අවස්ථානුකූලව නිවැරදි ඡායාරූපයක් ලබා ගැනීම

Correct Photographing

සමහරවිට, ඔබ ඔබගේ කැමරාව මිලදී ගත්තෙ, යම් සුවිශේෂී කරුණකට වෙන්න පුළුවන්. නමුත්, ඔබ ලස්සන පරිසරයකට, පවුලෙ අය එක්ක, පොඩි උන් එක්ක ගියාම, ඒ විශේෂ කරුණ මග ඇරල, එම අවස්ථාවේදී මේ කැමරාවෙන්ම ඡායාරූප ගන්න යොමු වෙනවා. නැතිනම් වෙනත් විශේෂ අවස්ථාවකදී හෝ ලස්සන දෙයක් ඇස ගැටුනම හෝ, ඔබ ඡායාරූපයක් ගන්න පෙළඹෙනවා. එහෙත් ඔබටම තේරුම් යනවා ඇති මේ එක එක අවස්ථා වලදී ඡායාරූපයක් ගත යුතු ආකාරයේ යම් යම් වෙනස්කම් තිබෙනව කියල.

ඉදිරි ලිපි කිහිපයේදී අන්න ඒ අවස්ථා වලදී මොනවගේ ක්‍රියාමර්ග අනුගමනය කළ යුතුද, ඉතා කලාත්මක හා ලස්සන ඡායාරූපයක් ගන්නෙ කොහොමද කියන එක සම්බන්ධ සරළ දැනුමක් ලබා දෙන්නයි මේ ලිපි කිහිපය හරහා බලාපොරොත්තු වෙන්නෙ.

මම මෙතනදි වැඩිපුරම බර කරන්නෙ Digital Photography පැත්තට. Digital Photography වල තිබෙන ලොකුම දේ තමා, වියදම ගැන, ඡායාරූපය ගත් පසු ගතයුතු අනෙකුත් ක්‍රියාකාරකම් ගැන ඔබට වද වෙන්න දෙයක් නෑ. ඒක නිසා එක එක විදිහෙ පරීක්ෂණ කරල බලන්න අමතක කරන්න එපා. ඔබේ හිතේ තියෙන කලාත්මක අදහස් වලට එලියට එන්න දෙන්න. අන්තිමට වැඩක් නැති ඡායරූප ටික මකල දාන්න.

හැබැයි මේකත් කියන්න ඕනෙ, පරීක්ෂණ කළාට, හරියකට ඡායාරූපයක් ගන්න හැටි ඉගෙන ගන්න ඕනෙ, සමහරෙක් කියන්න පුළුවන් ඒක කෙනෙක්ගෙ ඇඟේම තියෙන හැකියාවක් කියල, ඇත්ත, සමහරුන්ට ඒ හැකියාව හා ඒ කලාත්මක ඇස තිබෙනව, නමුත් ඒක නැති අයට ඒක ලබා ගන්න පුළුවන්. තව දෙයක්, මොන digital camera ආවත් හරියටම ඡායාරූපකරණය කියන එක ඇඟට දැනෙන්නෙ, Analog කැමරාවක් භාවිතා කරනකොටයි.

ඒ කතා ඇති. ඉදිරියට එන්න තියෙන ලිපි වල මොන තියේවිද කියල පොඩ්ඩක් බලමු.

  • පුද්ගල ඡායාරූප ගැනීම
  • කණ්ඩායම් ඡායාරූප
  • සතුන් ඡායාරූපගත කිරීම
  • ක්‍රීඩා ඡායාරූපකරණය
  • පරිසරය
  • රාත්‍රී ඡායාරූප
  • නරක කාළගුණයක් ඇති විට ඡායාරූප ගැනීම
  • ආහාර වල ඡායාරූප
  • සාද හා මඟුල් උත්සව

මේ දේවල් එකිනෙකට වෙනස්, විශාල පරාසයන්ට විහිදිලා තිබෙන වෙන වෙනම ක්ෂේත්‍ර කියල කියන්න පුළුවන්. ඒ එක එක ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වෙන්නෙ බොහෝ අත්දැකීම් අවශ්‍ය වෙනවා. නමුත් ඒ ඒ ක්ෂේත්‍ර සඳහා මූලිකම දැනුමක් ලබා දීමටයි මෙම ලිපි හරහා උත්සාහයක් දරනු ලබන්නේ. මේ ලිපි වලට සහය වන ලිපි මීට පෙර පළවී තිබෙනව, ඒවායිනුත් උදව් ගන්න වෙයි, මේ ලිපි කියවනකොට.

7 thoughts on “අවස්ථානුකූලව නිවැරදි ඡායාරූපයක් ලබා ගැනීම

  • September 5, 2011 at 7:56 am
    Permalink

    ඔය කිවුව ඒවාට අමතරව දැන් Product Photography කියලා එකකුත් තියෙනවා නේද?

    Reply
    • September 5, 2011 at 9:42 am
      Permalink

      ඔව්. මට ඒක මේ ලිපියෙ මිස් වෙලා. වෙනත් ලිපියක මම ලියල තිබුන භාණ්ඩ ඡායාරූපකරණය ගැන. (වෙළඳ භාණ්ඩ)

      Reply
    • May 12, 2012 at 9:47 pm
      Permalink

      බොහොමම ස්තුතියි. 🙂 ලොකු ශක්තියක් මේ වගේ අදහස්.

      Reply
  • May 13, 2012 at 11:58 am
    Permalink

    Harima santhosai :wd:

    Reply
  • May 19, 2012 at 8:56 am
    Permalink

    නියමයි.දිගටම කරගෙන යමු…

    Reply
  • April 22, 2014 at 10:32 pm
    Permalink

    Godak watina wadak bohomathma sthuthi

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *