම ප්‍රයිම් ලෙන්ස් හැමවෙලාවකම සූම් ලෙන්ස් එකකට වඩා හුඟක්ම තියුණු රූප දෙන්න සමත්. ලෝකයේ වැඩියෙන්ම පෝට්රේට් කරන්න භාවිතා කරපු ලෙන්ස් හැටියට 85mm 1.8f & 105mm 2.8f බව පොත පතේ සදහන්.

05. ශ්‍රමායික ශ්වේත තුලනය නැත්තම් මැනුවල් වයිට් බැලන්ස්.

පින්තූරයක නිවැරදි වර්ණ වගේම හරිම අනාවරණය ගන්න නම් මැනුවල් වයිට් බැලන්ස් කරන්න ඕනමයි කියන තැන මම ඉන්නවා. මැනුවල් වයිට් බැලන්ස් පෝට්රේට් කරද්දී නම් ඉතාම වැදගත්. නැති නම් ස්කින් ටෝන් එක හදන්න වෙනම මහන්සි වෙන්න වෙනවා. ඒත් පරිගණකයෙන් පින්තූරයක් අතගාන්න අතගාන්න ඒකේ ගුණාත්මයට විශාල ලෙස හානි වෙන නිසා සැම විටම කැමරාවේ කාච තුළින්ම අවසන් කරන්න වග බලාගන්න ඕන. 

Nikon D60 (18~55 3.5-5.6VR )  F 5.3 1/60s ISO 400 Flash SB 600 Manual 1/8 Bounced

සුදු සිවිලිමක් සහ සුදු බිත්තියක් ඇති කාමරයක කරපු පින්තූර කිහිපයක්

ඔබට පෙර පින්තූරයෙන් පැහැදිලි ඇති නිවැරදි ශ්වේත තුලනය කරාම පින්තූරේ ඔවර් එක්ස්පෝස්  වෙලා බව. එයට හේතුව නිවැරදිව ශ්වේත තුලනය කලාම නිවැරදි අනාවරණය ගන්න පුලුවන් වීම. මෙහි නිවැරදි අනාවරණය මෙයිට වඩා ස්ටොප් එකක් පමන අඩු වෙන්න ඕන. නමුත් එකම සෙටින්ග්ස් වල පින්තූර කලේ නියැදියක් ලෙස දක්වන්න ඕන නිසා.

මීට වඩා සාක්ෂි අවශ්‍ය වෙන්නේ නෑ ඉහත කරුණ සනාත කරන්න.

****පෝට්රේට් කිරීමේදී ලෝකය පිලිගත් වඩාත්ම සාර්ථක වයිට්බැලන්ස් ක්‍රමය එක්ස්පෝ ඩිස්ක් එකක් භාවිතා කරන එක.****
නැති නම් ග්‍රේ කාඩ් (අළු පත) භාවිතා කරන්නත් පුලුවන්.
මේ දෙකම නැති කෙනෙක්ට සුදු A4 කොළයකින් වුනත් ප්‍රයෝජන ගන්න පුලුවන්.
(කෙල්වින් වයිට් බැලන්ස් ක්‍රමය තමයි මම මේතාක් වෘත්තීය ජීවිතේදී භාවිතා කළේ. එය බොහෝදුරට සාර්ථක නමුත් අළුත් අත්දැකීම් හේතුවෙන් ඉදිරියේදී පෝට්රේට් කි‍රීමේදී නම් ඒක එක්ස්පෝඩිස්ක් ක්‍රමයට මාරු වෙයි)

06.  කිසිම විටකදී කැමරාවට ෆ්ලෑෂ් ගන් එකක් සවිකරන්න එපා.

අද මංගල ඡායාරූපකරණය කරන බොහෝ නවකයන් කැමරාවට ෆ්ලෑෂ් ගන් එක සවිකරගෙන ඔහේ පින්තූර ගන්නවා දකින්න පුලුවන්. නමුත් ඒ මගින් පින්තූරයට සිදුවන හානිය කියා නිම කරන්න බෑ. ඔබට ඇති එකම එක ෆ්ලෑෂ් ගන් එක වුනත් එයට වයර්ලස් රේඩියෝ ටිගර් උපකරනයක් භාවිතා කර ඔබේ සහයකයා අතට දෙන්න. ඒමගින් ඔබගේ අරමුණ වඩාත් සාර්ථකව අවශ්‍ය පරිදි ආලෝකවත් කරගන්න ඔබට පුලුවන්. කැමරාවෙන් පිටතට ෆ්ලෑෂ් එක ගෙන යාම මගින් අලෝකය පැමිණෙන කෝණය සහ තීව්‍රතාවය ඔබට පහසුවෙන් වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම සෙවණැල්ල පින්තූරයෙන් දුරකට ගෙනියන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා.

(ප්‍රාථමික රේඩියෝ ට්‍රිගර් උපකරණයක් රුපියල් 3500ක් වගේ මිලකට ගන්න පුලුවන්)

****මම දකින විදිහට නිවැරදි ආ‍ලෝකකරණය කියන්නේ පෝට්රේට් එකක හදවත. මම එළිමහන් පෝට්රේට් කරන ඇතැම් අවස්ථාවල මගේ සහයකයා කැමරාව පරිහරණය පිළිබධ හොද විශ්වාසයක් ඇති විටක කැමරාව ඔහු අතට දෙන්නත් ලයිට් එක මගේ අතට ගන්නත් මම පෙළඹෙනවා. ඒ මගින් පහසුවෙන් මට නිරූපණ ශිල්පියා හෝ මගේ සේවාදායකයා මෙහෙයවන්නත් , මගේ හිතේ ඇති ආලෝක පාලනය සිදුකරන්නත් මට පුලුවන්කම ලැබෙනවා. කිසිම ගැටලුවක් නැතිව මට පුලුවන් කැමරාව අතැති සහයකයට මට අවශ්‍ය රූප රාමුව පෙන්නලා දීලා අවශ්‍ය අනාවරණ අගයන් කියන්න.****

D60 18~55Kit lensතනි SB 600 ස්පීඩ් ලයිට් එකක් Godox CT 4 රේඩියෝ ටිගර් උපකරණයක් මගින් කැමරාවට සම්භන්ධ කර ඇත.  (මේ පින්තූරය මම ෆේස් බුක් එකෙන් උපුටා ගත්තු එකක් .)

07.
කිසිම විටක ඩිරෙක්ට් ෆ්ලෑෂ් කරන්න එපා.

කවදාකවත් පෝට්රේට් කරනකොට පාලනය නොකල ආලෝකයක් මූණට එල්ල කරන්න එපා. අපිට පුලුවන් ඒ සදහා කුඩා පරාවර්තකයක් හදාගන්න. නැතිනම් ඩිෆියුසර් ඕනෑතරම් මිලදීගන්න විවිධ මාදිලි වලින් තිබෙනවා.
ඉහත රූපයේ මගේ අදහසක් අනුව හදපු ෆොටෝ පේපර් එකක් දෙකට නමලා අලවලා Bounce Plate එකක් ලෙස මාස්කින් ටේප් ආධාරයෙන් සම්බන්ධ කර ආලෝකය මෘදු විසිරි ආලෝකයක් ලෙස භාවිතා කර ඇත. මෙය මගේ අත්දැකීම අනුව අන් මිල අධික සොෆ්ට් බොක්ස්, ඩිෆියුසර් කප් වලට වඩා බොහොම සාර්ථක ක්‍රමයක්.

08. හැකි සෑම විටම පිරවුම් ආලෝකයක් (Fill Light) භාවිතා කරන්න

ඔබගේ පින්තූරයට කී ලයිට් එකට (ප්‍රධාන ආලෝක ප්‍රභවය) අමතරව තවත් පිරවුම් (ෆිල් ලයිට් ) ආලෝකයක් වෙනත් කෝණයකින් භාවිතා කරන්න. ඒ මගින් සෙවණැලි වල ගහණතාව අඩු කරගන්නට වගේම ඒකාකාර ආලෝකය ගලායන ස්වභාවය හොඳින් පාලනය කරගන්නත් පුලුවන්.

එළිමහන් පින්තූර කරන විට හිරු එළිය කී ලයිට් වන අවස්ථාවක පෙර සඳහන් කරපු රේඩියෝ ට්‍රිගර් සවි කරපු තනි ෆ්ලෑෂ් එක වුවත් ෆිල් ලයිට් එක ලෙස භාවිතා කරන්න පුලුවන්.
එසේ නැත්නම් පරාවර්ථක පුවරුවක් (රිෆ්ලෙක්ටර් බෝඩ්), හෝ ආදේශකයක් විදිහට සුදු රිජිෆෝම් බෝඩ් එකක් වුනත් මේ සදහා පාවිච්චි කරන්න පුලුවන්.

****දැන් පෝට්රේට් ලයිට් කරන්න අලුත්ම නැඹුරුව තමයි Portable LED ලයිට්ස්. ****

-මගේ අත්දැකීම අනුව එය වඩාත් කුඩා බර අඩු පහසුවෙන් දිවා ආලෝකයත් සමග වර්ණ උෂ්ණත්ව ගැටලුවකින් තොරව රිෆ්ලෙක්ටර් ‍බෝඩ් එක වෙනුවට සාර්ථකව භාවිතා කරන්න පුලුවන්.
-එළිමහනේ රිෆ්ලෙක්ටර් බෝඩ් භාවිතා කරනකොට හිරු රශ්මිය දෙගුණ වීම නිසා නිරූපණ ශිල්පියා හෝ සේවා දායකයා අපහසුවට පත්වීම මෙයින් වැලකේ.
-ඒ වගේම විසිරි හිරු එළිය ඇති සෙවණක පරාවර්ථක පුවරු අසාර්ථකයි.
-රිෆ්ලෙක්ටර් බෝඩ් පාවිච්චියේදී 90%ක් අවස්ථාවල අපිට පාවිච්චි කරන්න වෙන්නේ අරමුණට පහලින් (ලෝ ඇන්ගල්) මේ මගින් ඇතිවෙන ගෝස්ට් ලයිට් ඉෆෙක්ට් එක අප නොසිතුවාට විශාල හානියක් පින්තූරේට කරන්න සමත්.
-ටංග්ස්ටන් වීඩියෝ ලයිට් සමග වුවත් වර්ණ උෂ්ණත්වය ගැළපීමට පහසුවෙන් පෙරණ භාවිතා කරන්න අපිට LED ලයිට්ස් සමග පුලුවන්.
-ඒ වගේම වැඩි බැටරි ආයුකාලය, පහසු මිල ෆ්ලෑශ් රිෆ්ලෙක්ටර් මෙන් ඇසට අපහසුවක් නැතිවීම වාසියක්

09. හැකි සෑම විටම බැක් ලයිට් එකක් හෝ රිම් ලයිට් එකක් පාවිච්චි කරන්න.

පෝට්රේට් පින්තූරයක් හැමවෙලාවකම ත්‍රිමාණ පෙනුමක් ගන්න නම් රිම් ලයිට් එකක් පාවිච්චි කරන්නම වෙනවා. ඒ තුලුන් පසුබිමෙන් අරමුණ කැපී පෙනන ස්වභාවයක් එන අතරම පින්තූරයට ලොකු ගැඹුරක් එකතුවෙනවා.
එහෙම නැත්තම් ස්ටූඩියෝ පින්තූර කරද්දී ඔබට පුලුවන් ආලෝකයක් පසුබිමට එල්ල කරන්න . එමගින් රිම් ලයිට් එකට වෙනස් නමුත් පසුබිමෙන් වෙන්වුන සෙවනැලි නොමැති ස්වරූපයක් පින්තූරයට එකතුවෙනවා.

එළිමහන් පෝට්රේට් පින්තූර කරන්න විශේෂයෙන් දැනගත යුතු කරුණු

a. අවම ISO අගය භාවිතා කිරීම.

සැම විටම එළිමහන් පින්තූර කිරීමේදී පවතින ආලෝකය ගැන අවධානය යොමු කරන්න වෙනවා. හිරු රශ්මියෙන් අහස පිච්චීයාම (වයට් බර්න්) වීම ගොඩ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. ඒ දේම හිරු එළිය ඇති විට මුහුදු තීරයේ හෝ ජලාශයක් අසල පින්තූර ගැනීමේදී වතුර දැඩිලෙස වයට් බර්න් වීම දකින්න පුලුවන්. ඒක මගහරවා ගන්න  ශටර් වේගය 1/250ට වඩා වැඩිකරන්න අපට අපහසුයි ක්ෂණික ආලෝක පාවිච්චි කරන වෙලාවට. අපිට කරන්න පුලුවන් හොදම විසඳුම තමයි කැමරාවේ ඇති අඩුම ISO අගය භාවිතා කිරීම.

b. අනාවරණය සැමවිටම පවතින ආලෝකයට අනුව සැකසීම.

එළිමහන් පොට්රේට් එකක් කරනකොට පෙර කී අහස වයිට් බර්න් වී‍මේ විකෘතිය මගහරවා ගන්න අපිට තවත් වැදගත් දෙයක් තමයි නිවැරදිව අනාවරණය පාලනය කිරීම. මෙහිදී අපිට පුලුවන් කැමරාවෙන්ම සපයා ඇති ආලෝක මානයෙන් යම් අවබෝධයක් ගන්න. ඔබ රූගත කරන අරමුණ ලොකේෂන් එකට ගන්න කලින් පින්තූරයට එන රාමුව කැමරාවෙන් සකසාගෙන සමස්ථ රූප රාමුවම ගණනය කරන ආකාරයට Average Metering ආ‍ලෝක මානය සකසාගෙන නිවැරදි අනාවරණ අගය ගන්න. දැන් එක ස්ටොප් එකකින් අනාවරණය අඩු කරන්න. ෆ්ලෑෂ් කර හෝ වෙනත් ආලෝක ප්‍රභව භාවිතා කර අරමුණ ලයිට් අප් කර පින්තූරය ගන්න. ඔබට පසුබිමත් අරමුණත් දෙකම හොඳ අණාවරණයක් ලැබෙන බව වටහාගත හැක. නමුත් ලෝ කී, හයි කී වගේ පින්තූර කරනවා නම් මේ ක්‍රමය වෙනස් වෙනවා… 

c. සැමවිටම ලෙන්ස් හුඩ් එකක් පාවිච්චි කරන්න

සැම විටම ලෙන්ස් එකට අනුමත කර තිබෙන නිවැරදි ලෙන්ස් හුඩ් එක භාවිතා කරන්න පුරුදු  වෙන්න. එළිමහනේ පින්තූර කි‍රීමේදී හිරු එළියත් එක්ක ද්‍රවස්තතික පුවර්වෙන් (LCD ඩිස්ප්ලේ) මගින් හරියටම පින්තූරේ දකින්න අපහසුයි. මේ නිසා ඔබ නොදැනුවත්ව බාහිරින් ආපු ආ‍ලෝකයක් නිසා පින්තූරේ ඔබට නොදැනම හානි පැමිණිලා තිබෙන්න පුලුවන්.

ඒවගේම මතක තියාගන්න ද්‍රවස්ථිතික පුවරුවෙන් (LCD ඩිස්ප්ලේ) ඇත්තේ ඔබට පින්තූරය පිළිබඳ දළ අදහසක් ගන්න විතරයි. ඔබ එයින් දකින පින්තූරය අවසාන ප්‍රතිඵලය නොවේ.
මේ ගැන කියන්න කාරණා බොහොමයි. ඒ ගැන මතුව බලාපොරොත්තු වෙන්න….

13 thoughts on ““ආලේඛ්‍ය ඡායාරූපකරණය”

  • September 4, 2012 at 12:56 pm
    Permalink

    pattai machan…elamakiri…godaaak watina lipiyak..thanx machan…

    Reply
  • September 6, 2012 at 3:38 pm
    Permalink

    Lipiye watinakama kiyala nimakaranna ba……. sahenna deyak igenagatta ….godak sthuthiyi…….

    Reply
  • October 6, 2012 at 10:02 am
    Permalink

    Aththatama niyamai.. me wage site ekaka aduwa godak durata thibuna. dan ekata wisaduma thiyanawa. Thanks……….

    Reply
  • February 25, 2013 at 5:59 pm
    Permalink

    thank you machao.thava post danna.ela

    Reply
  • May 5, 2014 at 5:34 pm
    Permalink

    thank you very very much

    Reply
  • July 18, 2015 at 10:48 pm
    Permalink

    හරිම වැදගත් ෙතාරතුරු ටිකක්,
    ෙෙෙ ෙබාෙහාම ස්තුතියි

    Reply
  • August 7, 2015 at 11:28 am
    Permalink

    matanam godak de therenne naha [mama photograppy kerala naha] namuth meka patta ma patta lipiyak….thanks machan niyama sevayak keranne!!!!

    Reply
  • October 7, 2015 at 10:37 am
    Permalink

    I’m a Beginner. I cant understand everything that u mention. but I got a print copy of this and I hope to refer it more. Thanks a lot..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *